මේ මම අද ඔයාලට කියන සූ සැට කලාවන් නැතිනම් හැට හතර කලාවන් කියන්නෙත් ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට වැදගත් වන්නක්. වාත්ස්‍යනයන් විශේෂයෙන් ම සඳහන් කරන්නේ මේ කලාවන් සෑම ගැහැණියක විසින්ම හැදෑරිය යුතු බවත් මේවා ප්‍රගුණ කළ අයෙක් ඇත්නම් ඇය දක්ෂ, පරිපූර්ණ ගැහැණියක වන බවත් ය.
පසුගිය podcast එකෙන් මම ඔයාලට පුංචි හැඳින්වීමක් කළා පෙරදිගින් බිහිවුණු අපූරු දායාදයක් ගැන. ඒ වාත්ස්‍යනයන් රචනා කළ පෙරදිග මහා කාම ශාස්ත්‍ර ග්‍රන්ථය වන කාම සුත්‍රය ගැන. ලෞකික ජීවිතය සැපවත්, ලස්සන එකක් කරගන්න වැදගත් කරුණු රැසක් මෙහි අන්තර්ගත වන බව මම ඔයාලට සඳහන් කළා.ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ ජීවිතයට වැදගත් වන කරුණු කීපයක් ගැන. ඒ තමයි සෑම අයෙකුම ප්‍රගුණ කළ යුතු, විශේෂයෙන් ම පරිපූර්ණ ගැහැනියක වීමට ජීවිතයට එකතු කර ගත යුතු සූ සැට කලාවන්. මෙය සූ සැට කාම කලාවන් ලෙසත් හඳුන්වනවා.
කාම වචනය ඇසුණු ගමන් ඔයාලට හිතෙන්න පුළුවන් මේ කාම කලාවන් කියන්නේ රති ක්‍රීඩාව හා සම්බන්ද දෙයක් කියලා. නැහැ. මේ කාම කියන්නේ ලෞකික ජීවිතය හා සම්බන්ද වන්නක්. රතිය එහි එක් පුංචි කොටසක් විතරයි. මේ මම අද ඔයාලට කියන සූ සැට කලාවන් නැතිනම් හැට හතර කලාවන් කියන්නෙත් ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට වැදගත් වන්නක්. වාත්ස්‍යනයන් විශේෂයෙන් ම සඳහන් කරන්නේ මේ කලාවන් සෑම ගැහැණියක විසින්ම හැදෑරිය යුතු බවත් මේවා ප්‍රගුණ කළ අයෙක් ඇත්නම් ඇය දක්ෂ, පරිපූර්ණ ගැහැණියක වන බවත් ය. කන්‍යාවන් භද්‍ර යෞවනයට පිවිසෙන විට කාම ශාස්ත්‍රය සේම මේ සූ සැට කලාවන් ප්‍රගුණ කළ යුතු බව වාත්ස්‍යයන පවසනවා. කාලයත් සමග පුංචි පුංචි වෙනස්කම් තිබුණත් මේ සිව් සැට කලාවන් අදටත් වලංගු, වටිනා දේවල්.
යෞවනියක විසින් මේ සිව් සැට කලාවන් ප්‍රගුණ කිරීමට තෝරා ගත යුතු අය හය දෙනෙකු ගැනකාම සුත්‍රයේ සඳහන් වනවා. ඒ තමාගේ කිරි මවකගේ දියණියක්, දැඩි විශ්වාසයක් තැබිය හැකි මිතුරියක්, තමාට කිට්ටු වයසක පුංචි අම්මා කෙනෙක්, තමා හා සමීප වයස්ගත සේවිකාවක් හෝ පරිබ්‍රාජිකාවක්, තමාගේ වැඩිමහල් සහෝදරියක් යන අයගෙන් කෙනෙක්. මේ අය පුරුෂයන් හා සංවාසයේ අත්දැකීම් ඇති අයවලුන් විය යුතු බව වාත්ස්‍යයන පවසනවා.මේ කරුණ මගින් අපට වටහා ගත හැක්කේ එකල සමාජයේ කාම ශාස්ත්‍රය, ලිංගික අධ්‍යාපනය වැනි දෑ තරුණ පරපුරට නිසි වයසේ දී ලබා දීමට ක්‍රම වේද තිබුණු බවයි. නිසි වයසේදී මේ දැනුම ලැබීමෙන්, ප්‍රගුණ කිරීමෙන් ලෞකික ජීවිතයේ සුඛාස්වාදය ලැබීමට හැකි වනවා සේම සමබර දිවි පෙවෙතක් ගත කළ හැකි බව පැරැන්නන් ගේ ඉගැන්වීම වුණේ.
ජීවිතයට මෙතරම් වටිනා දෙයක් විදියට කාම සූත්‍රයේ සඳහන් කර ඇති සිව් සැට කලා මොනවාද කියා බලමු. මේ සිව් සැට කලාවල පරිපූර්ණ දැනුමක් සඳහා අවශ්‍ය සියලු ඉගැන්වීම් ඇතුලත් වුණා. මම මේ video එකේ පහල දමා ඇති link එකෙන් ඔයාලට මේ සිව් සැට කලා ගැන සවිස්තරාත්මක ලිපියක් කියවන්න පුළුවන්.
ප්‍රධානවම ගණිතය, විද්‍යා විෂයයන් වගේම චිත්‍ර කලාව, නර්තනය, ගායනය, වාදනය, රංගනය ආදී සෞන්දර්යය විෂයයන් මීට ඇතුලත් වුණා. කාන්තාවක් ලෙස ගෘහ කටයුතු වෙනුවන් පුහුණු කළ යුතු දැනුම, නිවෙස් අලංකරණය, රූපලාවන්‍ය දැනුම, සූප ශාස්ත්‍රය, මැහුම් ගෙතුම් විවීම් මේ අතර ඇතුලත්. සාහිත්‍ය, ව්‍යාකරණ දැනුම, විවිධ භාෂාවල ප්‍රවීණත්වය, රහස් සංඥා භාෂා පිලිබඳ දැනුම සූසැට කලාවන්ට ඇතුලත්. කෘෂි කර්මාන්තය, වඩු කර්මාන්තය ඇතුළු තවත් ජීවනෝපාය මාර්ග සූසැට කලා අතර දක්වා තිබුණා. මුතු මැණික් පිලිබඳ දැනුම සේම දූ කෙළිය ඇතුළු විවිධ විනෝදාස්වාද ක්‍රීඩා පිලිබඳ දැනුම ලැබීමත් වැදගත් වුණා. විවිධ ක්‍රීඩා, ශාරීරික ව්‍යායාම සේම අවි හරඹය, ඇත්, අස් රිය පැදවීම සූ සැට කලාවේ අංග. කෙනෙකුට මේ දැනුම සෑම එකක්ම ඇත්නම් ඇය පරිපූර්ණ දැනුමක් ඇති කෙනෙක් බව ඔයාලටම දැන් වැටහෙනවා ඇති.
ගොඩක් වෙලාවට ඒ කාලයේ මේ සූ සැට කලාව ප්‍රගුණ කළේ රාජ කුමරියන්, මැති ඇමති දියණියන්, සිටු දියණියන්, නගර ශෝභිනියන් වැනි සමාජයේ ඉහල පිළිගැනීමක් ලබපු අය. මේ අය රජුන්, මැති ඇමතියන් අභිබවා කැපී පෙනෙන්න සමත් වුණු අය. මේ සූසැට කලා ප්‍රගුණ කළ කාන්තාවන් රජුන් සමග සම මට්ටමේ අසුන් ගැනීමට තරම් ඉහල පිළිගැනීමක් ලැබූ අය. ඒ අය “ගණිකා” යන ගෞරව නාමයෙන් පිදුම් ලැබුවා. ඒ කාල්යේ ඇත්තෙන් ම “ගණිකා” විදියට හැඳින්වුණේ ලිංගික ශ්‍රමිකයින් නම් නොවේ. රූපයෙන් අග තැන්පත්, කාම ශාස්ත්‍රය ප්‍රගුණ කළ, සූ සැට කලාවන් ප්‍රගුණ කළ කාන්තාවන්. ඒ පැරණි ඉගැන්වීමට අනුව ගණිකා නම ලැබීම කාන්තාවට ආභරණයක්. සෑම සමාජ මට්ටමකම, සෑම දේශයක ම කැපී පෙනෙන, ගෞරවාදරයට ලක්වන ඇය ඕනෑම ප්‍රශ්නයකින් ගැලවීමට සමත්, සිය ස්වාමියාට, සහකරුවන්ට වටිනා ස්ත්‍රී රත්නයක් වන බව කාම සූත්‍රය කියනවා. මේ දැනුම අදටත් සෑම කාන්තාවක්ම ප්‍රගුණ කළ යුතු එකක් කියා ඔයාලටම වැටහෙනවා ඇති. කාම සුත්‍රයේ සැඟවුණු තවත් මේ වගේ ජීවිතයට වටිනා කරුණු එක්ක අපේ ඊළඟ podcast එකෙන් මුණ ගැහෙමු.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…