Trend Spotter

ඔබට ගැලපෙන bikini එක කුමක්ද? – One-piece Swimsuit

අපේ Bikini Guide ලිපි පෙළ යටතේ අද අරගෙන ආවේ විශේෂ ලිපියක්. Zest Girls Sri Lanka සමග නිබඳවම රැඳී සිටින අපේ රසිකාවියක්, සොයුරියක් සහරා අල්විස්. ඇය අපේ මේ ලිපි පෙළ මුල සිටම උනන්දුවෙන් කියවපු එහි වැරදි තැන් පවා අපට පෙන්වා දෙමින් කටයුතු කළ අයෙක්. මේ Zest Girls වෙනුවෙන් ඇය One-piece Swimsuit ගැන ලියූ විශේෂ ලිපියක්.

පිහිනුම් ක්‍රීඩාවේ යෙදෙන්නෙ නැත්තම් one-piece swimsuit කියන්නෙ ටිකක් අහල පුරුදු නැති වචනයක් වෙයි. එත් ලංකාවේ හැමෝම bikini කිව්වහම මොකක්ද කියල දන්නවා. කොටස් දෙකක පිහිනුම් ඇඳුම bikini එකක්  නම්, ආන්න ඒකෙ තනි කොටසක් හැටියට තියෙන්නෙ one-piece swimsuit තමයි. 

ලංකාවේ කාන්තාවන්ගෙ ශරීරයේ හැඩය ගත්තොත් bikini එකකට වඩා ගැලපෙන්නෙ one-piece swimsuit එකක්. එත් අඟපසඟ හොඳින් පෙනෙන නිසා ලංකාවේ ගොඩක් modelsල තෝරාගන්නේ bikini එක. 

අපි මුලින්ම one-piece swimsuit එකක්‌ ඇඳීමේ වාසි සලකා බලමු.

මිලදී ගැනීමට: Mesh Panel Black One Piece Swimwear

01) Bikini එකකට සාපේක්ෂව බලද්දී one-piece swimsuit එකක්‌ හරිම සංවරයි කියන කතාව 100% සත්‍ය නෑ. සමහර one-piece swimsuit ඉතාමත්ම සරාගීභාවයක් ගනු ලබනවා.

මිලදී ගැනීමට: Dashiki Print Cutout Side One Piece Swimwear

02) තමන්ට තිබෙන්නෙ තරමක මිටි සිරුරක් නම් හෝ තම කකුල් එතරම්ම උස නැත්තම්, one-piece swimsuit එකක්‌ ඇඳීමෙන්, පෙනෙනවාට වඩා උසක්‌ හෝ කකුල් උස භාවයක් ලබාගන්න පුළුවන්.

මිලදී ගැනීමට: Black Cutout Back Polka Dot Print One Piece Swimwear

03) One-piece swimsuit එකක අනිත් වාසිය තමයි තමන්ට සුළුවෙන් හරි ඉදිරියට නෙරා උදරයක් තියනවානම් එය නොතිබෙන බවට ලොවට පෙන්වීමට හැකි වීම. ලංකාවේ කාන්තාවන්ගේ ශරීරයේ හැඩය අනුව සුලුවෙන් හෝ උදරයක් පැවතීම ඉතාම සාමාන්‍ය දෙයක්. අන්න ඒ නිසා තමයි “ලංකාවේ කාන්තාවන්ගෙ ශරීරයේ හැඩය ගත්තොත් bikini එකකට වඩා ගැලපෙන්නෙ one-piece swimsuit එකක්” හැටියට කලින් ලියා දැක්වුවේ.

මිලදී ගැනීමට: Zipper Front Cutout Back One Piece Swimwear

04) one-piece swimsuit එකක්‌ විසින් නිතඹ ඉහලට ඔසවා තබන නිසා පිරිපුන් නිතඹක් පෙන්නුම් කීරීම තවත් වාසිදායකයි. අඳින්නෙ v-cut one-piece swimsuit එකක්‌ නම් එහි leg opening එක ඉහල පහල කිරීමෙන් තමන්ගේ නිතඹින් කෙතරම් ප්‍රමාණයක් ලෝකයාට පෙන්නනවාද නැද්ද යන්න තීරණය කිරීමේ හැකියාවක්ද one-piece swimsuit එකක්‌ සතුව තිබෙනවා.

මිලදී ගැනීමට: Halter Neck Color Block One Piece Swimwear

80-90 දශකවල ලෝකයේ සහ ලංකාවේ ප්‍රධානම පිහිනුම් ඇඳුම ලෙස one-piece swimsuit එක ජනප්‍රිය තිබුණත් 2000 වසරවල ශීග්‍රයෙන් පැතිරෙන්නට වුයේ bikini ඇඳුමයි. එහෙත් නැවතත් බටහිර රටවල උන්මාදයක්සේ one-piece swimsuit එක නැවතත් ජනප්‍රිය වෙමින් පවතිනවා. ඒ නිසා one-piece swimsuit එකක්‌ ඇඳීමෙන් නැවතත් #trendy වීමටද අවස්ථාවක් තිබෙනවා.

මිලදී ගැනීමට: Ring Detail Dazzle Color Open Back One Piece Swimwear

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago