Love & Relationships

ආදරය අත හරින්න

ජීවත් වීම කියන්නේ කලාවක්. ඒ කලාවෙන් නිර්මාණය කරන ලෝකයේ වටිනාම නිර්මාණය තමයි බැඳීම. බැඳීමක් නැති තැන කිසිම සුන්දරත්වයක් නැහැ. ආදරයක් නෑ. කොටින්ම කියනවා නම් කිසිම ආස හිතෙන දෙයක් නැහැ.

ජීවත් වීම කියන්නේ කලාවක්. ඒ කලාවෙන් නිර්මාණය කරන ලෝකයේ වටිනාම නිර්මාණය තමයි බැඳීම. බැඳීමක් නැති තැන කිසිම සුන්දරත්වයක් නැහැ. ආදරයක් නෑ. කොටින්ම කියනවා නම් කිසිම ආස හිතෙන දෙයක් නැහැ.

Zest Girls සඟරාවෙන් නිතරම කාන්තාවන්ට වැදගත් වෙන තොරතුරු අපි ඔයාලට ඉදිරිපත් කරනවා. ඉතින් මේ දේත් ඔයා වෙනුවෙන් කියලා හිතලා තමයි අපි ඉදිරිපත් කරන්නේ.

බැඳීමකදී ඔයා ගොඩක් දේවල්වලට ආසයි. ලෝබයි. ඒ වගේම කාන්තාවක් ගොඩක්ම ආස එයාව අගය කරනවාට. ආපි හැමෝම දන්නවා ඒක එහෙමයි කියලා. ඒ නිසා පුංචි දෙයකින් වුණත් හිත රිද්දවා ගන්න ගතියක් ගැහැණු අයට තියනවා. ඒ හැම වෙලාවෙම අනිත් කෙනා මත ම රැඳෙන නිසා. නමුත් පිරිමි ඊට හාත්පසින්ම වෙනස්. පිරිමින්ට ඒ වගේ හැඟීම් අඩුයි. නැත්තෙමත් නැහැ. ඒත් අඩුවෙන් තමයි දැනෙන්නේ. එයාලට අගය කිරීම් ගැන ගාණක් නැහැ. පුංචි දේවල් ගැන හිත හිතා වැඩිය පස්සෙන් යන්නෙත් නැහැ. ගොඩක් දුරට ගැහැණු වගේ ආසාවල්, ලෝබකම් කියන දේවලුත් නැහැ. ඒ නිසාම කාන්තාවන්ට වඩා පිරිමි හුඟක් ඉස්සරහින් ඉන්නවා. ඔයාටත් හිතෙන්න පුළුවන් දෙයක් තමයි “ඇයි මට මෙහෙම වුණේ? මගේ හිත ඇයි අනිත් කෙනා තේරුම් නොගන්නේ? ඇයි එයාට මාව දැනෙන්නේ නැද්ද? එපා වෙලාද?” ඔන්න ඔය වගේ දාහක් විතර දේවල්…

ඒ වුණත් වැරැද්ද ඔයාගේ. ඔයාගේ හිත ඇයි තවත් කෙනෙක් කියවන්නේ? කාන්තාවක් වුණාම හැම වෙලාවෙම අනිත් අයගේ අවධානය දිනාගන්න උත්සාහ කරනවා. ඒක සම්පූර්ණයෙන් ම වැරදි දෙයක්. කිසිම කෙනෙකුට අනිත් අය ගැන හිත හිතා වැඩ කරන්න වෙලාවක් නැහැ. තමන් තමන්ටම වැඩ කරගන්න මහන්සි වෙනවා මිසක්. ඔයාගේ හොඳම යාළුවා වුණත් එයාට ෂොපින් යන්න ඕනේ වුණාම ඔයාට කතා කරවී. ඉතින් ඔයත් හරි ආසාවෙන් එයත් එක්ක ඒ ගමන යනවා. කවදාම හරි දවසක ඔයාට හදිසියක් වෙච්චි වෙලාවක ඔයත් එක්ක තනියට යන්න කිසිම යාලුවෙක් නැහැ. රුපියල් සීයක්වත් දෙන්න කෙනෙක් ඔයාට නැති වේවි. මේක පොදුවේ හැමෝටම සිද්ද වෙන සිදුවීමක්. ඔයා කවදාවත් තමන්ට වඩා ජීවිතයේ සුවිශේෂී ස්ථානයක් වෙන කෙනෙක්ට දෙන්න යන්න එපා. ශක්තිමත්, හොඳ ස්ථාවර කාන්තාවක් වෙන්න හිතනවා නම් ඒ දේවල් ගැන තදින් හිතන්න ඕනේ.

