#pinklist

Kleva Chop Pro The 3 Second Pull Chopper – අඬන්නේ නැතිව ළූණු කපන්න

කතාවටත් කියන්නේ වළලු දාපු අතකින් හදපු කෑමක් කනවා තරම් වටිනා දෙයක් නැහැ කියලනේ. කොහොමත් කුස්සියේ වැඩ වැඩි කොටසක් පැවරෙන්නේ අපටම තමා. උයන පිහන එක එක අතකින් ලේසිම නැහැ. කන එක තරම් නම් කොහොමත් ලේසි නැහැ. 😀 . හොද්දක් හැදුවත්, සලාදයක් හැදුවත් ළූණු කපන්න, මිරිස් කපන්න වෙනවා. ටිකක් අඬාගෙන කරන්න වෙන කාර්යයක් මේක. ළූණු වල තියන රසායනිකයන් නිසා ඇස්වලින් කඳුළු ගලන එක අනිවාර්යයෙන්ම වන දෙයක්. මිරිස් කැපුවත් අත දැවිල්ල හැදෙනවා. අනික මේ කපන කොටන වැඩ නිසා කුස්සිය හැඩි වෙන්නත් පුළුවන්. මේ ඔක්කොටම විසඳුමක් මේ Kleva Chop Pro.

Kleva Chop Pro බලපු ගමන්ම අපිට හුරු පුරුදු කපන කරන උපකරණයක් වගේ නොවේ. ඒත් එහි ක්‍රියාකාරිත්වය ඔබට හුරු පුරුදු Blender එකට සමානයි. අපි මේ ඔයාලට හඳුන්වලා දෙන උපකරණ බොහොමයක් අතින් ක්‍රියාත්මක වන ඒවා. විදුලිය හෝ බැටරි වගේ දේවල් ඕනෑම නැහැ. භාවිතය පහසුයි. කපන ලෑලි, පිහි, භාජන වෙනුවට එක උපකරණයෙන් මේ සියල්ල ඉටු කරගන්න ඔබට පුළුවන්. පහසුවෙන්ම ළූණු, තක්කාලි, ඉඟුරු, සුදු ළූණු, අමු මිරිස්, බෙල් පෙපර් වගේ දේවල් කපා ගන්න වගේම විවිධ පලා වර්ග, සලාද කැබලි කර මිශ්‍ර කරගන්නත් අයිස් කුඩා කැබලි කරගන්නත් උපකාරී වනවා. උවමනා ද්‍රව්‍ය බඳුන තුලට දමා පියන වසා හැඬලය ඇදීමෙන් ඔබට පහසුවෙන් අවශ්‍ය දෑ සකසා ගන්න පුළුවන්. අවශ්‍ය නම් බඳුන පිටින්ම ශීතකරණයක ගබඩා කර තබා ගන්න පුළුවන්.
Kleva Chop Pro පිරිසිඳු කරගැනීමත් ඉතා පහසුයි.

Credit : https://klevarange.com.au

මෙම උපකරණය ගැන වැඩි විස්තර දැනගැනීමට www.klevarange.com.au වෙබ් අඩවියට පිවිසෙන්න.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago