Be Positive

උගත්කම කාන්තාවකට ආභරණයක් මැයි!

පුංචිම පුංචි සටහනක්…කවුරුත් ගැන නොවෙයි…මියා කලීෆා ගැන. කවුද මේ මියා කලීෆා. පුරුෂ ලෝකයේ නම් සුර දූතිකාවක්. අපේ කාන්තා ලෝකයේ බහුතරයකට නම් මාර දූතිකාවක්.

පුංචිම පුංචි සටහනක්…කවුරුත් ගැන නොවෙයි…මියා කලීෆා ගැන. කවුද මේ මියා කලීෆා. පුරුෂ ලෝකයේ නම් සුර දූතිකාවක්. අපේ කාන්තා ලෝකයේ බහුතරයකට නම් මාර දූතිකාවක්. මොකද ගෙදර බිරිඳට නැතිනම් පෙම්වතියට වඩා පිරිමින්ගේ හිත මියා කලීෆා වගේ අය ගැන. ඇය ලෝකයේ ඉහලින්ම වැජඹෙන කාමෝද්දීපන නිරූපණ තාරුකාවක්. තේරෙන බාසාවෙන් කිව්වොත් “Porn Star” කෙනෙක්. ගූගල් සෙවුම් යන්ත්‍රය තුල පවා ඇය සිය ආධිපත්‍යය පතුරවාගෙන සිටින්නේ මේ අංශයෙන්. ඇය මේ ක්ෂේත්‍රයේ යෙදෙන්නේ ඊට පිළිගැනීමක් ඇති, එහි නියුතු වූවන්ට අන් අය වපරැහින් නොබලන, හොඳ පිළිගැනීමක් ලැබෙන සමාජයක. ඒ නිසාවෙන් එය එහි පිළිගත් වෘත්තියක්. කාන්තාව දැඩි මර්ධනයකට, ඊනියා සංස්කෘතිකමය සිරමැදිරියක දමා තිබෙන අරාබි ලෝකයේ ලෙබනනයේ උපත ලබා ඇය මෙවැනි ක්ෂේත්‍රයක නිරත වීම ම විශාල අභියෝගයක්. ඇයට ISIS ත්‍රස්තයින්ගේ මරණ තර්ජන පවා එල්ල වන්නේ ඇගේ මේ මුස්ලිම් සම්භවය නිසාවෙන්.අද ඇය ගැන සටහනක් තබන්නට සිතුනේ අහම්බෙන් දුටු ඇගේ සම්මුඛ සාකච්ඡාවක් නිසා. ටෙක්සාස් සරසවියේ ඉතිහාසය පිලිබඳ කලා උපාධිධාරිනියක වන ඇය BBC සම්මුඛ සාකච්ඡාවේ දී ලබා දුන් පිළිතුරුවල හරබර බව ඔබටත් මටත් නොදැනෙන්නේ නම් ඇත්තෙන්ම එය අපේ ගැහැණු කමට ද නිගාවක්. අපේ සමහර(ක්) බලෙන් බැබලෙන තරු, සහ දේශපාලුවන් පවසන අරුත් සුන් වදන්, විගඩම් ඉදිරියේ මියා කලීෆා සිටින්නේ කොතරම් ඉදිරියෙන්ද? ඇගේ නියුතු ක්ෂේත්‍රයට වඩා ඇගේ උගත්කම ඉස්මතුවන තැන මෙය බව පෞද්ගලිකව මගේ හැඟීමයි. සතුටුවන්න. ගැහැණියක ලෙස තවත් ගැහැණියක් ගැන. එය සැබෑ ගැහැණු කමයි. අනෙක් අතට සිතට ගන්න පාඩමක්…උගත්කම ගැහැනියකට ආභරණයක් ම වන බව.

තුබූ තැනක සොර සතුරන් ගත නොහෙනා – එසැඩ මනා වත් වතුරෙන් වළ නොයනා
කෝප වුවත් රජ මැතිදුන් ගත නොහෙනා – උගත මනා ශිල්පයමයි මතු රැකෙනා

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago