#pinklist

Perifit – කාන්තා ඔබ වෙනුවෙන්මයි

ලස්සනට, ෆිට් එකට, නිරෝගීව ඉන්න හදන අපේ මිතුරියන් අමතක කරන, එතරම් හිතන්නේ නැති අතිශය වැදගත් කරුණක් එක්ක අද #pinklist නිරෝගී, ශක්තිමත් යෝනියක් තිබීමේ වැදගත් කම ගැන. ඒ සඳහා ප්‍රයෝජනවත් උපකරණයක් මේ Perifit.

ගැහැණු කියන්නේ කැපකිරීම් වෙනුවෙන්ම උපන් පිරිසක්. අන් අය වෙනුවෙන්, තමන්ගේ පවුල වෙනුවෙන්, සමාජය වෙනුවෙන් තමන්ගේ කාලය, ධනය, දැනුම ශ්‍රමය වගේම තමන්ගේ ශරීරය පවා කැප කරන්න වුණු පිරිසක්. මේ ලෝකේ තියන අමාරුම කාර්යයන් අතර මුල් තැන ගන්නා එකක් විදියට දරුවෙකු බිහි කිරීම හඳුන්වන්න පුළුවන්. යෝනි මාර්ගයේ අභ්‍යන්තරය සාමාන්‍යයෙන් මිලි මීටර් 24ත් 65ත් අතර පරාසයේ පිහිටනවා. ලිංගික එකතුවකදී ශිෂ්නයක් යෝනියට ඇතුළු කිරීමෙන් ආස්වාදයක් ලැබුණත් එය වේදනාව මුසු වුණු ආස්වාදයක් බව දන්නේ ගැහැණු අප පමණයි. සාමාන්‍ය ආකාරයට වන දරු ප්‍රසුතියකදී යෝනි මාර්ගය තුලින් දරුවා බිහිවන විට දැනෙන වේදනාව අපමණ එකක් වන්නේ ඒ නිසා. දරු ප්‍රසුතියකින් පසුව යෝනි මාර්ගයට සහ එහි මාංශ පේශිවලට විශාල පීඩනයක් දරන්නට වෙනවා. විශාල තෙරපුමක් ලබා දෙන්නට වෙනවා. පසු කාලින ප්‍රතිපල ලෙස ගර්භාෂ පහත්වීම්, යෝනි මාර්ගයේ පේශි ලිහිල්වීම් වැනි සංකුලතා වලට මුහුණ දෙන්නට වෙනවා. එහි නරක අත්විඳින්නට වෙන්නේ බොහෝ විට මැදිවිය පසුකර යන විට. කාලෙකට කලින් නම් විවාහයත් එක්ක ගෙදර යුද්දෙට මැදි වුණු අපේ කාන්තා පරපුර “තාර පීප්ප” වගේ වෙන්න ගියේ අවුරුද්දයි, දෙකයි. කෙල්ල කාලේ අනේ ලස්සනට fashion කරගෙන, දවස පුරාම ලස්සනට හිටපු කෙනාම ද කියලා හිතෙනවා. ටික දවසකින් මහත්තයගේ බැල්මත් පාරේ යන ලස්සන ගැහැණුන් ට. අනේ !!! කියලා හිතෙනවා. අන්තිමේ සමහර ගෙවල්වල පවුල් අවුල්. හේතුව තමුන්ට තමුන්වම මග හැරීම..අමතක වීම. දැන් නම් trend එක ටිකක් වෙනස්. දරුවෝ හිටියා වුනත් අපේ කාන්තාවෝ ව්‍යයමවලට, කෑම පාලනයට, රූපලාවන්‍ය සත්කාරවලින් රූපය ලස්සනට තියාගන්නට උත්සහ කරනවා. ඇත්තෙන්ම හොඳ ප්‍රවණතාවක්. සැමියාට වුණත් බිරිඳට වඩා “HOT” කෙනෙක් නැහැ. ඔහොමනෙ ඉන්න ඕනේ. ජීවිතය වින්දට කිසිම වරදක්වත් පවක්වත් නැහැ. සභ්‍යත්වයට අදාලම නැහැ. ලස්සනට, ෆිට් එකට, නිරෝගීව ඉන්න හදන අපේ මිතුරියන් අමතක කරන, එතරම් හිතන්නේ නැති අතිශය වැදගත් කරුණක් එක්ක අද #pinklist නිරෝගී, ශක්තිමත් යෝනියක් තිබීමේ වැදගත් කම ගැන. ඒ සඳහා ප්‍රයෝජනවත් උපකරණයක් මේ Perifit.

