කාමය ඇවිස්සුණු කල රති කෙලිය තුල සදාචාරයක්, සභ්‍යත්වයක් නොපවතී.පුරුෂයෙකු වේවා..ස්ත්‍රියක වේවා..සංසර්ගය සඳහා ශාරීරිකව සහ මානසිකව පිබිදුණු තැන පටන් එතෙක් වසා සිටි සදාචාරයේ දුහුල් සළුපිලි මුලිනුපුටා දමා සොබාදහමට අවනතව නග්න මානසිකත්වයකින් සොබා දහමේ තවත් එක් සත්ත්වයෙකු සේ ගිජු කමින් සොයා යන්නේ සුරතාන්තයයි(Climax).
***මේ ලිපි පෙළ තුල ලිංගික ජීවිතයට අදාල වන කරුණු විවෘතව සඳහන් කෙරෙන බැවින් වයස අවුරුදු 18 ඉක්මවූ අය සඳහා යෝග්‍ය වේ.
සංස්කාරක සටහන: මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රයේ 1883 ශ්‍රීමත් රිචර්ඩ් බර්ටන් ගේ ඉංග්‍රීසි පරිවර්තනය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොකරන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් එලෙසම දැක්වීමට කටයුතු කරමු.
***කාමසූත්‍ර ලිපි පෙළේ පළමු වැන්න කියවීමට මෙතැනින් පිවිසෙන්න – Click Here
***සංසර්ගයේ ඉරියව් පළමු වැනි කොටස කියවීමට – Click Here
***සංසර්ගයේ ඉරියව් දෙවැනි වැනි කොටස කියවීමට – Click Here
***සංසර්ගයේ ඉරියව් තුන්වැනි වැනි කොටස කියවීමට – Click Here
රති කෙලිය එක් ආකාරයක ද්වන්ද සටනක් ලෙස හැඳින්විය හැකිය. කාමය ඇවිස්සුණු කල රති කෙලිය තුල සදාචාරයක්, සභ්‍යත්වයක් නොපවතී.පුරුෂයෙකු වේවා..ස්ත්‍රියක වේවා..සංසර්ගය සඳහා ශාරීරිකව සහ මානසිකව පිබිදුණු තැන පටන් එතෙක් වසා සිටි සදාචාරයේ දුහුල් සළුපිලි මුලිනුපුටා දමා සොබාදහමට අවනතව නග්න මානසිකත්වයකින් සොබා දහමේ තවත් එක් සත්ත්වයෙකු සේ ගිජු කමින් සොයා යන්නේ සුරතාන්තයයි(Climax).
ප්‍රේමය පරම පිවිතුරු දෙයක් සේ සැලකේ. ඒ තුල ඇත්තේ මෘදු වදන් සහ මෘදු සන්තර්පණයන් පමණි. ප්‍රේමවන්තයින් දෙදෙනෙකු වේවා..යම් විශේෂ අහඹු අයුරකින් හෝ කාමොත්සවයකදී මුණ ගැසෙනා ස්ත්‍රීන් පුරුෂයින් වේවා..මේ කවුරුන් අතරත් සංසර්ගය ඇරඹෙන්නේ මෘදු අයුරිනි. නමුත් උද්දීපනයන් සමග මෘග ගති පහල වේ. එවිට පහර දීම්, දත් නිය පහර තැබීම් ආදිය සිදුවේ. මෙය සංසර්ගයට සුන්දරත්වයක් මිස අවැඩක් නම් නොකරයි.
පුරුෂ ලිඟුව යෝනිය තුලට ඇතුළු කර රමණයේ යෙදෙන අතරතුරදී උපරිම කාමෝද්දීපනයක් ලබා ගැනීමට, සුරතාන්තය ලඟා කර ගැනීමට ස්පර්ශ කළ යුතු, පහර දිය යුතු කාම නිල සිරුරේ ඇත. නිසි අයුරින් මෙම කාම නිල උද්දීපනයෙන් රති කෙළියේ උපරිම ආස්වාදය විඳීමට හැකි වනු ඇති. මෙම කාම නිල විවිධ ස්ත්‍රී-පුරුෂයින්ගේ විවිධ අයුරින් පිහිටිය හැකිය. නමුත් බහුතරයක් ලෙස ගත් කල, දෙඋර, ගෙල, හිස, දෙකන් පෙති, තට්ටම්, පියයුරු අතර මැද ප්‍රදේශය, තොල්, කලවා මුල්, ලිඟු ප්‍රදේශය, යටිබඩ ආදී ආකාරයෙන් වේ. මේ කාම නිල නිසි උද්දීපනයෙන් විශේෂයෙන්ම ස්ත්‍රියකට සංසර්ගයේ උපරිම සුඛාස්වාදය ලැබිය හැකිය. මේ නිල උද්දීපනය කරනුයේ ඒ වෙත කෙරන තෙරපුමක් නැතිනම් පහර දීමක් මගිනි. මෙවැනි පහර ආකාර 04කි.
01) පිටි අත්ලෙන් පහර දීම(Striking with the back of the hand)
02) හැකුලු ඇඟිලිවලින් පහර දීම(Striking with the fingers a little contracted)
03) මිට මොලවා පහර දීම(Striking with the fist)
04) විවෘත අත්ලෙන් පහර දීම(Striking with the open palm of the hand)
සංසර්ගයේ උච්ච අවස්ථාවන්හි, විශේෂයෙන් ම සුරතාන්තය ලඟා වන විට විවිධ වූ ශබ්ද නගනු ඇති. බහුලවම මෙය දකින්නට ලැබෙන්නේ කාන්තා පාර්ශවයෙනි.කෙඳිරිලි හඬ, විවිධ කුරුළු හඬ (පරෙවි, කුකුළු, ගිරා, මී මැසි,
ගේ කුරුළු, තාරා සහ වටු ආදී), තැටමීම් ආදී හඬ නංවනු ඇති. මේ හැරුණු විට ස්ත්‍රිය “ආහ්”, “අම්මේ” වැනි වචනද පැවසිය හැකිය.මින් ප්‍රකාශ වනුයේ සංසර්ගයෙන් ඇය ලබන මිහිරි වේදනාවන්, තෘප්තිමත් බව, පුරුෂයාගේ ඇසුරෙන් ඇය ලැබූ වින්දනය මිස අකැමැත්ත නම් නොවේ.
The sound Hin
The thundering sound
The cooing sound
The weeping sound
The sound Phut
The sound Phat
The sound Sut
The sound Plat
ස්ත්‍රිය පුරුෂයාගේ උකුල මතට පැමිණි කළ පිට, නිතඹ පෙදෙසට මිටින් පහරක් දිය යුතුය. එහිදී ඇයද නොමනාපයෙන් මෙන් ඔහුට පහර දෙනු ඇති.ඇගේ යෝනිය තුලට පුරුෂ ලිඟුව ඇතුළු කර රමණයේ යෙදෙන අතරතුරදී ඇගේ දෙපියයුරු අතර මැද ප්‍රදේශයට නිය පිටින් පහර දෙන විට ඇය උපරිම වින්දනයක් ලබන්නීය. රති කෙළිය අත්‍යන්තයකට ලඟා වන විට ඇගේ උකුල, කිහිලි ප්‍රදේශ වලට සියුම් පහර දිය යුතුය. එවිට ස්ත්‍රිය උපරිමයෙන් කාමොද්දීපනය වෙමින් රමණයේ නංවන හඬ පිට කරනු ඇති.
“පුරුෂයා සාමාන්‍ය ලෙස ස්වභාවයෙන් රළු සහ ආවේගශීලී බවක් ගනී. ස්ත්‍රිය බොහෝවිට එහි විරුද්ධ අන්තය පෙන්වයි.එනම් දුර්වල බව, මෘදු මොලොක් ගති, සංවේදී බව සහ අප්‍රසන්න දෙයින් ඉවත් වීම ඇගේ ලක්ෂණ වනු ඇති. නමුත් රමණයේ උච්ච අවස්තාවේදී මේ ගති ලක්ෂණ හාත්පස ප්‍රතිවිරුද්ධ වීමට ඉඩ නැත්තේ නොවේ. දෙදෙනාගේ ස්වභාවයන් සම වනු ඇති. කාමයෙන් අවදි වුණු ස්ත්‍රිය බිහිසුණු, ආවේගශීලී ලෙස හැසිරීමටද හැකිය. නමුත් නැවත යථා ස්වභාවයට පත් වුණු පසු සාමාන්‍ය අයුරින් හැසිරෙනු ඇති.”
“ස්ත්‍රියගේ ළයෙහි කුඤ්ඤය ද, හිසෙහි කතුරක් ද, දෙකම්මුල් හි තියුණු සැත් ද, දෙපියයුරුවල දඬු අඬු දෙකක් ද, ආදී ආයුධ ගැලපෙනු ඇත. මේ ආයුධ සංසර්ගයේ දී පුරුෂයින් පරිහරණය කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙනි. පහර දීමේ ද ප්‍රවේශමෙන් කළ යුතුය.පංචාල රජු රමණයේ දී මාධවසේනා නම් නගරශෝබිණිය කුඤ්ඤයෙන් මරා දමා ඇත. කුන්ටාලයේ ශාතවාහන සිය අග බිසව වූ මලයවතීගේ දිවි කතුරකින් අහිමි කර ඇත. අත කොර වූ නරදේව තියුණු සැත වැරදි ලෙස භාවිතයෙන් නාටිකාංගනවකගේ දෑස් අහිමි කර ඇත.”
කෙසේ නමුදු මේ පිලිබඳ න්‍යායාත්මක කරුණු සෑම විටම ප්‍රායෝගික වන්නේ ද නැත.සංවාසය ඇරඹුණු පසු, අනුරාගය ඇවිස්සුණු කල න්‍යාය පසෙක තබා ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයම ආවේගශීලී වන්නට පුළුවන. ප්‍රතිපල දෙදෙනා නොසිතු අයුරු විය හැකිය. ආලයෙන් ඇරඹුන ද සුරතාන්තය ලඟා කර ගැනීමේදී දෙදෙනාම තවත් සොබා දහමේ සතුන් දෙදෙනෙකු පමණි. ඒ නිසා සමහර ක්‍රියාවන්ගේ ප්‍රතිපල සුමිහිරි මෙන්ම සමහරක් අමිහිරි වන්නට ද හැකිය. ඒ කෙසේද යත් සිය වේගයේ පස්වන මට්ටමට එළඹී සෛන්ධවයා(උසස් කුලයේ අශ්වයා) මග වල ගොඩැලි ගැන තැකීමකින් තොරව දිව යන්නාක් මෙනි. නමුත් මනාව හික්මවා ගත් ගත සිත ඇත්තා වූ, එකිනෙකා මැනවින් වටහා ගත්තා වූ ස්ත්‍රී-පුරුෂයින් විසින් රති ක්‍රීඩාව දෙදෙනාටම සුඛාස්වාදය දෙන්නක් ලෙස විඳීම යාපත් වේ. ඒ නිසා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම කාම ශාස්ත්‍රය මැනවින් ප්‍රගුණ කිරීම යහපති.
Cover Photo by Alexander Krivitskiy from Pexels
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…