Beautiful woman model in swimminmg suit isolated
අපේ Bikini Guide ලිපි පෙළ යටතේ අද අරගෙන ආවේ විශේෂ ලිපියක්. Zest Girls Sri Lanka සමග නිබඳවම රැඳී සිටින අපේ රසිකාවියක්, සොයුරියක් සහරා අල්විස්. ඇය අපේ මේ ලිපි පෙළ මුල සිටම උනන්දුවෙන් කියවපු එහි වැරදි තැන් පවා අපට පෙන්වා දෙමින් කටයුතු කළ අයෙක්. මේ Zest Girls වෙනුවෙන් ඇය One-piece Swimsuit ගැන ලියූ විශේෂ ලිපියක්.
පිහිනුම් ක්‍රීඩාවේ යෙදෙන්නෙ නැත්තම් one-piece swimsuit කියන්නෙ ටිකක් අහල පුරුදු නැති වචනයක් වෙයි. එත් ලංකාවේ හැමෝම bikini කිව්වහම මොකක්ද කියල දන්නවා. කොටස් දෙකක පිහිනුම් ඇඳුම bikini එකක් නම්, ආන්න ඒකෙ තනි කොටසක් හැටියට තියෙන්නෙ one-piece swimsuit තමයි.
ලංකාවේ කාන්තාවන්ගෙ ශරීරයේ හැඩය ගත්තොත් bikini එකකට වඩා ගැලපෙන්නෙ one-piece swimsuit එකක්. එත් අඟපසඟ හොඳින් පෙනෙන නිසා ලංකාවේ ගොඩක් modelsල තෝරාගන්නේ bikini එක.
මිලදී ගැනීමට: Mesh Panel Black One Piece Swimwear
01) Bikini එකකට සාපේක්ෂව බලද්දී one-piece swimsuit එකක් හරිම සංවරයි කියන කතාව 100% සත්‍ය නෑ. සමහර one-piece swimsuit ඉතාමත්ම සරාගීභාවයක් ගනු ලබනවා.
මිලදී ගැනීමට: Dashiki Print Cutout Side One Piece Swimwear
02) තමන්ට තිබෙන්නෙ තරමක මිටි සිරුරක් නම් හෝ තම කකුල් එතරම්ම උස නැත්තම්, one-piece swimsuit එකක් ඇඳීමෙන්, පෙනෙනවාට වඩා උසක් හෝ කකුල් උස භාවයක් ලබාගන්න පුළුවන්.
මිලදී ගැනීමට: Black Cutout Back Polka Dot Print One Piece Swimwear
03) One-piece swimsuit එකක අනිත් වාසිය තමයි තමන්ට සුළුවෙන් හරි ඉදිරියට නෙරා උදරයක් තියනවානම් එය නොතිබෙන බවට ලොවට පෙන්වීමට හැකි වීම. ලංකාවේ කාන්තාවන්ගේ ශරීරයේ හැඩය අනුව සුලුවෙන් හෝ උදරයක් පැවතීම ඉතාම සාමාන්‍ය දෙයක්. අන්න ඒ නිසා තමයි “ලංකාවේ කාන්තාවන්ගෙ ශරීරයේ හැඩය ගත්තොත් bikini එකකට වඩා ගැලපෙන්නෙ one-piece swimsuit එකක්” හැටියට කලින් ලියා දැක්වුවේ.
මිලදී ගැනීමට: Zipper Front Cutout Back One Piece Swimwear
04) one-piece swimsuit එකක් විසින් නිතඹ ඉහලට ඔසවා තබන නිසා පිරිපුන් නිතඹක් පෙන්නුම් කීරීම තවත් වාසිදායකයි. අඳින්නෙ v-cut one-piece swimsuit එකක් නම් එහි leg opening එක ඉහල පහල කිරීමෙන් තමන්ගේ නිතඹින් කෙතරම් ප්‍රමාණයක් ලෝකයාට පෙන්නනවාද නැද්ද යන්න තීරණය කිරීමේ හැකියාවක්ද one-piece swimsuit එකක් සතුව තිබෙනවා.
මිලදී ගැනීමට: Halter Neck Color Block One Piece Swimwear
80-90 දශකවල ලෝකයේ සහ ලංකාවේ ප්‍රධානම පිහිනුම් ඇඳුම ලෙස one-piece swimsuit එක ජනප්‍රිය තිබුණත් 2000 වසරවල ශීග්‍රයෙන් පැතිරෙන්නට වුයේ bikini ඇඳුමයි. එහෙත් නැවතත් බටහිර රටවල උන්මාදයක්සේ one-piece swimsuit එක නැවතත් ජනප්‍රිය වෙමින් පවතිනවා. ඒ නිසා one-piece swimsuit එකක් ඇඳීමෙන් නැවතත් #trendy වීමටද අවස්ථාවක් තිබෙනවා.
මිලදී ගැනීමට: Ring Detail Dazzle Color Open Back One Piece Swimwear
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…