Credit: Perifit

Perfit – Pelvic floor trainer with app

දැකපු ගමන් මතකෙට එන්නේ Dildo එකක් නේද? පුරුෂ ලිංගයකින් ලබන සතුට තනිවම ලබාගන්න භාවිත කරන Dildo අපේ අය අතරත් දැන් දැන් ප්‍රචලිත වෙමින් තිබෙනවා. මේ Perfit ලිංගික ආස්වාදයක් ලබාගන්න උපකරණයක් නම් නොවේ. Kegel ව්‍යායාම(Pelvic floor නැතිනම් ශ්‍රෝණි ප්‍රදේශයට කෙරෙන ව්‍යායාම) උපකරණයක්. මෙමගින් ශ්‍රෝණි ප්‍රදේශයේ පේශි ශක්තිමත් කෙරෙනවා. කාන්තාවක ලෙස මෙම ව්‍යායාමවල යෙදීම ඉතා වැදගත්.ගර්භාෂ පත්වීම්, යෝනි මාර්ගයේ ලිහිල්වීම් වළක්වාගන්න, වයස්ගත වන විට සිදුවන නොදැනීම මුත්‍රා පහවීම වැනි සංකුලතා මගහරවාගන්න මෙමගින් පුළුවන්. Perifit උපකරණය ඔබට ඕනෑම තැනක පහසුවෙන් ගෙන යා හැකි ආකාරයට සැකසූවක්. එය ඔබේ ජංගම දුරකතනයට App Store නැතිනම් Play Store මගින් නොමිලේම භාගත කළ හැකි app එකක් හා ක්‍රියාත්මක වෙන්නක්. ආකර්ෂණීය වීඩියෝ ක්‍රීඩාවක් ලෙස සකසා ඇති මෙය ඔබ ව්‍යායාමයේ යෙදෙන ආකාරය අනුව ලකුණු ලබා දෙනවා. යෝනි මාර්ගය තුලට ඇතුළු කරන Perifit උපකරණය යෝනි බිත්ති මගින් තෙරපීම මගින් උපකරණය app එක හා සම්බන්දව ක්‍රියාත්මක වනවා.

Credit: Perifit

ඔබ ව්‍යායාම මගින්, ආහාර පාලනය මගින් සිරුරේ හැඩය මනාව පවත්වාගැනීමට වෙහෙසෙනවා ඇති. එලෙසින්ම මේ kegel ව්‍යායාම කෙරෙහිද අවධානය ලබා දිය යුතු වෙනවා. ශක්තිමත් නිරෝගී යෝනියක් සාර්ථක ලිංගික ජීවිතයකට පිටිවහලක්. Perifit වැනි උපකරණයක් ඇසුරෙන් kegel අභ්‍යාස පුරුදු පුහුණු කළ අයෙකු නම් ලිංගික සහකරුවන් ඔබ වෙත ආකර්ෂණය වන්නේ නිරායාසයෙන්. එය බාහිරෙන් පෙනෙන ඔබේ පෙනුම ඉක්මවා ගිය එකක් වනු ඇති.

මිල දී ගැනීම සඳහා පිවිසෙන්න: www.perifit.co

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago