සිංහල රැප් සංස්කෘතිය රැල්ලක් ලෙස ගොඩ නැගෙන්න ගත්තු කාලෙම බිහිවුණු අපූරු නිර්මාණකරුවෙකු විදියට මනඃකල්පිත හඳුන්වන්න පුළුවන්. අනන්‍යතාවය අතින් තවමත් ඔහු කවුද කියන එක තවමත් අභිරහසක්. 90 දශකයේ පමණ කරලියට ආ බටහිර Gangster Rap සංස්කෘතිය තුල බොහෝ විට කළු ජාතිකයින්ගේ ගැටළු, කළු-සුදු වර්ග වාදයෙන් ඔවුන් විඳින පීඩා ආදිය ගැන කතා බහට ලක් වුණා. ඒ නිසා ඒ ගී බොහොමයක් අදටත් අමරණීයව තිබෙනවා. පසු කාලීනව බොහෝ රැප් නිර්මාණවල අන්තර්ගතය වුණේ එකිනෙකාට එරෙහි වාදයන්(Beef), ලිංගිකත්වය, මත්ද්‍රව්‍ය, ධනය, බලය වැනි මාතෘකා. අපේ සිංහල රැප් නිර්මාණවල පවා බොහෝ විට අන්තර්ගතය වුණේ මේ දේවල්. මනඃකල්පිත සිංහල රැප් ගීතයේ වෙනසක් කළ නිර්මාණකරුවෙකු විදියට හඳුන්වන්න පුළුවන් වෙන්නේ ඔහු හැම විටම සිය ගීත තුලින් සමාජ ගැටළුවක් ගැන කතා කරන්න උත්සාහ කළ නිසා. නැතිනම් සමාජයට ආදර්ශයක් දෙන්න, පරිසරය ගැන කතා කරන්න උත්සාහ කළ නිසා. රට සුරා කන කළු දේශපාලන චරිත වලට සිය ගීතවලින් පහරක් එල්ල කරන්න ඔහු කවදාවත් පසුබට වුණේ නැහැ. පොලිසිය, සිරිත් මල්දම(විරිඳු රැප්), ඇතාගේ විලාපය, කොටියාගේ විලාපය, විල්පත්තුව, විග්නේශ්වරන් එවැනි නිර්මාණ කීපයක්. මනඃකල්පිතගේ අලුත්ම නිර්මාණය “කොරෝනා”. මේ නිර්මාණය ට ඔහු සමග එකතු වන්නේ නව පරපුරේ හිත් දිනාගත් තවත් ජනප්‍රිය ගායකයෙක්. “ස්තුතියි”, “පින් මදිද දන්නේ නෑ”, “පෙනෙනා තෙක් මානේ” වැනි ගී සමග තරුණ පරපුර අතර ජනප්‍රිය වුණු මේ ගායකයා නමින් සමිත් සිරිමාන්න.
Youtube : https://www.youtube.com/channel/UCCkYgFAN0Q2NtJub1akvNoQ
Facebook : https://www.facebook.com/manakkalpitha/
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…