Sexpert

විවාහය සහ ලිංගික සතුට 01

සාර්ථක විවාහ ජීවිතයක් සඳහා අඹුසැමියන්ගේ ලිංගික තෘප්තිමත් භාවය 60%කින් පමණ ඉවහල් වන බව මනෝ වෛද්‍යවරුන් විසින් පවසා තිබෙනවා. පවුල් තුල පවතින නිතර හට ගන්නා ආරවුල්, අසමගිකම් හා නුරුස්නා ගති ස්වාභාවයන්වලට හේතු වන්නේ මේ ලිංගික තෘප්තියේ ඇති ගැටළුයි.

සාර්ථක විවාහ ජීවිතයක් සඳහා අඹුසැමියන්ගේ ලිංගික තෘප්තිමත් භාවය 60%කින් පමණ ඉවහල් වන බව මනෝ වෛද්‍යවරුන් විසින් පවසා තිබෙනවා. පවුල් තුල පවතින නිතර හට ගන්නා ආරවුල්, අසමගිකම් හා නුරුස්නා ගති ස්වාභාවයන්වලට හේතු වන්නේ මේ ලිංගික තෘප්තියේ ඇති ගැටළුයි.

විවාහයක් සාර්ථක වීමට බලපාන ප්‍රධානතම කාරණය වන්නේ ඒ යුවලගේ ලිංගික තෘප්තිමත් බවයි. අපේ රටේ මේ ලිංගික අධ්‍යාපනය ක්‍රමවත් මට්ටමක නැහැ. ඒ නිසා කිසිවෙකුට හරි හැටි ඒ සම්බන්ද දැනුමක් නැහැ. සමාජයේ මතය වන්නේ ලිංගිකත්වය යනු මහා ලොකු කුණුහරුපයක් බවයි. දැනුම ලබා ගන්නට තිබෙන්නේත් ජුගුප්සාජනක පුවත්පත්, වීඩියෝ පට හා කිසිම විද්‍යාත්මක පදනමක් නොවූ පත පොත පමණයි. ලෝකයේ අනෙක් බොහෝ රටවල පාසල් අධ්‍යාපනයේදී පවා මේ ලිංගික අධ්‍යාපනය පිලිබඳ මනා දැනුමක් දරුවන් වෙත ලබා දෙනවා. බොහෝ විවාහක අඹු සැමියන් පවසන්නේ විවාහ ජීවිතයේ ගැටලුවලට හේතුව ස්වාමියාගේ වැරදි හෝ බිරිඳ ගේ වැරදි බවයි. නමුත් සියලු කරුණු ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වන දේ තමයි මේ පවුල තුල ඇතිවන විවිධ ගැටළුකාරී තත්ත්වවලට සම්පූර්ණ හේතුව මේ ලිංගික තෘප්තිය අහිමි වීම බවයි. කාන්තාවන්ට සහ පිරිමින්ට බෙහෙවින්ම වැදගත් වන ආකාරයට මේ ලිපිය සකසන බැවින් ඔබ විවාහක බිරිඳක් නම් අනිවාර්යයෙන් සිතට ගත යුතු කරුණු කීපයක් සඳහන් කළ යුතු වෙනවා.

01) සාමාන්‍යයෙන් ලිංගික එක්වීම සඳහා දෙදෙනාගේ මානසික මට්ටම මනා ලෙස පැවතීම ඉතා වැදගත්.

02) ඔබ සිතන්නේ සැමියා සමග ලිංගික එක් වීම පැවතිය යුත්තේ රාත්‍රී නිදි යහනේදී පමණක් ම කියා නම් එය වැරදි අදහසක්.

03) ලිංගික එක්වීමට අවශ්‍ය බාහිර පරිසරය හා ඉඩකඩ සලසා ගැනීම පූර්ව සුදානමකින් කළ යුතු අවස්ථා තිබෙනවා. එසේ කළ නොහැකි අවස්ථා ද තිබෙනවා.

අපි බොහොම විවෘතව කතා කළහොත් ඇත්ත වශයෙන් ම විවාහක දෙදෙනෙකුගේ ලිංගික එක් වීම රාත්‍රී නිදි යහනට පමණක් සීමා නොවිය යුතුයි. එසේ වුවහොත් එය ඒකාකාරී ඉතාම අප්‍රසන්න ක්‍රියාවක් වනවා. අද අපි ජීවත් වන්නේ ඉතාම සංකීර්ණ සමාජ වටාපිටාවක. ඒ නිසාම අපිට අපි ගැන හිතන ප්‍රමාණය මග හැරෙනවා. ඒ වගේම තමයි මානසික ආතතිය කියන දේත් ඉතාම වැඩි. ලිංගික එක්වීමත් ඒ මානසික ආතතියේම කොටසක් වීමත් සාමාන්‍ය දෙයක් වෙලා. මේ දේවල් එක්ක අඹු සැමියන්ට ලිංගික ජීවිතය එපා වෙලා. තමන්ගේ ලිංගික ජීවිතය ඉතා අප්‍රසන්න, තෘප්තිමත් නැති එකක් බවයි බොහෝ දෙනෙක් පවසන්නේ. තෘප්තිමත් බාවය පිළිබඳව මිනිස් සිතේ ප්‍රමාණාත්මක වශයෙන් කරුණු ඉදිරිපත් කිරීමට නොහැකියි. එය මිනිස් සිතේ ඇතිවන ස්වභාවික හැඟීමකි. ගොඩක් වෙලාවට තමාට අහිමි දෙයක් හිමි කර ගැනීමට කැමැත්ත දක්වන මිනිසුන් ඒ දේ ලබා ගත්තාට පසු එහි වටිනාකම අඩුවෙන් දකිනවා. විවාහය කියන දේටත් මේ දේ පොදුයි.

විවාහක ස්වාමිපුරුෂයන් බොහෝ විට පවසන්නේ තමන් බිරිඳගේ ලිංගික හැසිරීම පිලිබඳ කලකිරීමකින් පසුවන බවයි. ඒ කියන්නේ ඇය මේ ක්‍රියාවලියේ දී උදාසීනව හැසිරෙනවා යන්නයි. නමුත් ඇය ඉතා ආවේගශීලිව අනෙකාගේ සතුට වෙනුවෙන් ක්‍රියා කළහොත් ස්වාමියා විසින් ඇය පෙර පළපුරුදු ඇති කාන්තාවක් ලෙස හංවඩු ගසනවා ඇත. මේ නිසා බොහෝ කාන්තාවන් මේ ලිංගික එකතුවේ දී ස්වාමියාට මුල්තැන ලබා දී තම හැඟීම් යටපත් කර ගැනීමට කටයුතු කරනු දකින්න පුළුවන්. මෙහි මුල සිටම වරද ඇත්තේ අප සමාජයේ ය. බටහිර රටවල මෙවන් හණමිටි අදහස් සමාජයෙන් ම තුරන් වී ගොස් තිබුණු දකින්න පුළුවන්. උදාහරණයක් ලෙස බටහිර රටවල කාමෝද්දීපන රංගන ශිල්පිනියන් ලෙස කටයුතු කරන සමහර නිරූපිකාවන් ඉතා සාර්ථක පවුල් ජීවිත ගත කරනු දකින්න හැකියි. බොහෝ පුද්ගලයින් හා එකවර මේ ලිංගික ක්‍රියාවලියේ නිරතවන දක්ෂ කාන්තාවන් පවා ඔවුන්ගේ වෘත්තීය ජීවිතයත්, පවුල් ජීවිතයත් ඉතාම සාර්ථකව ගත කරනවා. ඈත අතීතයේ පටන්ම සමාජයේ විවිධ හණමිටි මතිමතාන්තරවලට කොටුවී සිටින කාන්තාවන්ට තමයි මේ ගැටලුව බොහෝ විට බලපෑ තිබෙන්නේ. ඒ නිසා ඒ රාමුව තුල සිටින කාන්තාවන් සිතන්නේ අපි සම්ප්‍රදායිකව සැමියාගේ ආශාවන්ට ඉඩ දීලා බලා සිටීම විවාහ ජීවිතයේ සාර්ථකත්වයට අත්‍යාවශ්‍ය වන බවයි. නමුත් හැඟීම් යටපත් කරගෙන සිටින ඇතැම් කාන්තාවන් ඉඩක් ලද අවස්ථාවන්වල විවාහයට පිටතින් පවා ලිංගික සම්බන්දතා පැවැත්වීම සුලබව දකින්නට ලැබෙන කරුණක්. නමුත් එය සමාජයෙන් වසන් කිරීමට ඔවුන් සෑහෙන කටයුතු කරනවා. මෙය බොහෝ විට දකින්නට ලැබෙන්නේ මධ්‍යම පාන්තික හෝ ඊට පහල සමාජ මට්ටම් තුල වන අතර ඉතාම ඉහල, ධනවත්, සුරූපී කාන්තාවෝ මේ ක්‍රියාවන් බොහෝ විවෘත මනසකින් සමාජයට හෙළි පෙහෙළි කරමින්, තම ලිංගික සම්බන්දතා බොහෝ විවෘත ලෙස පවත්වා ගනිමින් සාර්ථක විවාහ ජීවිත ගත කරති.

**මෙහි ඊළඟ කොටසින් විවෘත මනසකින් සමාජය දකින ඇතැම් විවාහකයින් සිය විවාහ ජීවිතය සහ ලිංගික ජීවිතය විඳින අයුරු පිළිබඳ බලාපොරොත්තු වන්න.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago