පුංචිම පුංචි සටහනක්…කවුරුත් ගැන නොවෙයි…මියා කලීෆා ගැන. කවුද මේ මියා කලීෆා. පුරුෂ ලෝකයේ නම් සුර දූතිකාවක්. අපේ කාන්තා ලෝකයේ බහුතරයකට නම් මාර දූතිකාවක්.
පුංචිම පුංචි සටහනක්…කවුරුත් ගැන නොවෙයි…මියා කලීෆා ගැන. කවුද මේ මියා කලීෆා. පුරුෂ ලෝකයේ නම් සුර දූතිකාවක්. අපේ කාන්තා ලෝකයේ බහුතරයකට නම් මාර දූතිකාවක්. මොකද ගෙදර බිරිඳට නැතිනම් පෙම්වතියට වඩා පිරිමින්ගේ හිත මියා කලීෆා වගේ අය ගැන. ඇය ලෝකයේ ඉහලින්ම වැජඹෙන කාමෝද්දීපන නිරූපණ තාරුකාවක්. තේරෙන බාසාවෙන් කිව්වොත් “Porn Star” කෙනෙක්. ගූගල් සෙවුම් යන්ත්‍රය තුල පවා ඇය සිය ආධිපත්‍යය පතුරවාගෙන සිටින්නේ මේ අංශයෙන්. ඇය මේ ක්ෂේත්‍රයේ යෙදෙන්නේ ඊට පිළිගැනීමක් ඇති, එහි නියුතු වූවන්ට අන් අය වපරැහින් නොබලන, හොඳ පිළිගැනීමක් ලැබෙන සමාජයක. ඒ නිසාවෙන් එය එහි පිළිගත් වෘත්තියක්. කාන්තාව දැඩි මර්ධනයකට, ඊනියා සංස්කෘතිකමය සිරමැදිරියක දමා තිබෙන අරාබි ලෝකයේ ලෙබනනයේ උපත ලබා ඇය මෙවැනි ක්ෂේත්‍රයක නිරත වීම ම විශාල අභියෝගයක්. ඇයට ISIS ත්‍රස්තයින්ගේ මරණ තර්ජන පවා එල්ල වන්නේ ඇගේ මේ මුස්ලිම් සම්භවය නිසාවෙන්.අද ඇය ගැන සටහනක් තබන්නට සිතුනේ අහම්බෙන් දුටු ඇගේ සම්මුඛ සාකච්ඡාවක් නිසා. ටෙක්සාස් සරසවියේ ඉතිහාසය පිලිබඳ කලා උපාධිධාරිනියක වන ඇය BBC සම්මුඛ සාකච්ඡාවේ දී ලබා දුන් පිළිතුරුවල හරබර බව ඔබටත් මටත් නොදැනෙන්නේ නම් ඇත්තෙන්ම එය අපේ ගැහැණු කමට ද නිගාවක්. අපේ සමහර(ක්) බලෙන් බැබලෙන තරු, සහ දේශපාලුවන් පවසන අරුත් සුන් වදන්, විගඩම් ඉදිරියේ මියා කලීෆා සිටින්නේ කොතරම් ඉදිරියෙන්ද? ඇගේ නියුතු ක්ෂේත්‍රයට වඩා ඇගේ උගත්කම ඉස්මතුවන තැන මෙය බව පෞද්ගලිකව මගේ හැඟීමයි. සතුටුවන්න. ගැහැණියක ලෙස තවත් ගැහැණියක් ගැන. එය සැබෑ ගැහැණු කමයි. අනෙක් අතට සිතට ගන්න පාඩමක්…උගත්කම ගැහැනියකට ආභරණයක් ම වන බව.
තුබූ තැනක සොර සතුරන් ගත නොහෙනා – එසැඩ මනා වත් වතුරෙන් වළ නොයනා
කෝප වුවත් රජ මැතිදුන් ගත නොහෙනා – උගත මනා ශිල්පයමයි මතු රැකෙනා
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…