Trend Spotter

Pelvic Tattoos – Hot වෙන trend එකේ අයට පමණයි

ගැහැණු පිරිමි භේදයක් නැතිව මේ tattoo කලාවට යොමුවෙලා. ශරීරයේ බොහෝ ප්‍රදේශවල මේ tattoo නිර්මාණ කරන්න ඒ අය පෙලඹිලා. අද අපි මේ කියන්න යන්නේ තරුණියන් තරමක් කැමති tattoo වර්ගයක් ගැන. ඒ Pelvic Tattoo.

Tattoo කියන්නේ කලාවක් වගේම විලාසිතාවක්. කාලෙකට කලින් නම් අපේ රටේ චණ්ඩි, රස්තියාදුකාරයින් විතරයි මේ පච්චා ගහන්නේ කිව්වට අද වනවිට ඒ හණමිටි අදහස් වෙනස් වෙලා. අද ලෝකයේ සෑම රටකම පාහේ ගැහැණු පිරිමි භේදයක් නැතිව මේ tattoo කලාවට යොමුවෙලා. ශරීරයේ බොහෝ ප්‍රදේශවල මේ tattoo නිර්මාණ කරන්න ඒ අය පෙලඹිලා. අද අපි මේ කියන්න යන්නේ තරුණියන් තරමක් කැමති tattoo වර්ගයක් ගැන. ඒ Pelvic Tattoo.

මේ Tattoo විශේෂයට තරුණියන් විශේෂ කැමැත්තක් දක්වන්නේ ගොඩක්ම නිරාවරණය නොවූ එකක් නිසා. මේ විශේෂයට තරුණියන් විශේෂ කැමැත්තක් දක්වන්නේ ගොඩක්ම නිරාවරණය නොවූ එකක් නිසා. Pelvic Tattoo නම වගේම උද‍ර ප්‍රදේශය ආශ්‍රිතව කරන Tattoo වර්ගයක්. බොහෝ විට නාභියට පහලින් කෙරෙන මෙය ලිංගේන්ද්‍රිය ප්‍රදේශය තෙක් විහිදෙන ආකාරයට කෙරෙන අවස්ථා තිබෙනවා. මේ නිසාවෙන්ම මෙය ගොඩක් ආකර්ෂණීය වගේම සරාගී පෙනුමක් ලබා දෙන්නට සමත්.

Pelvic Tattoo කිරීමේදී වේදනාව දැනෙන ආකාරය

Pelvic Tattoo රිදෙන එකක්ද? දෙන්න පුළුවන් කෙටිම පිළිතුර “ඔව්”. එහෙත් එය ඔබේ දරාගැනීමේ හැකියාව මත රඳා පවතිනවා. ඔබ මින් පෙර සම්බන්ධයෙන් හොඳ අත්දැකීම් ඇති අයෙකු නම් එය එතරම් ගැටළුවක් වන එකක් නැහැ. උදර ප්‍රදේශය ආශ්‍රිතව ස්නායු අග්‍රයන් පවතින නිසාවෙන් තරමක වේදනාවක් දැනෙන එක සාමාන්‍ය දෙයක්. මේ නිසා වේදනාව අඩුකරන ක්‍රීම් වර්ගයක්(Anesthetic Cream) භාවිත කිරීම වඩා යෝග්‍ය වනවා.

උදරයේ පහලට වන්නට කෙරෙන Tattoo

නාභියට තරමක් පහලට වන්නට ආරම්භවන මෙම වර්ගය බොහෝවිට යෝනියේ ඉහල කෙලවර තෙක් පැතිරෙන තෙක් කරන්නට පුළුවන්. තරමක විශාල සම් ප්‍රදේශයක් ආවරණය වන පරිදි මෙම Tattoo වර්ගය කෙරෙන අතර සමමිතිය රැකෙන ආකාරයේ රූප යොදා ගැනෙන්නක්. ලිංගේන්ද්‍රිය ප්‍රදේශය තෙක් නිරාවරණය වන්නක් බැවින් සෞඛ්‍ය සම්පන්න බව පිලිබඳ ඉහලින් සැලකිලිමත් විය යුතුයි. සුදුසුකම් සැපිරූ පළපුරුදු Tattoo නිර්මාණ ශිල්පියෙකුගේ සහය වගේම උසස් ප්‍රමිතියේ තීන්ත වර්ග භාවිතය අතිශය වැදගත් කරුණු වෙනවා. මෙම වර්ගය බොහෝ විට ඇඳුම් වලින් ආවරණය වන්නක් නිසා ඔබට පහසුවෙන් සඟවා තබා ගන්නට පුළුවන්. Bikini, Lingerie වැනි ඇඳුම්වලට හෝ සුවිශේෂී පුද්ගලයන්ට පමණක් නිරාවරණය වන මෙය ඔබට සැබෑ සරාගී බවක් ලබාදෙනවා.

උදරයේ පැත්තක් ආවරණය කෙරෙන tattoo

විශාල ප්‍රදේශයක වගේම තරමක් ත්‍රිමාණ ස්වභාවයක් පෙන්වන්නට හැකි ආකාරයෙන් මෙම Tattoo වර්ගය කළ හැකි වනවා. උදරයේ පැත්තකට වන්නට නිසා වටකුරු හැඩති මතුපිටක් මත කෙරෙන Tattoo විශේෂයක්. බොහෝ විට යොදාගැනෙන්නේ වර්ණවත් ලෙස කෙරෙන නිර්මාණයන්.

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago