CookBookLK

Original Devil’s Chicken – යකාටවත් බය නැති අයට පමණයි

යකාගේ කුකුල් මස් කරිය, නැතිනම් Devil's Chicken.මේ නියම Devil's Chicken recipe එක පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යුග තෙක් ඈතට යන එකක්. සුදට කන්න හුරු බටහිර අය මිරිස් වැඩි කරලා දුම් දාන සැරට හදපු මේ චිකන් කරියට Devil's Chicken(Chicken Debal) නම දුන්නේ සැර නිසාම වෙන්න ඕන.

ඉවීමත් කලාවක්. සංස්කෘතික අංගයක්. සෑම රටකම, සෑම ජාතියකටම අනන්‍ය වුණු ආහාර සංස්කෘතියක් තිබෙනවා. ලාංකික අපටත් එසේමයි. ඈත කාලයේ පටන් අපේ රටට විදේශ ජාතීන්ගේ බලපෑම් එල්ල වුණා. ඒ අපේ රටේ පිහිටීමේ විශේෂත්වය නිසා. මේ විදේශ බලපෑම් අපේ ආහාර සංස්කෘතියටත්(Food Culture) අලුත් අලුත් දේ එකතු කළා. පසු කාලෙක ලෝකයේ අනිත් රටවලට පවා මේ සමහර ආහාර වට්ටෝරු ගියේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන. ලන්දේසින්ගෙන් අපේ ආහාර සංස්කෘතියට එකතුවුණු ලම්ප්‍රයිස්(Lampraise) ඒ වගේ එකක්. අද ගිනිකොණ දිග ආසියවෙත් ජනප්‍රිය මේ ලම්ප්‍රයිස් එක එයාලා හඳුන්වන්නේ ශ්‍රී ලංකාවෙන් ලැබුණු recipe එකක් විදියට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නෙත් ඒ වගේ එකක්. ඒ තමයි යකාගේ කුකුල් මස් කරිය, නැතිනම් Devil’s Chicken.මේ නියම Devil’s Chicken recipe එක පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යුග තෙක් ඈතට යන එකක්. සුදට කන්න හුරු බටහිර අය මිරිස් වැඩි කරලා දුම් දාන සැරට හදපු මේ චිකන් කරියට Devil’s Chicken(Chicken Debal) නම දුන්නේ සැර නිසාම වෙන්න ඕන. මේ ඔයාලා හංදියක් හංදියක් ගානේ තියන ලෝකල් චයිනීස් වලින් ගේන චයිනීස් චිකන් ඩෙවල් නම් නෙමෙයි. මිරිස්, රතු ළූණු, සුදු ළූණු සැරෙන් සැර ගන්වලා කොත්තමල්ලි(coriander), මිංචි(mint), සැල්දිරි(celery) වලින් වෙනම රසකට අරගෙන, අර්තාපල්(potato) වලින් උකු කරපු gravy එකක් එක්ක හදන මේ ඩිෂ් එකක් වැස්සත් එක්ක සීතල වුනු දවසක ඔයාගේ කෑම මේසෙට එකතු කරලා බලන්න. වැස්ස දවසක පොඩ්ඩක් උණුසුම් වෙන ගමන් බයිට් එකට ගන්නත් හොඳ ඩිෂ් එකක්. අද වෙන කොට කෘත්‍රිම රස කාරක ගොඩක් එක්ක තාවකාලිකව දිවට වින්දනයක් දෙන්න අපි හුරු වෙලා. ඒත් මේ රසකාරක බොහොමයක් අපේ ආයුෂ අඩු කරනවා. පිළිකා වගේ රෝග බහුල වෙන්නත් මේවා ලොකු බලපෑමක් කරනවා. පුළුවන් තරමින් ස්වභාවික විදියට ඖෂධීය ශාක රස කාරක එකතු කරගන්න. නැවුම්, අමුතු රසක් වගේම ඔයාලාගේ ශරීර සෞඛ්‍යයටත් හොඳක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

තරමක කැබලි කපා ගත් කුකුල් මස් 1kg(සම්පූර්ණ කුකුළෙක් ගන්න)
තරමක අල ගෙඩි 4ක්(කැබලි කපා ගන්න)
උළු හාල් තේ හැඳි 1/4ක්
අබ තේ හැඳි 1ක්
කුරුඳු පොතු, බේ ලීව්ස්, කරාබු නැටි, එනසාල්
විනාකිරි
සීනි රස අනුව
ලුණු රස අනුව
මිංචි, සැල්දිරි, කොත්තමල්ලි කොළ කෝප්ප 1 බැගින්
අමු මිරිස් කරල් 3-4ක්
දෙහි ගෙඩි 1ක යුෂ
පහේ පේස්ට් එක සෑදීමට(වියලි මිරිස් කරල් 10-15ක්, රතු ළූණු ගෙඩි 12ක්,ඉඟුරු අඟල් 2ක පමණ කැබැල්ලක්, සම්පූර්ණ සුදු ළූණු ගෙඩියක බික්, කහ කුඩු තේ හැඳි 1/4ක්, කරපිංචා ඉති 2-3ක් )

සාදන ආකාරය:

01) කුකුල් මස් හොඳින් සෝදා වතුර ඉවත් කර ගන්න. වෙනදා වගේ කහ, ලුණු, ඇඹුල් දමා සීසන් කරන්න එපා. හොඳින් සේදුවාම ප්‍රමාණවත්.

02) පහේ මිශ්‍රණයට අදාළ දේවල් වතුර කෝප්ප බාගයක් සමග බ්ලෙන්ඩරයට දමා පේස්ට් එකක් ලෙස සාදා ගන්න.

03) ගැඹුරු non-stick භාජනයක් ලිපේ තබා එළවලු තෙල් කෝප්ප 1/4ක් එකතු කරන්න. තෙල් රත් වන විට අබ එකතු කරන්න. අබ පුපුරන විට උළු හාල්, එනසාල්, කුරුඳු පොතු, බේ ලීව්ස්, කරාබු නැටි එකතු කරන්න. කපා ගත් අමු මිරිස් ද එකතු කරන්න.

04) මිරිස් බැදී ගෙන එනවිට පහේ පේස්ට් එක එකතු කරන්න. පහේ පේස්ට් එක තෙල් සමග මිශ්‍ර කර විනාඩි 3ක් පමණ පිසෙන්න හරින්න. දැන් ඊට කපා ගත් අර්තාපල් එකතු කරන්න.

05) විනාඩි 5-7ක් පමණ පහේ පේස්ට් එක අර්තාපල් සමග හොඳින් මිශ්‍ර වන තෙක් පිසින්න. දැන් කුකුල් මස් එකතු කරන්න. මස් ටික හොඳින් මිශ්‍රණය සමග කලවම් කර වතුර කෝප්ප 2ක් එකතු කරන්න. වැඩි ගින්දරේ විනාඩි 7 පමණ පිසින්න.

06) සැල්දිරි, මිංචි, කොත්තමල්ලි කොළ එකතු කරන්න. හොඳින් මිශ්‍ර කරන්න. විනාඩි 2කින් පමණ රස අනුව ලුණු දමන්න. විනාකිරි එකතු කරන්න. පියන වසා විනාඩි 15ක් අඩු ගින්නේ පිසින්න.

07) විනාඩි 15කට පසු පියන ඇර සීනි තේ හැඳි 1ක්, දෙහි යුෂ තේ හැඳි 1ක් එකතු කරන්න. පියන ඇර විනාඩි 2-3ක් පිසින්න. වතුර ගතිය අඩුවී උකු වන තෙක් තබා ලිප වසා දමන්න. පියන වසා විනාඩි 30ක් පමණ තබා කෑමට එකතු කර ගත්තොත් වඩා රසවත් වේවි.

Source: Kamani LIVE!
Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

4 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

5 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago