Love & Relationships

විඳින්න පුළුවන් විදිහට බැඳෙන්න

මිනිසා අනියම් සම්බන්ධකම් හෝ විවාහය පෙර අාදර සම්බන්ධතා කීපයක් පවත්වමින් හොයන්නේ මොකක්ද? නියම රසය. ඒ කියන්නේ පරිපූර්ණ ආදරය හා ලිංගිකත්වය.

***ලිලානි වීරසිංහ ගේ ලිපියක්

මිනිසා අනියම් සම්බන්ධකම් හෝ විවාහය පෙර අාදර සම්බන්ධතා කීපයක් පවත්වමින් හොයන්නේ මොකක්ද? නියම රසය. ඒ කියන්නේ පරිපූර්ණ ආදරය හා ලිංගිකත්වය. ඒ කියන්නේ පරම ආදරය හා ලිංගිකත්වය තියෙන්නේ කාගෙ ළඟද කියලයි. පිරිමියා, තමන්ට වැඩියෙන්ම ලිංගික සතුට ලබාදෙන කාන්තාවට වැඩියෙන්ම ආදරය කරන අතර, ගැහැණිය, තමන්ට වැඩියෙන්ම ආදරය කරන පිරිමියාට උපරිම ලිංගික සතුට ලබාදෙයි. පිරිමියා ගැහැණියට ආදරය කරන්න කරන්න ඔහුට ඇයගෙන් අවශ්‍ය දේ නොඅඩුව ලැබෙනවා. ගැහැණිය පිරිමියාව සතුටු කරන්න කරන්නඇයට පිරිමියාගෙන් අවශය ආදරය නොඅඩුව ලැබෙනවා. යමක් නොදි යමක් ලබන්න බැහැ. ආදරය බලාපොරොත්තු නොවී පිරිමින් සතුටු කරන්නේ ගණිකාවො විතරයි. මොකද ඒක එයාලගෙ රැකියාව. ගැහැණිය හොයන්නේ ආදරය, පිරිමියා හොයන්නේ ලිංගික සතුට. මේ දෙක මෙහෙම නොවුනානම්, ගැහැණියක් හා පිරිමියෙක් අතර කිසිම සම්බන්ධතාවයක් හටගන්නේ නැහැ.

එවැනි සම්බන්ධකම් පවත්වලා පවත්වලා අන්තිමට පිරිමියා ඔහුට උපරිම සම්භෝග රස ලබාදෙන ගැහැණිය ළඟ නතරවෙනවා. ඒ වගේම ගැහැණිය ඇයට උපරිම ආදරය ලබාදෙන පිරිමියා ළඟ නතරවෙනවා. නමුත් මේ දේ සිද්ධවෙනකම්, පිරිමියාත් ගැහැණියත් Love & Sex Experiment කර කර ඉදිරියට යනවා. ප්‍රශ්න හා අර්බුධ ඇතිකර ගන්නවා.

එක එක ජාතියෙ සෙරෙප්පු දමමින් මිනිස්සු හොයන්නේ තමන්ට හරියටම 100% ගැලපෙනම සෙරෙප්පුව මොකක්ද කියල තමයි. පරිපූර්ණ ආදරයක් හැම කෙනෙකුටම තියෙනවා. නමුත් ඒක නිකං හිටියට ලැබෙන්නේ නැහැ. තමන් පිළිබඳ තියෙන අවබෝධය වැඩිවෙන්න වැඩිවෙන්න, තමන්ට හරියටම උවමනා මොන විදිහෙ ආදරයක්ද කියලත් තේරෙන්න පටන් ගන්නවා.

පරිපූර්ණ සම්භෝගයක් කරා යන්න බැහැ කවදාවත්, එතන පරිපූර්ණ ආදරයක් නැත්නම්, ඒ කියන්නේ අනෙකාගේ සහයෝගය ඊට උපරිමයෙන්ම ලැබෙන තුරු, පරිපූර්ණ ආදරයක් හෝ සම්භෝගයක් පවතින්නේ නැහැ. හැම මිනිහෙක්ම අනියම් සම්බන්ධකම් පවත්වමින් හෝ හොයන්නේ, Experiment කරන්නේ පරිපූර්ණ සම්භෝග රස මොකක්ද කියලයි. අනියම් සම්බන්ධකමක් යනු එහි ප්‍රාථමික පර්යේෂණ අවධියයි.

100%ක්ම සම්භා්ගයේ යෙදෙන යුවලක් කොහේහරි ඉන්නවනම්, එතන 100%ක්ම ආදරය පවතිනවා. ආදරය පොඩ්ඩක් හරි අඩු තැනක. සම්භෝගයත් ඒ හා සමානවම අඩුයි. පරිපූර්ණ ආදරයක් පවතින්නේ කුමන යුවලක් අතරද? ඒ දෙදෙනා අතර පරිපූර්ණ සම්භෝගයක් පවතී.

SEX කියන්නේ සියල්ලමයි. ඒ කියන්නේ, යන හැටි, එන හැටි, කන බොන හැටි, බලන හැටි, කථාකරන හැටි, ආදී සියල්ලමයි. එහෙම නැතුව සංසර්ගය විතරක් නෙවෙයි. ඒක එක උපකුලකයක් විතරයි. ගොඩක් අය වැරදි අවබෝධයක ඉන්නවා SEX කියන්නේ සංසර්ගය කියලා හිතගෙන. තමන් නැමති තමන්ට උවමනා සියල්ලම තිබෙන කෙනා තමයි තමන්ට 100%ක් ගැලපෙන කෙනා. ඒයා තමයි තමන්ගේ සැබෑම Soul Mate. සිදුහත්-යශෝධරා කියන්නේ නිකං යුවලක් නෙවයි. විශ්ව සමගාමි යුවලක්. ඒ දෙන්නා සංසාරෙ හැමදාම ඉන්නේ එකට. ඒ දෙන්නා දෙන්නෙක් නෙවෙයි. තනි ඒකකයක භාග 2ක්. එහෙම නැත්නම්ද්විත්වයක්.ආදරය හා ලිංගිකත්වය කියන්නේ වෙන්කරන්න පුළුවන් දේවල් දෙකක් නෙවෙයි. ඒ දෙකම එකට බැඳී පවතින, එකිනෙකට ස්වායත්ත දෙකක්.ඒක තේරුම් ගන්න අයගේ ජීවිතේ සහ බැදීම කියන්නෙ මේ ලෝකෙ සුන්දර පැවැතුමක්.

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago