ඔබේ සියලුම ඖෂධ, පෝෂණ අතිරේක, සනීපාරක්ෂක නිෂ්පාදන, සෞඛ්‍ය හා සම්බන්ධ විවිධ මෙවලම්, කාබනික ආහාර, රූපලාවන්‍ය නිෂ්පාදන, ළදරු නිෂ්පාදන ආදී මෙකී නොකී සෑම දෙයක්ම "click කීපයකින්" ලබාගත හැකි විශාලතම online ඔසුහල් ජාලය, හොඳම ශ්‍රී ලාංකික ඔසුහල් වෙබ්අඩවිය විදියට www.mymed.lk හඳුන්වන්න පුළුවන්.
“The Hand That Rocks the Cradle Is the Hand That Rules the World – තොටිල්ල පදවන අත ලොව රජ කරවයි” විලියම් රොස් වොලස් කවියා 1865 සිය කවි සංග්‍රහයක ඇතුලත් කළ කවියක්. අද වෙන කොට අපේ කාන්තා පරපුර සිටින තැන, දරණ වගකීම් දැක්කම මේ පද කීපය කොතරම් ඇත්ත වෙලාද කියලා හිතෙනවා. පිරිමිත් එක්ක හරි හරියට වෘත්තියවල, ව්‍යාපාරවල, සමාජීය කටයුතුවල නිරතවන අපේ ස්මාර්ට් යෙහෙළියන් කොපමණ කාර්ය බහුලද කියලා හිතාගන්න බැහැ. පිරිමින්ටත් වඩා ගේ දොර, දරු මල්ලන්ගේ වගකීම් එක්ක කාලය කළමනාකරණය ලොකු අභියෝගයක් වෙලා. තොරතුරු තාක්ෂණයේ යොදාගැනීම් අපේ මේ ගැටලුවට පිළියම් සොයා දෙන කාලේ ඔයාලට එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්න උදව් වෙන වෙබ් අඩවි ගැනත් හඳුන්වා දෙන ලිපි පෙළක් අලුතෙන් ඉදිරිපත් කරන්න අපි හිතුවා. අද ඔයාලට හා හා පුරා කියලා කියන්න යන්නේ අන්තර්ජාලයේ ශ්‍රී ලාංකික ඔසු හල www.mymed.lk ගැන.
Ecommerce නැතිනම් Online Shopping අද ශීග්‍රයෙන් ජනප්‍රිය වන්නට පටන් අරන්. කඩේකට ගිහින් බඩුවක් ගන්නවත් වෙලාවක් නැති හැල්මේ දුවන මේ ජීවිතේ එදිනෙදා උවමනා එපා කම් මිලට ගන්න හොඳම විසඳුම තමයි එක. අතේ තියන ජංගම දුරකතනයෙන් නැතිනම් පරිගණකයෙන් උවමනා දේ ඇණවුම් කළ සැණින් ඔයාලට කැමති තැනකට අවශ්‍ය දේ ගෙන්වාගන්න මින් පහසුව ලැබෙනවා. අද කාලේ ආහාර පාන හැරුනම ඊළඟ ලොකුම අවශ්‍යතාවය බේත් හේත්. දු දරුවන්ට උවමනා වෙන්න පුළුවන්, නැතිනම් ඔබේ මව්පිය වැඩිහිටියන් නිතර බෙහෙත් බොන අය වෙන්න පුළුවන්. නැතිනම් කාන්තාවක විදියට ඔබට හදිසියේ උවමනා වන සනීපාරක්ෂක හෝ උපත් පාලන නිෂ්පාදනයක අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. මෙකී නොකී දහසක් උවමනා එපා කම් එක්ක නිතර යන එන තැනක් බවට ෆාමසිය පත්වෙලා. ඔබේ සියලුම ඖෂධ, පෝෂණ අතිරේක, සනීපාරක්ෂක නිෂ්පාදන, සෞඛ්‍ය හා සම්බන්ධ විවිධ මෙවලම්, කාබනික ආහාර, රූපලාවන්‍ය නිෂ්පාදන, ළදරු නිෂ්පාදන ආදී මෙකී නොකී සෑම දෙයක්ම “click කීපයකින්” ලබාගත හැකි විශාලතම online ඔසුහල් ජාලය, හොඳම ශ්‍රී ලාංකික ඔසුහල් වෙබ් අඩවිය විදියට www.mymed.lk හඳුන්වන්න පුළුවන්. දිස්ත්‍රික්ක ගණනාවක පැතිරුණු ඖෂධ අලෙවි සල් දහස් ගණනක් එකම තැනක මේ විදියට ඔබේ පහසුව වෙනුවෙන් පෙළ ගැසුණු මේ අපූරු වෙබ් අඩවිය Digital X (Pvt) Ltd ආයතනයේ නිර්මාණයක්. වෙතින් මිලට ගන්න සෑම නිෂ්පදනයකයම පාහේ ආකර්ෂණීය වට්ටම් ලබා දීම ඔබට ලබා ගත හැකි විශේෂ වාසියක්. අනෙක් අතට ඔබේ බෙහෙත් වට්ටෝරුව වෙත කිරීම මගින් ඔබට කල් ඇතුව මිල ගණන් දැන ගැනීමේ පහසුව ලබා දී තිබෙනවා. Echanneling සේවාව හරහා ඔබට වෛද්‍යවරුන් මුණගැසීමට වෙලාව වෙන් කරගැනීමේ පහසුවද මෙහි අන්තර්ගතයි. මෙවැනි පහසුකම් රැසක් පිරුණු www.mymed.lk ඔබට නවමු අත්දැකීමක් වගේම සාර්ථක කාල කළමනාකරණයකට උදව් වනවාට කිසිම සැකයක් නැහැ.
Website : www.mymed.lk
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…