අපේ සුරාට මේ ඊයේ පෙරේදා ගොවිසෙතක් ඇදුනා..පොඩි ගානක් නෙවෙයි..සුපිරි ජයමල්ල..සල්ලිත් අරන් නිකන් තියන් ඉන්න බෑනේ. හොඳට කල්පනා කරල අන්තිමේදි තීරණය කලා තමංගෙම කියල ව්‍යාපාරයක් පටන් ගන්න.
(ආගමකට අපහාසයක් නොවේ…)
අපේ සුරාට මේ ඊයේ පෙරේදා ගොවිසෙතක් ඇදුනා..පොඩි ගානක් නෙවෙයි..සුපිරි ජයමල්ල..සල්ලිත් අරන් නිකන් තියන් ඉන්න බෑනේ.
හොඳට කල්පනා කරල අන්තිමේදි තීරණය කලා තමංගෙම කියල ව්‍යාපාරයක් පටන් ගන්න. ඔන්න ඉතින් පස්මහ බැලුම් එහෙම බලලා හා හා පුරා කියල පටන් ගත්තා ඇණ ෆැක්ටරියක්.. දැම්මා ෆැක්ටරියට නම සුරංග ඇණ කියලා…
ෆැක්ටරියක් දාල ඇණ හැදුවට වැඩක් නෑනෙ ඉතින් ජනාතව අතර ප්‍රචාරය කරන්ඩත් එපැයි. සුරාට ඕනි උනා පත්තරේට ඇඩ් එකක් දාන්ඩ. ඉතින් ඇඩ් එක දාන්ඩ ඒ පැත්තෙ පත්තරේ වැඩ කරපු මිනිහෙක්ට භාර දුන්නා.මිනිහත් වැඩේ භාර අරගෙන හෙට පත්තරේම දාන්නම් කියල පොරොන්දු උනා.
පත්තරේ දාපු ඇඩ් එකේ ප්‍රගතිය බලන්ඩත් එක්ක පහුවදා ඔන්න සුරා ෆැක්ටරියට යන්ඩ එලියට බැස්සා. අනේ එලියට බැස්ස විතරයි මිනිස්සු කට්ටියක් ඇවිත් වට කරං නෙලන්ඩ පටන්ගත්ත.
‘තෝ ආයෙ මේ වගේ වැඩක් කරල තිබුනොත් තොගෙ ෆැක්ටරිය කුඩු කරනව ‘ කියල තර්ජනේ කරල කට්ටිය යන්ඩ ගියා. මූ ෆුල් හොල්මන් සීන් එකට..සීන් එක තේරුනේ පත්තරේ බැලුවට පස්සේ…
ජේසුස් වහන්සෙව කුරුසෙට තියල ඇණ ගහපු පින්තූරයක් යටින් මෙහෙම ලොකු අකුරින් ලියලා තියනවලු
“සුරංග ඇණ – ගැහුවොත් ගැහුවමයි.. ගැලවෙනව බොරු”
අහන්නත් දෙයක් යැ ගුටි කන එක…
හොඳටම යක්සාවේස උනු සුරා ඇඩ් එක හදන්ඩ භාර දීපු මිනිහව හොයාගෙන ගිහින් උගේ මව් දෙමාපියෝ මතක් කලා කරපුදේට. බැනල ඉවර වෙලා කිව්වා “තමුසෙ ජේසුව සම්බන්ද කරගත්තෙ මොන එහෙකටද…. ආයෙ ඇඩ් එකක් හදපන් ජේසුව ගාවගන්නෙ නැතිව” කියල ආයෙත් පහුවදා පත්තරේට ඇඩ් එක හදන්ඩ භාරදීල ගියා.
හුටා ඊලඟ දවසෙ ෆැක්ටරියට යනකොට මුලු ෆැක්ටරියම බිමට සමතලා කරලා. දුක පැත්තකින් තියලා සුරා පත්තරේ බලන්ඩ දිව්වා.
පත්තරේ ඇඩ් එක තිබුනෙ මෙහෙම.
පින්තූරයක් තියනවා.ජේසුස් වහන්සෙ පේන තෙක්මානෙක නෑ. කුරුසෙ විතරක් තියනවා. කුරුසෙ ලඟ බිම ඇණ වගේකුත් වැටිල තියනවා. ලොකු අකුරෙන් පින්තූරෙ යටින් මෙහෙම ගහල තියනවලු
”සුරංග ඇණ ගැහුවනම් මෙහෙම වෙන්නෙ නෑනේ”
😌😌🔫
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…