හුඟක්ම බටහිර රටවල කාන්තාවෝ ආසියානු රටවල කාන්තාවන්ට වඩා වෙනස් වෙන්නෙත් ස්මාර්ට් වෙන්නෙත් ඒ අය තුලින්ම මතු කරගන්නා කාරණා නිසා. එයාලගේ ජීවිතේ පැවරිලා තියෙන වැඩ කොටස කරන්න මහන්සි වෙන නිසා අනිත අය ගැන, අනිත් දේවල් ගැන හිත හිතා ලතවෙන්න එයාලට වෙලාවක් නැහැ. ඒ අය දවස පුරාම මහන්සි වෙන්නේ තමන්ගේ ඉලක්ක කරා හඹා යන්න. ඒ අය නිතරම හිතන්නේ තමන්ට ලැබෙන්න තියන දේ නොවෙයි. තමන් ලබා ගන්න ඕනේ දේ ගැනයි. බටහිර රටවල්වල කාන්තාවන්ට පැවරෙන දෛනික වැඩ කටයුතු ප්‍රමාණය ඉතාම අධිකයි. ඒ කියන්නේ එයාලා නිතරම බිසී. හැබැයි ඔයාට වෙලා තියෙන දේ තමයි ඔයා ඇත්තට බිසී නැහැ. හැබැයි බොරුවට නම් බිසී. කරන්න කියලා වැඩක් ඇත්තෙත් නැහැ. අලුතින් හිතන්න දේකුත් නැහැ. මොකද හිතන්න තරම් දෙයක් ඔයාගේ හිතට එන්නෙත් නැති නිසා. ඔයාට ගෙදර වැඩ ටිකක් නැතිනම් කාර්යාලයේ වැඩ ටිකක් ඇරුණම මහා ලොකුවට කරන්න කියලා දේකුත් නැහැ. ඔයා හරි කැමති හැමදේම අනුන් කරලා දෙනවා නම්. සමහර විට හිතන එක වුණත් කවුරු හරි කරලා දෙනවට ඔයා කැමති. සරලවම කිව්වොත් හිතන එකත් ඔයාට කම්මැලි වැඩක්. මේ දේවල් එක්ක දවස පුරාම ඔයාට හිතෙනවා නම් හිතෙන්නේ ලැබෙන්න තියෙන දේ විතරයි. ඔයා මහන්සියෙන් ලබා ගන්න ඕනේ දේවල් වත් ඔයාගෙන් වෙන්න ඕනේ දේවල්වත් නොවෙයි.

නිරවුල්, නිදහස් මානසිකත්වයෙන් හා සුන්දරත්වයෙන් පිරුණු රසබර ජීවිතයක් ගත කරන්න නම් පුංචි පුංචි අදහස්, නිර්මාණශීලී දේවල්, රස බර ආදර හැඟීම්, තේරුම් ගැනීම, සිනහව, උපේක්ෂාව, අන්‍යොන්‍ය සහයෝගය, දුක අසාගෙන සිටීම, සතුට එක්ව විඳගැනීම ආදී දේවල් කළ යුතු වෙනවා. නමුත් මේ දේවල්වලට අමතරව ප්‍රධාන දේ නම් ඔබ කිසිම දිනක අනිකාගෙන් තමාට නැවත කිසිඳු දෙයක් බලාපොරොත්තු නොවීමයි. ඔන්න ඔය කාරණාවේදී කාන්තාවන් හුඟක් වෙලාවට ආත්මාර්ථකාමී වෙනවා. තමා යමක් කළ පමණින් නැවතත් අනෙකාගෙන් ඒ හා සමානවම ක්‍රියාවක් බලාපොරොත්තු වෙනවා. ඒක ඒ තරම් හොඳ දෙයක් නොවෙයි.

තමාගේ කියලා හැම දේම හිතන තාක් කල් කිසිම දේක සුන්දරත්වයක් ඒ ජීවිතයට එකතු වෙන්නේ නැහැ. නිතරම ඔබ කාන්තාවක් නම් ඔබේ පෙම්වතා/ස්වාමියාට චිත්තාකර්ෂණීය චරිතයක් වෙන්න. කාන්තාවකට චිත්තාකර්ෂණීය රූපයකින් කිසිම වැඩක් නැහැ. ඒ මොකද හිත ලස්සන නැතිනම්. මන බන්ධනීය රූපයකින් කවදාවත් තව කෙන්ක්ගේ හදවතට කතා කරන්න බැහැ. එතැන රූපය පිලිබඳ මානය තියනවා. ඉතින් ජීවත් වෙන්න තියන සරලම දේ තමයි අනිත් කෙනාට ඇණයක් නොවී ජීවත් වෙන එක. එහෙම ජීවත් වුණොත් ඕනෑම කෙනෙකුට සුන්දර ජීවිතයක් ගත කරන්න පුළුවන් බව නිසැකයි.

Image by Deflyne Coppens from Pixabay

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

4 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

5 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago