සිංහල අවුරුද්ද උදා වෙලා ගෙදරට වාසනාව, සශ්‍රිකත්වය ගෙවදින්න කියලා මුලින්ම ඔබ සැමට, Zest Girls පවුල වෙනුවෙන් අපි සියලුම දෙනා එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා.
ලන්දේ උකුල උඩ – නින්ද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා – අන්න හිනා වෙනවා…
සිංහල අවුරුද්ද උදා වෙලා ගෙදරට වාසනාව, සශ්‍රිකත්වය ගෙවදින්න කියලා මුලින්ම ඔබ සැමට, Zest Girls පවුල වෙනුවෙන් අපි සියලුම දෙනා එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා.
සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වන තරු මංගල්‍යය සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලා අපි හඳුන්වනවා. අපේ ක්‍රමයට මේ තමයි නව වසරක උදාව. බටහිරයේ 13 වන ග්‍රෙගරි පාප් තුමා 1852 හඳුන්වා දුන් ජෝර්ජියානු දින දර්ශනය අද සම්මතයක් වෙලා. ඒ නිසාවෙන් අපිත් සීතල උඳුවප් මාසෙන් පසුව එන නැවුම් ජනේරුවේ ලෝක සම්මතයක් විදියට අලුත් අවුරුද්දකට යනවා. ඒත් පරිසරය එක්කම බැඳුනු අපේම මුතුන් මිත්තන්ගේ ක්‍රමේට බත බුලතින් සරුවෙලා හිතේ සතුට උතුරලා එරබදු මලින් හැඩ වෙච්ච, ගහ කොළ පලබර වෙච්ච, හිතේ සතුට ඉතිරෙච්ච බක් මාසේ අලුත් වසරක් ලබනවා. ඒ අපේ සංස්කෘතිය.
අපේ Zest Girls පවුල ලොකු පරාසයක පැතිරුණ එකක්. අවුරුදු 18 නව යොවුන් වියට පා තැබූ සුන්දර යුවතියන්ගේ පටන් ජීවිතේ කියන තක්සලාවේ අනේක විද අත්දැකීම් එක්ක පරිණත වුණු මැදිවියත් පසු කරන කාන්තාවන් අපේ පවුල තුල සිටිනවා. ඒ අතර මැද සිටින මම වගේ අයත් එක්ක සැලකුවොත් අපි 80-90 ගණන්වල දරුවෝ. 🙂 ඒ යුගේ අපි දැකපු, අපි විඳපු ලස්සන සිංහල-හින්දු අලුත් අවුරුද්දක් තිබුණා. අද වගේ අමුතු අමුතු තාක්ෂණික මෙවලම් නැති වුණත් ඒ කාලේ තිබුණු ලස්සන ජීවිතේ අපි වින්දා. තාමත් ඒ මිහිරි මතකය හිතින් විඳිනවා. දශකයක දෙකක පටන් අපි ලොකු රැල්ලකට අසු වුණා. ජීවන තත්ත්වය තරමක් සුඛෝපබෝගී වුණත් අපි ජීවිතේ විඳවනවා. මිනිස්සු හැමෝම වගේ ලොකු තරගයක හැල්මේ දුවනවා. හති වැටි වැටි දුවනවා. මොහොතක්වත් නවතින්නවත් විදියක් නැහැ. හැමදේම මුදලට යටවෙලා. මේ තිත්ත ඇත්ත. හිතට තට්ටු කරලා අවංකව උත්තරයක් ගන්න බලන්න. ඉතින් මේ අලුත් අවුරුද්දත් තවත් නිවාඩු දවස් දෙකක් තුනක් පමණක් වෙලා. අපේ තිබුණ ලෙන්ගතුකම පසෙක දමලා වාණිජ රැල්ලකට හසු වුණු උත්සවයක් වෙලා.
බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන ගමේ යන්න ඇඟිලි ගැනපු, අහල පහල ගෙවල් එකතු කරන කැවිලි හදපු, ඔන්චිල්ලාවක් අත් නොඇරපු, රබන් සද්දේ ගම පුරා පැතිරුණු, හැකි විදියට හිත පිරෙන්න කදමලු බැඳගෙන නෑගම් ගියපු ඒ සුන්දර කාලේ තාම මතකයි. අමතක කරන්න බැරි තරම්. රූපවාහිනියේ, ගුවන් විදුලියේ වුනත් සතියක හමාරක පටන් අල්ලුත් අවුරුදු හැගීම දැනෙන්න තිබුණා. අවුරුදු නැකත්වලට හැමෝම එකතුවෙලා පුරාණ සිරිත් අකුරටම ඉටු කරමින් ඒ කටයුතු සිදු කළා. ළමයි අවුරුදු නිවාඩුව අපූරුවට වින්ද ගත්තා. අදත් මේ දේවල් නැතුවාම නොවේ. මේ අපේ ජානවල කාවැදුණු දේ. ඒත් පුංචි අඩුවක් හිත කොනේ රැඳිලා. හිතේ කියන තරම් සතුටක්, සැහැල්ලුවක් නැහැ.
ලෝකේ එක්ක යන ගමන යන්න. ඒත් අපේ සමාජයේ අනාදිමත් කාලෙක පටන් එන අරටුවට බැහැපු අපේ වටිනා සාර ධර්ම පසෙකට දමන්න එපා. ජීවිතේ තිබෙන විදියට විඳින්න. ලැබෙන දෙයින් සතුටු වෙන්න. අපිට අනෙකා පරදලා යන්න. අනෙකාට වඩා ලොකු ගෙයක් හදන්න, අනෙකාට වඩා හොඳ වාහනයක් ගන්න අවශ්‍ය නැහැ. ඔබ ඔබ එක්ක තරඟ කරන්න. ඔබේ තරමට ණය නොවී ජීවත් වෙන්න. යුතුකම් වගකීම් කිසිම දාක පහර හරින්න එපා. ඔබේ සම්බන්ධකම් මිල මුදල් නිසා යටපත් වෙන්න දෙන්න එපා. ඔබේ සොඳුරු මිනිස් ගුණ සුවඳ මිල මුදල් නිසා නැතිවෙන්න දෙන්න එපා. ටිකෙන් ටික ඔබ ලොකු තැනකට යාවි. එදාට ඔබ මිල මුදලින් වගේම ගුණ ධර්ම වලිනුත් පෝසත් වෙලා ඉඳීවි. ඔක්කොටම වඩා ජීවිතේ සැනසීම තිබේවි. ඒ සතුට සල්ලිවලින් මනින්න බැරි වේවි. ඉතින් ලැබුවාවූ මේ අලුත් අවුරුද්දේ අලුතින් හොඳ දේවල් ජීවිතේට එකතු කරගෙන, නිරෝගීව, හැම අතින්ම ඔබේ සිතේ බලාපොරොත්තු ඉටු කරගෙන, විඳවන්නේ නැතිව ජීවිතේ සතුට විඳිමින් ගතකරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ සැමට එකසිය විස්සට දෙසිය විස්සක් ආයු බෝ වේවා!!!
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…