වැම්පයර් යන වචනය එක්ක අපට එක්වරම මතකයට නැගෙන්න බ්‍රෑම් ස්ට්‍රොකර්ගේ “Drakula” නැතිනම් අපේ ලේඛකයෙකු වුණු ඩීමන් ආනන්දයන්ගේ පොත්වල සඳහන් වුණු ලේ පිසාචයින්. බටහිර සාහිත්‍යයේ වගේම චිත්‍රපටවලත් උල් දත් විලිස්සාගෙන ලේ උරා බීමට එන මේ වගේ ලේ පිසාචයින් ගැන කතා ඕනෑ තරම් හමුවනවා. අද Zest Girls Sri Lanka අපේ කතා බහ ඒ වගේ කෙනෙක් සමග. ඒ මෙක්සිකෝවේ වැම්පයර් ගැහැණිය Maria Jose Cristerna.

Vampire Woman යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Maria Jose Cristerna ලේ උරා බොන පිසාචයෙක් නම් නොවේ. ඇය තම ශරීරයෙන් 90% පමණ Tattoo, Piercing සහ වෙනත් Body Modification මගින් වෙනස් කරගත් අයෙක්. බැලූ බැල්මට ගැහැණු පිරිමි භේදයක් නැතිව ඕනෑම කෙනෙකු තිගැස්සිලා යන විදියේ පෙනුමක් ඇති කෙනෙක්. තම දත් පවා තරමක් රෞද්‍ර පෙනුමක් එන විදියට ඒ කියන්නේ Vampire Fangs වගේ සකසා ඇති ඇය වෘත්තියෙන් Tattoo Artist කෙනෙක්. වගේම ගායිකාවක්. ඇගේ මව්රට වන මෙක්සිකෝවේ පමණක් නොව මුළු ලෝකය පුරාම අද වනවිට කතාබහට ලක්වන චරිතයක් බවට Maria Jose Cristerna පත්වෙලා සිටිනවා. මේ ශරීර පරිවර්තනයට පෙර සුන්දර යුවතියක්ව සිටි Maria එකල නීතිවේදිනියක් බව ඇසුවොත් ඔබ පුදුම වේවි.

Beauty is in the eye of the beholder as they say. I am not a person who perceives people from their look, the insides are what count. Many people with ties and expensive suits are robbing us, so… you can’t trust in the look!

-Maria Jose Christina

නීතිඥවරියක වුණු ඇය සිය වෘත්තියට සමුදුන්නේ ඒ තුල සැබවින්ම යුක්තියක් සාධාරණත්වයක් නොවූ නිසා බව ඇය සඳහන් කළා. තරුණ වියේ පටන්ම Tattoo සහ Body Piercing වලට ආසා කළත් තරමක් වෙනස් ආකාරයකට සිය හැඩරුව වෙනස් කරගන්නට ඇය පෙළඹුනේ සිය විවාහ ජීවිතයේදී මුහුණ දෙන්නට වූ කටුක අත්දැකීම් නිසාවෙන්. කාන්තා හිංසනය දැඩි සේ පිළිකෙව් කරන ඇය එවැනි හිංසා පිඩාවන්ට ලක්වන කාන්තාවන් වෙනුවෙන් හඬ නගන්නියක්. හැම විටම අපේ ශ්‍රී ලාංකික පාඨක පිරිස වෙත වෙනස් අලුත් දෙයක් ගෙන එන්නට උත්සහ කරන අපිට ඇය හා සම්මුඛ සාකච්ඡාවක් ලබාගන්නට හැකි වීම මහත් භාග්‍යයක්.

Maria Jose Christina Now and Then

01: Is this your childhood dream?
I haven’t thought of it as a child, When I became a tattoo artist I left some people to work on my skin. I was young when my father and I traveled to London, he was a chef, and I saw many punk people that amazed me. The vampire aesthetics did their work too. I actually tattooed my face from a deep respect of ancient culture to evoke the Aztec warriors known as the Jaguar Knights, who sharpened their teeth in order to look fierce and mean 

02: What do you think about your natural born look? cos we know you had a gorgeous look.
Beauty is in the eye of the beholder as they say. I am not a person who perceives people from their look, the insides are what count. Many people with ties and expensive suits are robbing us, so… you can’t trust in the look!

03: What was the reason you attend to this extreme modification?
It’s part of my job. Learning these techniques and trespass the boundaries for the sake of being different.

04: What was your start?
My first tattoo was at the age of 14, A demon face on my left arm. It’s small because at that time I was trying to keep it hidden. so I was already in love with this art.

05: How many years did you spend on this modification process?
I have spent 22 years of my life doing this. 

06 : At present, How many piercings and tattoos in your body? Are there any complications with this modification. How those things affect to your day to day work?
I work as a tattoo artist, so the modifications are not in the way of my daily work. I have 25 piercings, 15 body modifications, and 96% of my skin tattooed. 

07: What is your favorite part of your modified body?
I have some eyes on my legs that remind me of my children’s eyes, always watching what I do, so I have to be a good human being. The other ones that are meaningful are the ones with broken hearts with dates engraved in them. Both of my parents died from heart conditions, so I remember them with these pieces. The stars in my face are a reminder of both of my parents too, watching over me from the universe. The places that remind me of my kids and my parents are very important to me About the implants, I like them all! 

08: What is your current profession? Tattoo artist or Attorney? isn’t it difficult to work as an attorney with your new look?
I quit as an attorney when I was disappointed by the fact of that justice is always there if you have the money or friends to buy it. It wasn’t the right work for me. I prefer tattooing, playing with my band, Eva Lumbre, and talk to women about domestic violence. Fame has made me understand that I have a louder voice, and it’s a huge responsibility to use it for good. 

09: We think you gave a start to a new trend. new generation. People have rights to change themselves to what they like. What is your idea about today’s body modification trends among the young generation?
There are many more that have modified their bodies before me, so, it’s not accurate to say this. The difference that I am making tough is that I use my fame for speaking out loud for a cause. I wouldn’t like to be considered as a “freak” only. 

10: Is this the complete look? or do you have any future plans? What will be the complete look?
I haven’t thought about it, Maybe one day I get tired of everything and just keep the tattoos, of course, or maybe I become a biomechanical person, ha!

Facebook : Click Here 

පසු සටහන: Tattoo සහ Piercing අද අපේ තරුණ පරම්පරාව අතරත් ඉතා ජනප්‍රියයි. අද වනවිට අපේ තරුණියන් පවා Tattoo සහ Piercing විලාසිතා කෙරෙහි යොමුවෙලා සිටිනවා. මෙය කලාවක්, විලාසිතාවක් මිස මේ තුලින් පුදගලයෙකුගේ ගති ස්වභාවය, වැදගත්කම මනින්නට බැරි බව අපේ හණමිටි සමාජය තේරුම් ගත යුතුයි. Maria Jose Christina දක්වන ඇතැම් අදහස් මගින් ඒ වෙනස් තරමක් භයක් ඇති කරන රූපය පසුපස සිටින පරිණත ගැහැණිය දකින්නට පුළුවන්.