Sexpert

සැබෑ ගණිකාව කවුද?

මේ මම අද ඔයාලට කියන සූ සැට කලාවන් නැතිනම් හැට හතර කලාවන් කියන්නෙත් ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට වැදගත් වන්නක්. වාත්ස්‍යනයන් විශේෂයෙන් ම සඳහන් කරන්නේ මේ කලාවන් සෑම ගැහැණියක විසින්ම හැදෑරිය යුතු බවත් මේවා ප්‍රගුණ කළ අයෙක් ඇත්නම් ඇය දක්ෂ, පරිපූර්ණ ගැහැණියක වන බවත් ය.

පසුගිය podcast එකෙන් මම ඔයාලට පුංචි හැඳින්වීමක් කළා පෙරදිගින් බිහිවුණු අපූරු දායාදයක් ගැන. ඒ වාත්ස්‍යනයන් රචනා කළ පෙරදිග මහා කාම ශාස්ත්‍ර ග්‍රන්ථය වන කාම සුත්‍රය ගැන. ලෞකික ජීවිතය සැපවත්, ලස්සන එකක් කරගන්න වැදගත් කරුණු රැසක් මෙහි අන්තර්ගත වන බව මම ඔයාලට සඳහන් කළා.ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ ජීවිතයට වැදගත් වන කරුණු කීපයක් ගැන. ඒ තමයි සෑම අයෙකුම ප්‍රගුණ කළ යුතු, විශේෂයෙන් ම පරිපූර්ණ ගැහැනියක වීමට ජීවිතයට එකතු කර ගත යුතු සූ සැට කලාවන්. මෙය සූ සැට කාම කලාවන් ලෙසත් හඳුන්වනවා.

කාම වචනය ඇසුණු ගමන් ඔයාලට හිතෙන්න පුළුවන් මේ කාම කලාවන් කියන්නේ රති ක්‍රීඩාව හා සම්බන්ද දෙයක් කියලා. නැහැ. මේ කාම කියන්නේ ලෞකික ජීවිතය හා සම්බන්ද වන්නක්. රතිය එහි එක් පුංචි කොටසක් විතරයි. මේ මම අද ඔයාලට කියන සූ සැට කලාවන් නැතිනම් හැට හතර කලාවන් කියන්නෙත් ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට වැදගත් වන්නක්. වාත්ස්‍යනයන් විශේෂයෙන් ම සඳහන් කරන්නේ මේ කලාවන් සෑම ගැහැණියක විසින්ම හැදෑරිය යුතු බවත් මේවා ප්‍රගුණ කළ අයෙක් ඇත්නම් ඇය දක්ෂ, පරිපූර්ණ ගැහැණියක වන බවත් ය.  කන්‍යාවන් භද්‍ර යෞවනයට පිවිසෙන විට කාම ශාස්ත්‍රය සේම මේ සූ සැට කලාවන් ප්‍රගුණ කළ යුතු බව වාත්ස්‍යයන පවසනවා. කාලයත් සමග පුංචි පුංචි වෙනස්කම් තිබුණත් මේ සිව් සැට කලාවන් අදටත් වලංගු, වටිනා දේවල්.

යෞවනියක විසින් මේ සිව් සැට කලාවන් ප්‍රගුණ කිරීමට තෝරා ගත යුතු අය හය දෙනෙකු ගැනකාම සුත්‍රයේ සඳහන් වනවා. ඒ තමාගේ කිරි මවකගේ දියණියක්, දැඩි විශ්වාසයක් තැබිය හැකි මිතුරියක්, තමාට කිට්ටු වයසක පුංචි අම්මා කෙනෙක්, තමා හා සමීප වයස්ගත සේවිකාවක් හෝ පරිබ්‍රාජිකාවක්, තමාගේ වැඩිමහල් සහෝදරියක් යන අයගෙන් කෙනෙක්. මේ අය පුරුෂයන් හා සංවාසයේ අත්දැකීම් ඇති අයවලුන් විය යුතු බව වාත්ස්‍යයන පවසනවා.මේ කරුණ මගින් අපට වටහා ගත හැක්කේ එකල සමාජයේ කාම ශාස්ත්‍රය, ලිංගික අධ්‍යාපනය වැනි දෑ තරුණ පරපුරට නිසි වයසේ දී ලබා දීමට ක්‍රම වේද තිබුණු බවයි. නිසි වයසේදී මේ දැනුම ලැබීමෙන්, ප්‍රගුණ කිරීමෙන් ලෞකික ජීවිතයේ සුඛාස්වාදය ලැබීමට හැකි වනවා සේම සමබර දිවි පෙවෙතක් ගත කළ හැකි බව පැරැන්නන් ගේ ඉගැන්වීම වුණේ.

ජීවිතයට මෙතරම් වටිනා දෙයක් විදියට කාම සූත්‍රයේ සඳහන් කර ඇති සිව් සැට කලා මොනවාද කියා බලමු. මේ සිව් සැට කලාවල පරිපූර්ණ දැනුමක් සඳහා අවශ්‍ය සියලු ඉගැන්වීම් ඇතුලත් වුණා. මම මේ video එකේ පහල දමා ඇති link එකෙන් ඔයාලට මේ සිව් සැට කලා ගැන සවිස්තරාත්මක ලිපියක් කියවන්න පුළුවන්.

ප්‍රධානවම ගණිතය, විද්‍යා විෂයයන් වගේම චිත්‍ර කලාව, නර්තනය, ගායනය, වාදනය, රංගනය ආදී සෞන්දර්යය විෂයයන් මීට ඇතුලත් වුණා. කාන්තාවක් ලෙස ගෘහ කටයුතු වෙනුවන් පුහුණු කළ යුතු දැනුම, නිවෙස් අලංකරණය, රූපලාවන්‍ය දැනුම, සූප ශාස්ත්‍රය, මැහුම් ගෙතුම් විවීම් මේ අතර ඇතුලත්. සාහිත්‍ය, ව්‍යාකරණ දැනුම, විවිධ භාෂාවල ප්‍රවීණත්වය, රහස් සංඥා භාෂා පිලිබඳ දැනුම සූසැට කලාවන්ට ඇතුලත්. කෘෂි කර්මාන්තය, වඩු කර්මාන්තය ඇතුළු තවත් ජීවනෝපාය මාර්ග සූසැට කලා අතර දක්වා තිබුණා. මුතු මැණික් පිලිබඳ දැනුම සේම දූ කෙළිය ඇතුළු විවිධ විනෝදාස්වාද ක්‍රීඩා පිලිබඳ දැනුම ලැබීමත් වැදගත් වුණා. විවිධ ක්‍රීඩා, ශාරීරික ව්‍යායාම සේම අවි හරඹය, ඇත්, අස් රිය පැදවීම සූ සැට කලාවේ අංග. කෙනෙකුට මේ දැනුම සෑම එකක්ම ඇත්නම් ඇය පරිපූර්ණ දැනුමක් ඇති කෙනෙක් බව ඔයාලටම දැන් වැටහෙනවා ඇති.

ගොඩක් වෙලාවට ඒ කාලයේ මේ සූ සැට කලාව ප්‍රගුණ කළේ රාජ කුමරියන්, මැති ඇමති දියණියන්, සිටු දියණියන්, නගර ශෝභිනියන් වැනි සමාජයේ ඉහල පිළිගැනීමක් ලබපු අය. මේ අය රජුන්, මැති ඇමතියන් අභිබවා කැපී පෙනෙන්න සමත් වුණු අය. මේ සූසැට කලා ප්‍රගුණ කළ කාන්තාවන් රජුන් සමග සම මට්ටමේ අසුන් ගැනීමට තරම් ඉහල පිළිගැනීමක් ලැබූ අය. ඒ අය “ගණිකා” යන ගෞරව නාමයෙන් පිදුම් ලැබුවා. ඒ කාල්යේ ඇත්තෙන් ම “ගණිකා” විදියට හැඳින්වුණේ ලිංගික ශ්‍රමිකයින් නම් නොවේ. රූපයෙන් අග තැන්පත්, කාම ශාස්ත්‍රය ප්‍රගුණ කළ, සූ සැට කලාවන් ප්‍රගුණ කළ කාන්තාවන්. ඒ පැරණි ඉගැන්වීමට අනුව ගණිකා නම ලැබීම කාන්තාවට ආභරණයක්. සෑම සමාජ මට්ටමකම, සෑම දේශයක ම කැපී පෙනෙන, ගෞරවාදරයට ලක්වන ඇය ඕනෑම ප්‍රශ්නයකින් ගැලවීමට සමත්, සිය ස්වාමියාට, සහකරුවන්ට වටිනා ස්ත්‍රී රත්නයක් වන බව කාම සූත්‍රය කියනවා. මේ දැනුම අදටත් සෑම කාන්තාවක්ම ප්‍රගුණ කළ යුතු එකක් කියා ඔයාලටම වැටහෙනවා ඇති. කාම සුත්‍රයේ සැඟවුණු තවත් මේ වගේ ජීවිතයට වටිනා කරුණු එක්ක අපේ ඊළඟ podcast එකෙන් මුණ ගැහෙමු.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago