මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා. දිවුලපිටිය ප්‍රදේශයේ 39 හැවිරිදි කාන්තාවක COVID-19 ආසාදිතයෙකු බව තහවුරු වීමත් සමග මේ ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ. මාස කීපයකට පසු නිරෝධායන මධ්‍යස්ථානයකින් පිට හමු වුණු පළමු COVID-19 ආසාදිතයා වන ඇය මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.