ලෝකය පුරා සිටින කාන්තාවන්ගෙන් සහ වැඩිවිය පැමිණි ගැහැණු ළමුන්ගෙන් මිලියන 500ක් සෑම මසකම ආර්තව දුගී බවෙන්(Period poverty) පෙළෙන බව ඔබ දන්නවාද? ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් ලක්ෂ 14කට අධික පිරිසක් ආර්තව දිළිඳු කමින් පීඩා විඳින බව දැන සිටියා ද? තිත්ත වුණත් ඇත්ත එයයි..
ආර්තවය ගැහැණු කමේ උරුමයක්. සලකුණක්. ආර්තව දරිද්‍රතාවය(Period poverty) සරල ලෙසින් හැඳින්වුවහොත් කාන්තාවන්ගේ මුලික අවශ්‍යතාවයක් වන ආර්තවය හා සම්බන්ධ සනීපාරක්ෂක නිෂ්පාදන පරිභෝජනයට ඇති බාධාවයි. මෙය මුලිකවම ආර්ථික ගැටළු නිසා ඇතිවන්නක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ආර්ථික, සමාජීය සහ ජීවන මට්ටම අතින් ලෝකයේ දියුණු යැයි සැලකෙන රටවල පවා අද වන විට මේ Period poverty සහ Menstrual Equity/Period Equity යන සංකල්පයන් බිහි වී තිබෙනවා.ඒ ගැන කතා බහ කෙරෙනවා. ඒ ආශ්‍රිත ගැටළුවලට විසඳුම් සෙවීමට ඒ රටවල් කටයුතු කරනවා.
පසුගිය දිනවල අප රටේ දේශපාලන වේදිකාවක කොනකින් මතුවී කෙටි කලෙකට trending වී ලත් තැනම ලොප් වී ගිය මේ මාතෘකාව ගැන, කාන්තා මට…ඔබට…වැදගත් මේ මාතෘකාව ගැන අද අපි කතා බහ කරන්නේ ජනප්‍රිය ලේඛිකාවක්, මුද්‍රිත(මුතුහර, සමුදුර, සෝදිසි ආදී), රූපවාහිනී(ලෝක සිතියම) සහ විද්‍යුත් මාධ්‍ය රැසක සංස්කාරවරියක සහ කාන්තා ගැටළු පිලිබඳ හඬ නගන සමාජ ක්‍රියාකාරිනියක්… නීතිඥවරියක්…සමග. ඇය නෙලුම් යාය පදනමේ වැඩසටහන් අධ්‍යක්ෂිකා රදිකා ගුණරත්න.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…