100% Feminine

Disposableද? Reusableද?

මේ අනුව කාන්තාවක් තම ජීවිත කාලය තුල සනීපාරක්ෂක තුවා 12000-16000 අතර ප්‍රමාණයක් භාවිතා කරනවා. ඒ එක අයෙකු විදියට ඔබේ පරිභෝජනය. මුළු ලෝකයේම කාන්තාවන් ප්‍රමාණය එක්ක සැසඳුවොත්? පරිසරයට ආර්තවයේදී කාන්තා සංහතිය එකතු කරන අපද්‍රව්‍ය ප්‍රමාණය මසකට සනීපාරක්ෂක තුවා මිලියන 500ක් පමණ!! ටැම්පූන්වල තත්ත්වයටත් ඊට දෙවැනි නැහැ. ඉතින් මේ අපේ පුංචි ග්‍රහ ලෝකයට ඔබ නොදැන හෝ මේ disposable සනීපාරක්ෂක ක්‍රම එක්ක ඔබ කරන හානිය නැවත හරි ගස්වන්න යන කාලය ලොකු එකක්.

ගැහැණියක් සාමාන්‍යයෙන් වයස අවුරුදු 13 පමණ සිට අවුරුදු 51 දක්වා කාලය තුල ආර්තව කාලයන් ගත කරනවා. එය මසකට දින 3 සිට 7 දක්වා වන්නට පුළුවන්. සාමාන්‍යයක් ලෙස එය වසර 38ක් තුලදී සම්පූර්ණ ඔසප් කාල 456ක්. දින නම් 2280ක්. මුළු ජීවිත කාලයෙන් අවුරුදු 6.25ක් පමණ.

ගැහැණියක විදියට ආර්තවය ඔබට අරුමයක් නොවේ. යම් යම් අපහසුකම් මැද වුණත් ඊට මුහුණ දෙන්න ඔබට සිදුවෙලා. ඒක ගැහැණු අපේ උරුමයක් වෙලා. 🙂 ඉතින් ඔබ කොහොමද මේ සඳහා මුහුණ දෙන්නේ? ගොඩක් වෙලාවට සනීපාරක්ෂක තුවා(ශ්‍රී ලාංකික කාන්තාවන් විදියට Normal pads
නැතිනම් Pantyliners) නැතිනම් Tampon(ටිකෙන් ටික අපේ රටෙත් ප්‍රචලිත වන්නට අරන්)

මේ අනුව කාන්තාවක් තම ජීවිත කාලය තුල සනීපාරක්ෂක තුවා 12000-16000 අතර ප්‍රමාණයක් භාවිතා කරනවා. ඒ එක අයෙකු විදියට ඔබේ පරිභෝජනය. මුළු ලෝකයේම කාන්තාවන් ප්‍රමාණය එක්ක සැසඳුවොත්? පරිසරයට ආර්තවයේදී කාන්තා සංහතිය එකතු කරන අපද්‍රව්‍ය ප්‍රමාණය මසකට සනීපාරක්ෂක තුවා මිලියන 500ක් පමණ!! ටැම්පූන්වල තත්ත්වයටත් ඊට දෙවැනි නැහැ. ඉතින් මේ අපේ පුංචි ග්‍රහ ලෝකයට ඔබ නොදැන හෝ මේ disposable සනීපාරක්ෂක ක්‍රම එක්ක ඔබ කරන හානිය නැවත හරි ගස්වන්න යන කාලය ලොකු එකක්.

Disposableවලින් Reusableවලට මාරු වෙමුද? විකල්ප තියනවද?

Photo Credit : Getty Images

පිළිතුර කෙටියෙන්ම කිව්වොත් “ඔව්”. විකල්ප කීපයකම තියනවා. අද ඇමෙරිකාව වගේම බොහෝ යුරෝපා රටවල trend එක වෙලා තියෙන්නේ මේ reusable සනීපාරක්ෂක ක්‍රම. ටිකක් අමුතුයි කියල හිතුනත් කාන්තාවන් විදියට අපි සියලුමදෙනා මේ ගැන දැනගත යුතු කාලයක් මේ. මුළු ලෝකෙම ටිකෙන් ටික වලින් වලට මාරු වෙද්දී අපිට විතරක් වෙනස් නොවී ඉන්න බෑ. මොනවද මේ reusable ක්‍රම?

01) Reusable Pads

කපු හෝ Hemp(කංසා වර්ගයේ ශාකයක්) වැනි රෙදි විශේෂයක් ඇසුරෙන් සාදන මෙම සනීපාරක්ෂක තුවා සෝදා නැවත නැවතත් භාවිත කර හැකි ආකාරයට සකසා ඇත. විශේෂයෙන්ම ආර්තව දරිද්‍රතාව(Period Poverty) සඳහා විකල්පයක් ලෙස විවිධ ආයතන දිළිඳු සමාජ කොටස් වෙත මෙම වර්ගය හඳුන්වා දී තිබෙනවා. පරිසර හිතකාමී කාන්තා පිරිස් මෙම ක්‍රමය විකල්පයක් ලෙස භාවිතයට හුරුවී තිබෙනවා.

02) Period Panties

Credit : PantyProp

Period Panties සහ Swimwear අද බටහිර රටවල ජනප්‍රිය වෙමින් පවතින රැල්ලක්. ආර්තවය සඳහා ඉතාම පහසු සනීපාරක්ෂක ක්‍රමයක්. වෙනත් කිසිම අමතර දෙයක් මෙහිදී භාවිත වන්නේ නැහැ. එදිනෙදා කටයුතු ඉතා පහසු ආකාරයෙන් කල හැකි අතර පිහිනුම් වැනි ක්‍රීඩාවන්ටත් මෙය මහත් පහසුවක්. ඔබේ යට ඇඳුම සියල්ලම බලා ගන්නවා ඇති. ModiBodi, PantyProp, Flux, Wuka, LanaPanties සහ Thinx මෙවැනි යට ඇඳුම් නිපදවන සමාගම් අතරින් ඉදිරියෙන්ම සිටිනවා.

03) Menstrual Cups

Credit : DivaCup

Menstrual Cups පරිසර හිතකාමී ආර්තව ලෝකයේ අලුත්ම පෙරළියක්. ඉහළම ප්‍රමිතියේ සිලිකන්(100% medical-grade silicone) මගින් නිපදවනු ලබන මේවාට කිසිඳු අයුරකින් ප්ලාස්ටික්, රබර් හෝ කෘත්‍රිම රබර්(Latex) වැනි දේ යොදා නොගනී. ඉහල සනීපාරක්ෂක ප්‍රමිතීන්ගෙන් සැකසීමට කටයුතු කරන්නේ මෙය යෝනිය ඇතුලත පළඳින ආකාරයට සකසන නිසාමයි. පැය 8-12 අතර කාලයක් වරකට පැළඳිය හැකි අතර ඉන්පසු Cup එක හිස් කර සෝදා පිරිසිඳු කර නැවත පැළඳිය හැකියි. DivaCup, Intimina සහ Organicup මේ Menstrual Cup නිපදවන සමාගම් කීපයක්.

04) Menstrual Discs

Credit : Intimina

Menstrual Disc බොහෝ දුරට Menstrual Cup හා සමාන මෙවලමක්. වෙනස ප්‍රමාණයෙන් තරමක් කුඩා වීමයි. Menstrual Disc සාදන්නේද උසස්ම ප්‍රමිතියේ සිලිකන් ඇසුරින්. මෙය ආර්තව සමයේදී අපහසුවකින් තොරව දෛනික ලිංගික කටයුතුවල යෙදීම සඳහාම සකසා ඇති බැවින් ඒ නිසාම සෑහෙන ජනප්‍රිය වෙමින් පවතිනවා. Intimina Ziggy Cup බටහිර රටවල කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය වෙළඳ නාමයක්.

Credit : Intimina

***පරිසර හිතකාමී ආර්තවය වචනයකට පමණක් සීමා නොකර මේ ගැන සොයාබලා හැකිනම් ඊට අනුගත වීම කාන්තා අප සැමගේ යුතුකමක් වගේම වගකීමක්. මෙම ලිපියේ සඳහන් බොහෝ කරුණු පිලිබඳ වැඩිපුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය link යෙදීමට අප කටයුතු කළේ එනිසාමයි. වෙනස් වන ලෝකයේ යාවත්කාලින දැනුමක් සමග ඉදිරියට යන ස්මාර්ට් කාන්තාවක් විදියට මේ ගැන වැඩිපුර සොයාබැලීම ඔබට බාරයි.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago