මාර්තු 20 වන දින සිට ශ්‍රී ලංකාවේ පනවන්නට යෙදුණු පොලිස් ඇඳිරි නීතිය ලබන අප්‍රේල් 20 දින සිට ක්‍රියාත්මක වන පරිදි ලිහිල් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය තීරණය කර තිබෙනවා. අධි අවදානම් දිස්ත්‍රික්ක සහ අනෙක් දිස්ත්‍රික්ක සඳහා පහත පරිදි බල පැවැත්වෙනු ඇති. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තල යන දිස්ත්‍රික්කවල නම් පොලිස්බල ප්‍රදේශවල ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක වන අතර එම දිස්ත්‍රික්කයේ අනෙක් පොලිස් බල ප්‍රදේශයන්හි ඇඳිරි නීතිය අප්‍රේල් 22 දින සිට පහත පරිදි ලිහිල් කෙරෙනු ඇති.

