Categories: Love & Relationships

ආදරයට ආදරය කරන්න.

ආදරයට ජීවිතයෙන් ඈත වෙන්න දෙන්න එපා. ආදරයට ආදරය කරන්න.

“I have a brand new car parked outside that can’t do anything for me, I have all kinds of designers clothes, shoes and bags that can’t do anything for me, I have money in my account that can’t do anything for me, I have a big well-furnished house that can’t do anything for me.
Look, I’m lying here in a twin size hospital bed; I can take a plane any day of the week if I like but that can’t do anything for me … So do not let anyone make u feel bad for the things you don’t have – but the things u have, be happy with those; if you have a roof over your head who cares what kind of furniture is in it… the most important thing in life is LOVE.

“මිදුලේ ගාල් කර ඇති, මා සතු නවීන පන්නයේ මෝටර් රථයට මා වෙනුවෙන් කිසිවක් කළ නොහැකියි. මා සතු සෑම මාදිලියකම ඇඳුම් පැළඳුම්, සපත්තු සහ ඇත බෑගවලට මා වෙනුවෙන් කිසිවක් කළ නොහැකියි. මගේ බැංකු ගිණුමේ විශාල මුදලක් තිබුණත් ඊට මා වෙනුවෙන් කිසිවක් කළ නොහැකියි.
බලන්න අද මම දෙදෙනෙකුට තරම් විශාල රෝහල් ඇඳක වැතිරිලා…ඕනෑම දවසක කැමති තැනකට යන්න ගුවන් යානයක් වෙන් කරවා ගැනීම මට සුළු දෙයක්. නමුත් එයට මා වෙනුවෙන් කළ හැක්කක් නැහැ. ඔබට නැති දේවල් වෙනුවෙන් හිතේ කනස්සලක් ඇතිවන්නට ඉඩ දෙන්නට එපා. ලැබේ තිබෙන දේවලින් සතුටු වන්න. ඔබේ හිසට ඉහලින් ඇති වහල යට කුමක් තිබුණත් ඉන් පලක් නැහැ. ජීවිතයේ වටිනාම, වැදගත්ම දෙය ආදරයයි.”

Kyrzayda Rodriguez

මේ  වචන පේලි ටිකත් එක්ක හා හා පුරා කියල ඔයාල හමුවන්න ආවේ දුක හිතෙන, ඒත් ජීවිතයට වටිනා කියන පණිවිඩයක් අරගෙන. මේ වචන පේලි ටික මම ලියපු අදහසක් නෙවි. මේ ටික කිව්වේ ජාත්‍යන්තර විලාසිතා ලෝකයේ ජනප්‍රිය චරිතයක්. ඒ Kyrzayda Rodriguez. ඩොමිනිකානු ජාතික නිරූපිකාවක් වගේම බ්ලොග් රචිකාවියක්.හැම සැප සම්පතක්ම අඩුවක් නැතුව තිබුණු  ඇගේ ජීවිතයට කණ කොකා හැඬුවේ සුව කළ නොහැකි පිළිකාවක් ආමාශයේ පැතිරිලා කියල දැන .ගත් දවසේ.

රැස් කළ ධනයට, භෞතික දෑට වඩා ජීවිතයේ වටිනාම දේ මොකක්ද කියල ඇයට තේරුම් යන්නට වුණා. ඒ අකුරු හතරකින් කියන්නට පුළුවන් ආදරය…ජීවිතය ජීවත් කරවන ආදරය

අපි හැමෝම හීන ලෝකෙක අතරමං වෙලා. අපිට නැති දේ ගැන හීන දැක දැක ලොකු තරඟයකට හිර වෙලා. දුවලා ඉවර වෙනකොට හීන හැබෑ වෙලා තිබෙනවා වෙන්නට පුළුවන්. ඒත් හිතේ තිබුණු සතුට ඒ විදියටම තියනවද කියලා අවංකව හිතට තට්ටු කරලා අහලා බලන්න. හීන දකින්න. හොඳ තැනකට එන්න. කැමති දේ ලබාගෙන සැප ජීවිතයක් ලබා ගන්න. ඒත් ඒවෙනුවෙන් හිතේ සතුට, ආදරය නැතිකර ගන්න එපා.

ආදරය කරන්න…ආදරය ලබන්න…යන්න වෙන දවසට ආදරණීය චරිතයක් විදියට නික්ම යන්න වග බලා ගන්න. හැම සැපතක්ම වින්ද, ජනප්‍රිය චරිතයක් වුණු කිර්සයිඩා අන්තිමේ යන්නම ගියා. ඒත් ඔයාලට වටිනා පණිවිඩයක් එක්ක. ඉතින් තමන්ගේ ජීවිතෙන් ඇය ලද අත්දැකීම ඔයාලත් ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්නට එකතු කරගන්න අමතක කරන්න එපා…ආදරයට ජීවිතයෙන් ඈත වෙන්න දෙන්න එපා. ආදරයට ආදරය කරන්න.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago