දෙපියල්ලෙන් පසු යන්තමින් පළමු සැබෑ පත්‍ර යුගලය මතුවන පැලෑටි Microgreens ලෙස හඳුන්වනවා. අද වනවිට බොහෝ ඉහල මට්ටමේ හෝටල් සහ අවන්හල්වල මිලෙන් ඉහල ආහාර සැකසුම්(සුප්, සලාද වර්ග, සැන්ඩ්විච්) සෑදීමට මෙන්ම dressing ලෙසත් මේවා යොදා ගැනෙනවා.
පරිසරය එක්ක සමීප ජීවිත ගත කරපු, වස විස නැති නැවුම් එළවලු, පලතුරු තමුන්ගේම ගොවිපොළෙන්, ගෙවත්තෙන් ලබා ගත්තු අපි පසුගිය අඩ සියවසකට තරමක් වැඩි කාලයක සුපුරුදු චර්යා රටා වෙනස් කළා. 8-5 පුටුවක් රත් කරන රැකියාවකට හුරු වෙලා, තුන් වේලම වස විස එක්ක කෘත්‍රිම රසකාරක දමපු ක්ෂණික කෑමට හුරු වීමේ ප්‍රථිපල දැන් දැන් ඕනෑ තරම් දකින්න ලැබෙනවා. අඩුවයසින් ලෙඩ, තරබාරු කම, දියවැඩියාව වගේම දැන් දැන් ගොඩ දෙනෙක් අඩු ආයු විඳලා මැරෙන්නෙත් හදවත් රෝග හෝ පිළිකා නිසා. මේ සියල්ලේම අංක එකේ වග උත්තරකරු අවිධිමත්, නුසුදුසු ආහාර පරිභෝජනය. මේ නිසාදෝ අලුත් පරම්පරාව ආයෙමත් තමන්ගේ දෛනික ව්‍යායාම ගැන, වසෙන් විසෙන් තොර පෝෂ්‍ය දායී ආහාර වේලක් ගැන හිතන්න පටන් අරන්. හොඳ ප්‍රවණතාවක්. අද අපි ඔයාලට කියන්න යන්නෙත් වැඩි කරදරයකින් තොරව, ඔබටම වගා කර ආහාරයට ගන්නට හැකි නව රැල්ලේ ආහාර විශේෂයක් ගැන. වසෙන් විසෙන් තොර, කාබනික, පෝෂණ ගුණයෙන් ඉතා ඉහල බටහිර රටවල ශීග්‍රයෙන් ප්‍රචලිතව යන ඒ ආහාර විශේෂය තමා Microgreens(ක්‍ෂුද්‍ර හරිත ආහාර).
Microgreens ලෙස සලකන්නේ අපි කවදාවත් නොඅසපු, නොදැකපු අමුතු අද්භූත ශාක විශේෂයක් නම් නොවේ.අපි එදිනෙදා ආහාරයට ගන්නා බොහෝ එළවලු, පලා ආදිය මේ ලෙස ආහාරයට ගැනෙනවා. මේවායේ බීජ ප්‍රරෝහණය කර, පැල වන්නට තබා දෙපියල්ලෙන් පසු පළමු කුඩා පත්‍ර දෙක මතුවන විට ආහාරයට එකතු කරගන්නට පුළුවන්. මෙලෙස දෙපියල්ලෙන් පසු යන්තමින් පළමු සැබෑ පත්‍ර යුගලය මතුවන පැලෑටි Microgreens ලෙස හඳුන්වනවා. අද වනවිට බොහෝ ඉහල මට්ටමේ හෝටල් සහ අවන්හල්වල මිලෙන් ඉහල ආහාර සැකසුම්(සුප්, සලාද වර්ග, සැන්ඩ්විච්) සෑදීමට මෙන්ම dressing ලෙසත් මේවා යොදා ගැනෙනවා. 1980 දශකයේ පමණ සැන් ෆ්රැන්සිස්කෝ හි සූප වේදියෙකු හදුන්වා දුන් මේ microgreens කෙටි කලක් තුල ප්‍රවීණ සූප වේදීන් රැසකගේ ශාකමය ආහාර වට්ටෝරු රැසකට ඇතුලත් වුණා. මේවායේ පෝෂ්‍ය පදාර්ථ නිසාම බටහිර ලෝකයේ උන්මාදයක් සේ පැතිර ගිය ආහාර වර්ගයක් බවට පත් වුණා.
බොහෝ එළවලු වර්ග මේ Microgreens සැකසීම සඳහා යොදා ගන්නට පුළුවන්.මේ අතර බහුලවම දකින්නට ලැබෙන්නේ බීට්රූට්, කැරට්, රාබු, ගෝවා, කොළ ගෝවා විශේෂ, සලාද, අබ, නිවිති, සුරියකාන්ත, ඖෂධීය රසකාරක ලෙස එකතු කරන බැසිල්, මිංචි, තයිම් ආදිය වැනි ශාක වර්ගයි. කාබනික වගා මාධ්‍යවල වගා කෙරෙන මේ බීජ කුඩා පැල ලෙස මතු වුණ පසු වගා මාධ්‍යයෙන් වෙන් කර ගන්නේ ආහාරය සකසන අතරතුර බැවින් ඉතා නැවුම් ප්‍රණීත රසයකින් යුක්ත වනවා. මෙහිදී ආහාරයට ගැනෙන්නේ කුඩා පත්‍ර සහ කඳ කොටස පමණක් වන අතර මුල කොටස ආහාරයට ගැනෙන්නේ නැහැ. බීජ සිටුවා දින 10-14ත් අතර කාලයකදී මෙලෙස ආහාරයට එකතු කර ගත හැකි වනවා.
Microgreen බොහොමයක ඉහල විටමින් සහ ක්‍ෂුද්‍ර පෝෂක ප්‍රමාණයක් අඩංගු වනවා. ඒ අතර ඇස්කොබික් අම්ලය(විටමින් C), විටමින් E, විටමින් K සහ බීටා කැරොටින් ප්‍රධාන වනවා.
***ඔබටත් නිවසේදීම පහසුවෙන්ම Microgreen වගා කර ගත හැකි ආකාරය සහ මේවායෙන් සාදා ගත හැකි කෑම වට්ටෝරු කීපයක් ළඟදීම…
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…