Sexpert

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 20 කොටස

රමණයේ දී ස්ත්‍රියට පුරුෂ භූමිකාව වෙත ප්‍රවේශ වීම දෙයාකාරයකින් සිදු කළ හැකිය.

***මේ ලිපි පෙළ තුල ලිංගික ජීවිතයට අදාල වන කරුණු විවෘතව සඳහන් කෙරෙන බැවින් වයස අවුරුදු 18 ඉක්මවූ අය සඳහා යෝග්‍ය වේ.

සංස්කාරක සටහන: මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රයේ 1883 ශ්‍රීමත් රිචර්ඩ් බර්ටන් ගේ ඉංග්‍රීසි පරිවර්තනය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොකරන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් එලෙසම දැක්වීමට කටයුතු කරමු.

***කාමසූත්‍ර ලිපි පෙළේ පළමු වැන්න කියවීමට මෙතැනින් පිවිසෙන්න – Click Here

***සංසර්ගයේ ඉරියව් පළමු වැනි කොටස කියවීමට – Click Here

***සංසර්ගයේ ඉරියව් දෙවැනි වැනි කොටස කියවීමට – Click Here

***සංසර්ගයේ ඉරියව් තුන්වැනි වැනි කොටස කියවීමට – Click Here

ස්ත්‍රිය සහ පුරුෂයා විසින් එකිනෙකාගේ චරිත ආරෝපණය කර ගැනීම

පුරුෂ පාර්ශවය ඕනෑම අවස්ථාවක සුළු වේලාවක් තුල රති ක්‍රීඩාවට එළඹිය හැකි කොට්ඨාශයකි. නමුත් ස්ත්‍රිය එසේ නොවේ. ස්ත්‍රිය පුරුෂයා තරම් පහසුවෙන් ලිංගික එකතුවකට සූදානම් නොවනවා සේම පුරුෂයා තරම් පහසුවෙන් උපරිම ආශ්වාදය ලබමින් සුරතාන්තයට පත් වන්නේ ද නොවේ. පුරුෂයා සුළු වෙලාවකින් තම සුරතාන්ත අදියරට එළඹෙනවා සේම ඒකාකාරී සංසර්ග ක්‍රියා තුලින් අතෘප්තිමත් වන්නට ද හැකිය. නමුත් කාම ශාස්ත්‍රය මැනවින් ප්‍රගුණ කළ ගැහැණියක මේ බව මනා සේ වටහා ගෙන වෙනස් අත්දැකීමක් ලබා දීමට පුරුෂයාගේ භූමිකාව ස්ත්‍රියට රඟ දැක්විය හැකිය. පුරුෂයා තමා මතට නැගී ක්‍රියාකාරී වන්නා සේ ස්ත්‍රියට ද පුරුෂයා මතට නැගී ක්‍රියාකාරී භූමිකාවට පිවිසිය හැකිය. එය දෙදෙනාටම නවමු අත්දැකීමක් වනු ඇති.

රමණයේ දී ස්ත්‍රියට පුරුෂ භූමිකාව වෙත ප්‍රවේශ වීම දෙයාකාරයකින් සිදු කළ හැකිය.

01) සාමාන්‍ය ආකාරයෙන් පුරුෂයා විසින් සංසර්ගය ආරම්භ කළ පසු මද වෙලාවකට පසු ස්ත්‍රිය හැරී පුරුෂයා මතට නැගී එම ක්‍රියාව එලෙසම පවත්වා ගෙන යා යුතුය. ස්ත්‍රිය යෝනිය තුලින් පුරුෂ ලිඟුව පිටතට යා නොදී පුරුෂයා පෙරලාගෙන ඔහු මතට නැගී සිය සිරුර චලනය කරමින් ලිඟුව, සිය යෝනිය තුල චලනයේ තබා ගත යුතුය. පුරුෂයා පුරුෂ ලිඟුවෙන් සිය යෝනිය පෙලන්නාක් මෙන් සිය යෝනියෙන් පුරුෂ ලිඟුව පේළිය යුතුය. සිය යෝනි පේශි මගින් පුරුෂ ලිඟුව තෙරපමින් එය පෙලිය යුතුය. මෙය බොහෝ විට පුරුෂ පාර්ශවයට මහා ආශ්වාදයක් ලබා දෙනු ඇති.

02) නැතිනම් සංසර්ගයේ ආරම්භයේ පටන් ම එහි වඩා ක්‍රියාකාරී, ප්‍රචණ්ඩ ස්වභාවයේ භූමිකාව ස්ත්‍රිය ට ආරෝපණය කර ගත හැකිය. සමහර ස්ත්‍රීහු උපරිම ආශ්වාදයක් ලබන්නේ මේ අයුරෙනි(female dominance – විශේෂයෙන් ම BDSM ක්‍රියාකාරකම්වල දැකිය හැකි). සංසර්ගය ආරම්භ කරන්නෙත්, එය පවත්වාගෙන යන්නෙත් ස්ත්‍රිය විසිනි. පුරුෂයා මතට නැගෙන ඇය පුරුෂයාගේ සිරුර පිරිමැදීම, ලිඟුව පිරිමැදීම, චුම්බනයන්(kissing), නිය, දත් පහර දීම්, හිසකෙස්, රෝම කඩා දැමීම්, ලැම, ගෙල පෙදෙස උරා බීම ආදී දේ සිදු කරයි. තමා විසින්ම පුරුෂ ලිඟුව සිය යෝනියට ඇතුලත් කරන ඇය විසින්ම රිද්මයානුකූල චලනය ද සිදු කරයි. තම පියයුරු පුරුෂයාගේ ළයට තෙරපමින්, තමාගේ කෙස් වැටිය කඩා දමමින්, රාගික සිනාවෙන් සිය සහකරු කුල්මත් කරන ඇය සරාගී දඟකාරි ස්වභාවයකින් හැසිරෙයි.

පුරුෂයෙකුගේ කාර්ය භාරය

සංවාසයේ දී සිය සහකාරිය තෘප්තිමත් කිරීම සඳහා පුරුෂයින් විසින් කරන දෑ පුරුෂයෙකුගේ කාර්ය භාරය ලෙස හැඳින් වේ. කාන්තාව සාමාන්‍යයෙන් රති කෙළියේදී කුලෑටි බවක් පෙන්වයි. ලජ්ජාශීලී බවක් පෙන්වයි. ඇය රති ක්‍රීඩාවේ යම් දුරක් උත්තේජනය වන තෙක් කැඳවා යාම පුරුෂයා සතු වගකීමකි. මිහිරි සිතිවිලි සහිතව සිටියා වුව ද කාන්තාව එය ඍජුව නොපෙන්වනු ඇති. එවැනි කාන්තාවකගේ සළු එකින් එක උනා දැමීම පුරුෂයාගේ කාර්යයකි. මණි මේඛලාව(අතීතයේ ධනවත් කතුන් භාවිත කළ අවසන් යට ඇඳුම – හැඩයෙන් වර්තමාන යට ඇඳුම්වලට-Panty සමාන වන අතර මැණික් වලින් අලංකාර කර ඇත්තෙකි) ද ඉවත් කොට ඇය නිරුවත් කළ පසු සිප ගනිමින්, කාම නිල පිරි මදිමින් ඇය උත්තේජනය කිරීම කළ යුතුය. කාන්තාව පළමු වරට ලිංගික අත්දැකීමක් ලබන්නියක් නම් ඉතා ලජ්ජාශීලී බවක් පෙන්වනු ඇති. යම් තිගැස්මකින් සිටිනු ඇති. ඇගේ පියයුරු සිපිමින්, මිරිකමින්, තන පුඩු උරා බොමින් ඇය උත්තේජනය කළ යුතුය. මෙය යම් ඉවසීමකින් කළ යුත්තකි. ඇගේ කලවා මුල්, යෝනිය ස්පර්ශ කිරීමෙන්, සිප ගැනීමෙන් ඇගේ කුලෑටි ගති ඉවත් කර පිබිදීමේ අදියරට(Arousal Phase) ගෙන යාහැකි වන අතර ඉන් පසු ඇය සක්‍රීය ලෙස රමණයට සම්බන්ද වනු ඇති.

***වැඩි විස්තර ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න.

***කාම සූත්‍රය හුදෙක් ලිංගික අත්පොතක් පමණක් නොවේ. ඉන් ජීවිතය ගොඩ නගා ගැනීමට ලබා දෙන පාඩම් රැසක් ද ඇත. අවාසනාවට පුහු ඊනියා සභ්‍යත්වයක් විසින් මේ උසස් පෙරදිග ඉගැන්වීම් අසභ්‍ය ගණයට දමා වත්මන් සමාජයෙන් බැහැර කර ඇත. කාම සූත්‍රයේ රහස් ගැන කතා කෙරෙන podcast පෙළ පහත දැක්වේ.

අපේ YouTube channelඑක SUBSCRIBE කරන්න අමතක කරන්න එපා.
Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

14 hours ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

2 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago