Lady Gaga 91 වන ඔස්කාර් සම්මාන උළෙලේ කළ කතාව

“To my sister, my soulmate, I love you. My family’s here, I love you, Mom and Dad. Bradley, there is not a single person on the planet that could’ve sang this song with me but you. Thank you for believing in us. Thank you so much. And if you are at home, and you’re sitting on your couch and you’re watching this right now, all I have to say is that this is hard work. I’ve worked hard for a long time, and it’s not about, you know…it’s not about winning. But what it’s about is not giving up. If you have a dream, fight for it. There’s a discipline for passion. And it’s not about how many times you get rejected or you fall down or you’re beaten up. It’s about how many times you stand up and are brave and you keep on going. Thank you!”

Lady Gagaගේ සම්මාන ගොන්නට අඩුව තිබුණේ Academy සම්මානයක් පමණි. අපේ හින්දි සිනමා රසික රසිකාවියන්ද ආදරයෙන් වැලඳගත් ප්‍රේමණීය සිනමා වෘතාන්තයක් වූ Aashiqui 2 සඳහා පාදක කරගත් 1937 ” A Star Is Born” බටහිර සිනමා පටය වාර 03කදී නැවත ප්‍රතිනිර්මාණය විය. එහි අලුත්ම නිෂ්පාදනය වූයේ 2018 තිරගත වූ Bradley Cooper, Lady Gaga ප්‍රධාන චරිත රඟපෑ චිත්‍රපටයයි.

2019 Oscar සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙසද නිර්දේශිත වූ Lady Gaga, ඇය හා Bradley Cooper ගායනා කළ “Shallow” ගීතය වෙනුවෙන් හොඳම චිත්‍රපට පසුබිම් ගීතයට හිමි Oscar සම්මානය දිනා ගැනීමට සමත් වූවා.

Lady Gaga සහ Bradly Cooper “Shallow” ඉදිරිපත් කරමින්

සම්මාන වේදිකාවේදී සංවේදී වුණු ඇය සභාව අමතා පැවසුවේ “මෙය ජයග්‍රහණය පිළබඳ කතාවක් නොවේ. මෙය නොවැටී සිටම ගැන කතාවක්.ඔබ සිහිනයක් දකී නම් එය සත්‍යයක් කරගැනීමට සටන් වදින්න.වටිනාකම ඇත්තේ ඔබ කොපමණ වාර ගණනක් ප්‍රතික්ෂේප වූවාද, කොපමණ වාර ගණනක් බිඳ වැටුණා ද, කොපමණ වාර ගණනක් පහරට ලක් වුණාද යන්න මත නොවේ. ඔබ කොපමණ වාර ගණනක් නැගී සිටියාද, එඩිතරව ඉදිරියට ගමන් කළාද යන්නයි.”