Sexpert

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 15 කොටස

සමාන සංයෝජනයන්හි(equal congress) ස්ත්‍රී-පුරුෂ රමණයන්හි දී දෙදෙනාටම ස්වාභාවික ඉරියව්වලින්ම වැතිර සිටීම සෑහේ.

මේ ලිපි පෙළ තුල ලිංගික ජීවිතයට අදාල වන කරුණු විවෘතව සඳහන් කෙරෙන බැවින් වයස අවුරුදු 18 ඉක්මවූ අය සඳහා යෝග්‍ය වේ.

සංස්කාරක සටහන : මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රයේ 1883 ශ්‍රීමත් රිචර්ඩ් බර්ටන් ගේ ඉංග්‍රීසි පරිවර්තනය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොකරන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් එලෙසම දැක්වීමට කටයුතු කරමු.

රමණයේ විවිධ ඉරියව් සහ වැතිර සිටින ආකාරයන්

රති ක්‍රීඩාවේදී ස්ත්‍රී-පුරුෂ දෙදෙනාගේ ගැලපීම් අනුව(ස්ත්‍රී-පුරුෂ නිමිතිවල ප්‍රමාණය, රාගික මට්ටම්, රති කෙලියේ යෙදිය හැකි ජවය සහ කාලය – මුලිකව නිමිතිවල ප්‍රමාණය අනුව) ඉහළ මට්ටමේ සංයෝජනයකදී(High congress) ම්‍රිගි(මුව දෙන) කාන්තාව වැතිරිය යුත්තේ සිය යෝනිය පුළුල්ව පවතින ආකාරයටය. ඒ ඇගේ යෝනියේ තරමට වඩා පුරුෂයාගේ ලිඟුව ප්‍රමාණයෙන් විශාල නිසා ඇතුළු කිරීමේ පහසුව පිණිසය. නමුත් පහල මට්ටමේ සංයෝජනයකදී(low congress) හස්තිනි කතක්(ඇතිනි) වැතිරිය යුත්තේ යෝනිය මදක් සංකෝචනය ව පවතින පරිදිය. මන්ද ඈ හා රමණයේ යෙදෙන පුරුෂයාගේ ලිඟුව, කාන්තාවගේ යෝනියේ තරමට සාපේක්ෂව කුඩා වුවත් දෙදෙනාටම ආශ්වාදයක් ලැබෙන පරිදිය. සමාන සංයෝජනයන්හි(equal congress) ස්ත්‍රී-පුරුෂ රමණයන්හි දී දෙදෙනාටම ස්වාභාවික ඉරියව්වලින්ම වැතිර සිටීම සෑහේ. වෙළඹ ස්ත්‍රිය සම්බන්දයෙන්ද ඉහත කරුණු එලෙසම වේ. කෙසේ වෙතත් පහල මට්ටමේ සංයෝජනයන්හි දී ස්ත්‍රීන් විශේෂ ඖෂධ භාවිතා කර ඔවුන්ගේ කාමුක හැඟීම් උද්දීපනය කර, ඉහල ආශ්වාදයක් ලබමින් ඉක්මණින් සුරතාන්තය ලඟා වන අයුරින් සිරුරු සකසා ගැනීම යෙහෙකි.

ම්‍රිගි(මුව දෙන) ස්ත්‍රීන් වැතිරෙන ආකාර 03කි. ඒවා නම්

01) පුළුල් ලෙස විවෘත ඉරියව්ව(The widely opened position) – ස්ත්‍රිය හිස පහතට සිටින සේ තබා ගෙන යටිකය ප්‍රදේශය ඔසවමින් දෙකලවා ප්‍රදේශ පුළුල්ව විහිදුවා පුරුෂ ලිඟුව ඇතුලත් කිරීමට පහසු අයුරින් යෝනි ප්‍රදේශය නිරාවරණය කරයි. පුරුෂයෙ ලිඟුව ප්‍රමාණයෙන් විශාල එකක් නම්(ඉහල ගණයේ සංයෝජනයක් නම්), ඇතුළු කිරීමේ පහසුව පිණිස යම් ලිහිසි ආලේපනයක් භාවිතය මැනවි.

02) විවර වුණු(නිරාවරිත ) ඉරියව්ව(Yawning position) – ස්ත්‍රිය දෙපා ඔසවා දෙකලවා උපරිමයෙන් දෙපසට විහිදුවා සංසර්ගය සඳහා යෝනි මුඛය සම්පූර්ණයෙන් විවර කර දෙයි.

03) ඉන්ද්‍රානි(ඉන්ද්‍රගේ භාර්යාව) ඉරියව්ව(Position of Indrani) – තරමක පුහුණුවකින් පසු නිරත විය යුතු ඉරියව්වකි. ස්ත්‍රිය දෙකලවා සම්පූර්ණයෙන් විහිදුවා, සිය පියයුරු මට්ටමට ම ඔසවා සංසර්ගයේ යෙදේ. පුරුෂයා දණ ගසන්නාක් මෙන් ඉරියව්වකින් සිට ඇගේ කෙණ්ඩා අත්වලින් ග්‍රහණය කරගනිමින් ලිඟුව ඇතුළු කරයි. උපරිම වින්දනයක් ලැබිය හැකි ඉරියව්වකි. ඉහල සංයෝජනයන් සඳහා ඉතා හොඳින් ගැළපෙන්නකි.

***පහල හෝ පහත්ම සංයෝජනයකදී ගැලපෙන ලිංගික ඉරියව් ලෙස හසුරු/ගාංචු ඉරියව්ව(Clasping position), සම්පීඩන ඉරියව්ව(pressing position), දඟර ඉරියව්ව(Twining position) සහ වෙළඹගේ ඉරියව්ව(Mare’s position) දක්වන්නට පුළුවන්.

01) හසුරු/ගාංචු ඉරියව්ව(Clasping position) – මෙහිදී ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයම දෙකකුල් දිගු කොට වැතිරිය යුතුය.සාමාන්‍යයෙන් ස්ත්‍රිය දකුණු පස ද, පුරුෂයා වම් පස ද සිටින සේ වැතිරෙන අතර, අවශ්‍ය නම් පුරුෂයාට ස්ත්‍රිය ගේ සිරුර මත වැතිරෙන්නට හැකිය.පාද මදක් විහිදුවා, පුරුෂ ලිඟුව යෝනිය තුලට ඇතුළු කර ගැනීමෙන් පසු පාද ලංකර තබා ගැනීමෙන් යෝනිය තුල පුරුෂ ලිඟුව තරමක පීඩනයක් යටතේ තබා ගත හැකිය.ඕනෑම වර්ගයක කාන්තාවකට ගැලපෙන මෙම ක්‍රමය විශේෂයෙන් ම ස්ත්‍රී ලින්ගුවට සාපේක්ෂව පුරුෂ ලිඟුව ප්‍රමාණයෙන් කුඩා විටෙක දෙදෙනාටම ඉහල ආශ්වාදයක් ලැබිය හැකි ක්‍රමයකි.

02) සම්පීඩන ඉරියව්ව(Pressing position) – හසුරු ඉරියව්වෙන් සංසර්ගය අරඹා ටික වෙලාවකින්, ස්ත්‍රිය සිය දෙකලවා මදක් විහිදුවා ඒවා මගින් පුරුෂයා තදින් වැළඳ ගනී. බත් කෙණ්ඩා මගින්ද පුරුෂයාගේ පාද ග්‍රහණය කරන අතර යෝනිය ඊට ඇතුළු කර ඇති පුරුෂ ලිඟුව වෙත තෙරපයි. මෙහිදී රිද්මයානුකූල චලනයේ යෙදෙන්නේ පුරුෂයා ය.

03) දඟර ඉරියව්ව( Twining position) – මෙහිදී ස්ත්‍රිය පුරුෂයාගේ පපු පෙදෙස තම පියයුරු මතට තෙරපවාගෙන අත්වලින් තදින් ග්‍රහණය කර ගනී. සිය කලවා පුරුෂයාගේ කලවා මතින් දමා තදින් වෙලා ගනී.

04)වෙළඹගේ ඉරියව්ව(Mare’s position) – මෙය බොහෝ ඉරියව් සමග පුහුණුවේ යෙදිය හැකි ක්‍රමයකි. ස්ත්‍රිය මනාව පිබිදුණු යෝනිය තුලට පුරුෂ ලිඟුව සම්පූර්ණයෙන් ඇතුළු කළ පසු යෝනි පේශි සංකෝචනය කරමින් පුරුෂ ලිඟුව චූෂණය කරන්නක් මෙන් ඒ වෙත පීඩනය යොදවයි. අන්ද්‍රා ප්‍රදේශයේ ස්ත්‍රීන් මෙය මානව ප්‍රගුණ කළ අයයි. මෙය පුරුෂයෙකුට රති ක්‍රීඩාවේ මහා ආස්වාදයක් ගෙන දෙන්නක් බැවින් මෙය පුහුණු කළ ස්ත්‍රිය හා සැතපෙන පුරුෂයින් ඈ වෙත ආශක්ත වනු නොඅනුමානය. රති කලාව මැනවින් පුහුණුව සැබෑ ස්ත්‍රී බවේ අංගයක් බැවින් සෑම ස්ත්‍රියකම මෙය හුරු පුරුදු කර ගැනීම යෙහෙකි. (ජීවිතය පිලිබඳ පුළුල් ඇසකින් බලන බටහිර රටවල කාන්තාවෝ Kegel අභ්‍යාසවල යෙදීම මගින් යෝනි පේශි ශක්තිමත්ව පවත්වා ගනිති. එවැන්නන් ට මෙම ඉරියව්ව ඉතා පහසු එකකි. එය කාන්තාවක ලෙස ලිංගික ජීවිතයේ මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට සහය වන්නකි. අප පෙර ලිපියකින් හඳුන්වා දුන් Perifit උපකරණයද මෙවැනි Kegel අභ්‍යාස වෙනුවෙන් යොදා ගන්නා නව නිෂ්පාදනයකි.)

මිලදී ගැනීමට පිවිසෙන්න : https://perifit.co/

***තවත් ඉරියව් කීපයක් ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

1 day ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

2 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago