Sexpert

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 19 කොටස

කාමය ඇවිස්සුණු කල රති කෙලිය තුල සදාචාරයක්, සභ්‍යත්වයක් නොපවතී.පුරුෂයෙකු වේවා..ස්ත්‍රියක වේවා..සංසර්ගය සඳහා ශාරීරිකව සහ මානසිකව පිබිදුණු තැන පටන් එතෙක් වසා සිටි සදාචාරයේ දුහුල් සළුපිලි මුලිනුපුටා දමා සොබාදහමට අවනතව නග්න මානසිකත්වයකින් සොබා දහමේ තවත් එක් සත්ත්වයෙකු සේ ගිජු කමින් සොයා යන්නේ සුරතාන්තයයි(Climax).

***මේ ලිපි පෙළ තුල ලිංගික ජීවිතයට අදාල වන කරුණු විවෘතව සඳහන් කෙරෙන බැවින් වයස අවුරුදු 18 ඉක්මවූ අය සඳහා යෝග්‍ය වේ.

සංස්කාරක සටහන: මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රයේ 1883 ශ්‍රීමත් රිචර්ඩ් බර්ටන් ගේ ඉංග්‍රීසි පරිවර්තනය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොකරන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් එලෙසම දැක්වීමට කටයුතු කරමු.

***කාමසූත්‍ර ලිපි පෙළේ පළමු වැන්න කියවීමට මෙතැනින් පිවිසෙන්න – Click Here

***සංසර්ගයේ ඉරියව් පළමු වැනි කොටස කියවීමට – Click Here

***සංසර්ගයේ ඉරියව් දෙවැනි වැනි කොටස කියවීමට – Click Here

***සංසර්ගයේ ඉරියව් තුන්වැනි වැනි කොටස කියවීමට – Click Here

රති ක්‍රීඩාවේදී එක් එක් ස්ත්‍රී-පුරුෂයින්ට උචිත හැසිරීම්(කලහයන් හා ශබ්ද නැගීම්)

රති කෙලිය එක් ආකාරයක ද්වන්ද සටනක් ලෙස හැඳින්විය හැකිය. කාමය ඇවිස්සුණු කල රති කෙලිය තුල සදාචාරයක්, සභ්‍යත්වයක් නොපවතී.පුරුෂයෙකු වේවා..ස්ත්‍රියක වේවා..සංසර්ගය සඳහා ශාරීරිකව සහ මානසිකව පිබිදුණු තැන පටන් එතෙක් වසා සිටි සදාචාරයේ දුහුල් සළුපිලි මුලිනුපුටා දමා සොබාදහමට අවනතව නග්න මානසිකත්වයකින් සොබා දහමේ තවත් එක් සත්ත්වයෙකු සේ ගිජු කමින් සොයා යන්නේ සුරතාන්තයයි(Climax).

ප්‍රේමය පරම පිවිතුරු දෙයක් සේ සැලකේ. ඒ තුල ඇත්තේ මෘදු වදන් සහ මෘදු සන්තර්පණයන් පමණි. ප්‍රේමවන්තයින් දෙදෙනෙකු වේවා..යම් විශේෂ අහඹු අයුරකින් හෝ කාමොත්සවයකදී මුණ ගැසෙනා ස්ත්‍රීන් පුරුෂයින් වේවා..මේ කවුරුන් අතරත් සංසර්ගය ඇරඹෙන්නේ මෘදු අයුරිනි. නමුත් උද්දීපනයන් සමග මෘග ගති පහල වේ. එවිට පහර දීම්, දත් නිය පහර තැබීම් ආදිය සිදුවේ. මෙය සංසර්ගයට සුන්දරත්වයක් මිස අවැඩක් නම් නොකරයි.

පුරුෂ ලිඟුව යෝනිය තුලට ඇතුළු කර රමණයේ යෙදෙන අතරතුරදී උපරිම කාමෝද්දීපනයක් ලබා ගැනීමට, සුරතාන්තය ලඟා කර ගැනීමට ස්පර්ශ කළ යුතු, පහර දිය යුතු කාම නිල සිරුරේ ඇත. නිසි අයුරින් මෙම කාම නිල උද්දීපනයෙන් රති කෙළියේ උපරිම ආස්වාදය විඳීමට හැකි වනු ඇති. මෙම කාම නිල විවිධ ස්ත්‍රී-පුරුෂයින්ගේ විවිධ අයුරින් පිහිටිය හැකිය. නමුත් බහුතරයක් ලෙස ගත් කල, දෙඋර, ගෙල, හිස, දෙකන් පෙති, තට්ටම්, පියයුරු අතර මැද ප්‍රදේශය, තොල්, කලවා මුල්, ලිඟු ප්‍රදේශය, යටිබඩ ආදී ආකාරයෙන් වේ. මේ කාම නිල නිසි උද්දීපනයෙන් විශේෂයෙන්ම ස්ත්‍රියකට සංසර්ගයේ උපරිම සුඛාස්වාදය ලැබිය හැකිය. මේ නිල උද්දීපනය කරනුයේ ඒ වෙත කෙරන තෙරපුමක් නැතිනම් පහර දීමක් මගිනි. මෙවැනි පහර ආකාර 04කි.

01) පිටි අත්ලෙන් පහර දීම(Striking with the back of the hand)
02) හැකුලු ඇඟිලිවලින් පහර දීම(Striking with the fingers a little contracted)
03) මිට මොලවා පහර දීම(Striking with the fist)
04) විවෘත අත්ලෙන් පහර දීම(Striking with the open palm of the hand)

සංසර්ගයේ උච්ච අවස්ථාවන්හි, විශේෂයෙන් ම සුරතාන්තය ලඟා වන විට විවිධ වූ ශබ්ද නගනු ඇති. බහුලවම මෙය දකින්නට ලැබෙන්නේ කාන්තා පාර්ශවයෙනි.කෙඳිරිලි හඬ, විවිධ කුරුළු හඬ (පරෙවි, කුකුළු, ගිරා, මී මැසි,
ගේ කුරුළු, තාරා සහ වටු ආදී), තැටමීම් ආදී හඬ නංවනු ඇති. මේ හැරුණු විට ස්ත්‍රිය “ආහ්”, “අම්මේ” වැනි වචනද පැවසිය හැකිය.මින් ප්‍රකාශ වනුයේ සංසර්ගයෙන් ඇය ලබන මිහිරි වේදනාවන්, තෘප්තිමත් බව, පුරුෂයාගේ ඇසුරෙන් ඇය ලැබූ වින්දනය මිස අකැමැත්ත නම් නොවේ.

The sound Hin
The thundering sound
The cooing sound
The weeping sound
The sound Phut
The sound Phat
The sound Sut
The sound Plat

සංසර්ගයේදී පහර තුලින් ස්ත්‍රියක උද්දීපනය වන අයුරු

ස්ත්‍රිය පුරුෂයාගේ උකුල මතට පැමිණි කළ පිට, නිතඹ පෙදෙසට මිටින් පහරක් දිය යුතුය. එහිදී ඇයද නොමනාපයෙන් මෙන් ඔහුට පහර දෙනු ඇති.ඇගේ යෝනිය තුලට පුරුෂ ලිඟුව ඇතුළු කර රමණයේ යෙදෙන අතරතුරදී ඇගේ දෙපියයුරු අතර මැද ප්‍රදේශයට නිය පිටින් පහර දෙන විට ඇය උපරිම වින්දනයක් ලබන්නීය. රති කෙළිය අත්‍යන්තයකට ලඟා වන විට ඇගේ උකුල, කිහිලි ප්‍රදේශ වලට සියුම් පහර දිය යුතුය. එවිට ස්ත්‍රිය උපරිමයෙන් කාමොද්දීපනය වෙමින් රමණයේ නංවන හඬ පිට කරනු ඇති.

Photo by Alexander Krivitskiy from Pexels

ස්ත්‍රී-පුරුෂ ගතිස්වාභාවය පිලිබඳ මෙවැන්නක් සඳහන් වෙයි.

“පුරුෂයා සාමාන්‍ය ලෙස ස්වභාවයෙන් රළු සහ ආවේගශීලී බවක් ගනී. ස්ත්‍රිය බොහෝවිට එහි විරුද්ධ අන්තය පෙන්වයි.එනම් දුර්වල බව, මෘදු මොලොක් ගති, සංවේදී බව සහ අප්‍රසන්න දෙයින් ඉවත් වීම ඇගේ ලක්ෂණ වනු ඇති. නමුත් රමණයේ උච්ච අවස්තාවේදී මේ ගති ලක්ෂණ හාත්පස ප්‍රතිවිරුද්ධ වීමට ඉඩ නැත්තේ නොවේ. දෙදෙනාගේ ස්වභාවයන් සම වනු ඇති. කාමයෙන් අවදි වුණු ස්ත්‍රිය බිහිසුණු, ආවේගශීලී ලෙස හැසිරීමටද හැකිය. නමුත් නැවත යථා ස්වභාවයට පත් වුණු පසු සාමාන්‍ය අයුරින් හැසිරෙනු ඇති.”

“ස්ත්‍රියගේ ළයෙහි කුඤ්ඤය ද, හිසෙහි කතුරක් ද, දෙකම්මුල් හි තියුණු සැත් ද, දෙපියයුරුවල දඬු අඬු දෙකක් ද, ආදී ආයුධ ගැලපෙනු ඇත. මේ ආයුධ සංසර්ගයේ දී පුරුෂයින් පරිහරණය කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙනි. පහර දීමේ ද ප්‍රවේශමෙන් කළ යුතුය.පංචාල රජු රමණයේ දී මාධවසේනා නම් නගරශෝබිණිය කුඤ්ඤයෙන් මරා දමා ඇත. කුන්ටාලයේ ශාතවාහන සිය අග බිසව වූ මලයවතීගේ දිවි කතුරකින් අහිමි කර ඇත. අත කොර වූ නරදේව තියුණු සැත වැරදි ලෙස භාවිතයෙන් නාටිකාංගනවකගේ දෑස් අහිමි කර ඇත.”

කෙසේ නමුදු මේ පිලිබඳ න්‍යායාත්මක කරුණු සෑම විටම ප්‍රායෝගික වන්නේ ද නැත.සංවාසය ඇරඹුණු පසු, අනුරාගය ඇවිස්සුණු කල න්‍යාය පසෙක තබා ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයම ආවේගශීලී වන්නට පුළුවන. ප්‍රතිපල දෙදෙනා නොසිතු අයුරු විය හැකිය. ආලයෙන් ඇරඹුන ද සුරතාන්තය ලඟා කර ගැනීමේදී දෙදෙනාම තවත් සොබා දහමේ සතුන් දෙදෙනෙකු පමණි. ඒ නිසා සමහර ක්‍රියාවන්ගේ ප්‍රතිපල සුමිහිරි මෙන්ම සමහරක් අමිහිරි වන්නට ද හැකිය. ඒ කෙසේද යත් සිය වේගයේ පස්වන මට්ටමට එළඹී සෛන්ධවයා(උසස් කුලයේ අශ්වයා) මග වල ගොඩැලි ගැන තැකීමකින් තොරව දිව යන්නාක් මෙනි. නමුත් මනාව හික්මවා ගත් ගත සිත ඇත්තා වූ, එකිනෙකා මැනවින් වටහා ගත්තා වූ ස්ත්‍රී-පුරුෂයින් විසින් රති ක්‍රීඩාව දෙදෙනාටම සුඛාස්වාදය දෙන්නක් ලෙස විඳීම යාපත් වේ. ඒ නිසා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම කාම ශාස්ත්‍රය මැනවින් ප්‍රගුණ කිරීම යහපති.

Cover Photo by Alexander Krivitskiy from Pexels

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

7 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

7 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

7 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago