කතාවටත් කියන්නේ වළලු දාපු අතකින් හදපු කෑමක් කනවා තරම් වටිනා දෙයක් නැහැ කියලනේ. කොහොමත් කුස්සියේ වැඩ වැඩි කොටසක් පැවරෙන්නේ අපටම තමා. උයන පිහන එක එක අතකින් ලේසිම නැහැ. කන එක තරම් නම් කොහොමත් ලේසි නැහැ. 😀 . හොද්දක් හැදුවත්, සලාදයක් හැදුවත් ළූණු කපන්න, මිරිස් කපන්න වෙනවා. ටිකක් අඬාගෙන කරන්න වෙන කාර්යයක් මේක. ළූණු වල තියන රසායනිකයන් නිසා ඇස්වලින් කඳුළු ගලන එක අනිවාර්යයෙන්ම වන දෙයක්. මිරිස් කැපුවත් අත දැවිල්ල හැදෙනවා. අනික මේ කපන කොටන වැඩ නිසා කුස්සිය හැඩි වෙන්නත් පුළුවන්. මේ ඔක්කොටම විසඳුමක් මේ Kleva Chop Pro.
Kleva Chop Pro බලපු ගමන්ම අපිට හුරු පුරුදු කපන කරන උපකරණයක් වගේ නොවේ. ඒත් එහි ක්‍රියාකාරිත්වය ඔබට හුරු පුරුදු Blender එකට සමානයි. අපි මේ ඔයාලට හඳුන්වලා දෙන උපකරණ බොහොමයක් අතින් ක්‍රියාත්මක වන ඒවා. විදුලිය හෝ බැටරි වගේ දේවල් ඕනෑම නැහැ. භාවිතය පහසුයි. කපන ලෑලි, පිහි, භාජන වෙනුවට එක උපකරණයෙන් මේ සියල්ල ඉටු කරගන්න ඔබට පුළුවන්. පහසුවෙන්ම ළූණු, තක්කාලි, ඉඟුරු, සුදු ළූණු, අමු මිරිස්, බෙල් පෙපර් වගේ දේවල් කපා ගන්න වගේම විවිධ පලා වර්ග, සලාද කැබලි කර මිශ්‍ර කරගන්නත් අයිස් කුඩා කැබලි කරගන්නත් උපකාරී වනවා. උවමනා ද්‍රව්‍ය බඳුන තුලට දමා පියන වසා හැඬලය ඇදීමෙන් ඔබට පහසුවෙන් අවශ්‍ය දෑ සකසා ගන්න පුළුවන්. අවශ්‍ය නම් බඳුන පිටින්ම ශීතකරණයක ගබඩා කර තබා ගන්න පුළුවන්.
Kleva Chop Pro පිරිසිඳු කරගැනීමත් ඉතා පහසුයි.
මෙම උපකරණය ගැන වැඩි විස්තර දැනගැනීමට www.klevarange.com.au වෙබ් අඩවියට පිවිසෙන්න.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…