#pinklist

Kleva Sumo Slicer – මුළුතැන් ගෙදරට යාලු මිත්‍රයෙක්

බොහොම පහසුවෙන් පිළිවෙලකට ලස්සනට එළවලු කපාගන්න උදව් වන උපකරණයක් මේ Sumo Slicer කියන්නේ. පෙති, තීරු සහ සිහින් කැබලි ලෙස ආකාර 03කට එළවලු තලීමකින් තොරව කපාගන්න ඔබට මින් හැකියාව ලැබෙනවා. අතින් පහසුවෙන් ක්‍රියාකරවිය හැකි උපකරණයක් නිසා විදුලිය වැනි බලශක්තියක් අවශ්‍ය වන්නේ නැහැ.

අද වනවිට මිලක් නියම කරන්න බැරි වටිනාම දේ වෙලා තියෙන්නේ කාලය.ගැහැණු පිරිමි භේදයක් නැතිව හැම කෙනෙක්ම ගොඩක් කාර්ය බහුල වෙලා. රස්සාව, ඉගෙනීම් වැඩ, නැතිනම් ළමයින්ගේ වැඩ මේ සියල්ල එක්ක උයාගෙන කන්න වෙලාව වෙන් කරන එකත් තරමක් අසීරු වෙලා. මේ නිසාම හන්දියක් හන්දියක් ගානේ තියන කෑම කඩවලට ලොකු සෙනගක් ඇදෙන්න පටන් අරන්. අනේ එත් ඉතින් කටට රහට කන්නත් නැහැ. ඒවා වගේම පිරිසිඳු කම ගැන කියලා වැඩක් නැහැ. සල්ලි දීල ලෙඩ හදාගෙන වැඩක් තියනවද? පුළුවන් විදියට තමන්ගේ ආහාර වේල තමන්ම පිළියෙළ කරගන්න. ශරීර සෞඛ්‍යයට වගේම සාක්කුවටත් හොඳයි.ඉතින් අද අපි ඔයාලට හඳුන්වලා දෙන්න යන්නේ කුස්සියට ගොඩක් ප්‍රයෝජනවත් මෙවලමක්. ඒ Kleva Sumo Slicer.

Photo Credit : www.klevarange.com.au

බොහොම පහසුවෙන් පිළිවෙලකට ලස්සනට එළවලු කපාගන්න උදව් වන උපකරණයක් මේ Sumo Slicer කියන්නේ. පෙති, තීරු සහ සිහින් කැබලි ලෙස ආකාර 03කට එළවලු තලීමකින් තොරව කපාගන්න ඔබට මින් හැකියාව ලැබෙනවා. අතින් පහසුවෙන් ක්‍රියාකරවිය හැකි උපකරණයක් නිසා විදුලිය වැනි බලශක්තියක් අවශ්‍ය වන්නේ නැහැ. ව්‍යාජනවලට, සලාදවලට අවශ්‍ය එළවලු, ළූණු වගේම පීසා පිළියෙළ කිරීමට අවශ්‍ය චීස් ග්‍රේට් කරගන්නත් ඔබට මේ Sumo Slicer උපකරණය ප්‍රයෝජනවත් වනවා. පහසුවෙන්ම අවශ්‍ය විටෙක මේසය මතුපිට සවි කළ හැකි මෙම උපකරණය ඔබේ අවශ්‍යතාවය අනුව ආහාර ද්‍රව්‍ය කපා ගැනීමට යොදා ගත හැකි තල වර්ග 03කින් සමන්විතයි.

Photo Credit : www.klevarange.com.au
Credit : www.teleseen.com

මෙවැනි උපකරණ අපේ ගෘහණියන්ට සැමවිටම හඳුන්වාදෙන Teleseen Marketing වෙතින් ඔබට නියම ප්‍රමිතියේ Kleva Sumo Slicer උපකරණයක් රුපියල් 3,999.00 වැනි මුදලකට ලබාගන්නට හැකියි. ප්‍රමාණයෙන් විශාල, විදුලිය නාස්ති කරන, ඉහල මිලක් වන උපකරණ රැසකින් කළ යුතු කාර්යයන් ඔබට සුළු මුදලක් ගෙවා මෙවැනි Kleva Sumo Slicer ලබාගැනීමෙන් පහසුවෙන් ඉටු කර ගත හැකි වනවා.

මෙම උපකරණය පිලිබඳ වැඩි විස්තර දැනගැනීමට Click Here.

අන්තර්ජාලය හරහා ඇනවුම් කිරීමට Click Here.

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago