මේ බහු පුරුෂ සේවනය(Female Polyandry) නැතිනම් එකම ගැහැණියකට සහකරුවන් කීප දෙනෙකු සිටීම අද 21 වැනි සියවසේ සිටින ඔබට මට මේ දේ අමුතු දෙයක් ලෙස දැනුණත් අතීතයේ අපේ පෙරදිග ලෝකයේ මෙය ඉහලින් පිලි ගැනුණු අතිශය සාමාන්‍ය, සුලබ චාරිත්‍රයක් වුණා.
හැමදාමත් අපේ කාන්තාවන්ට හිතන්නට අලුත් අදහසක් එකතුකරන දේවල් අපි Zest Girls තුලින් අරගෙන එනවා. ඉතින් අපි අද හිතුවා වැදගත් මාතෘකාවක් ගැන කතා බහ අරඹන්න. එකගෙයි කෑම කියන්නේ ඔයාලා දන්නා විදියට නම් සහෝදරයෝ දෙදෙනෙක් හෝ කීපදෙනක් ඉන්න පවුලකට අපේ අතීතයේ කාන්තාවක් විවාහ කර දීමයි. මෙය බොහෝ ඈත අතීතයේ සිටම දේපල බෙදී යාමේ ගැටලුවට විසඳුමක් ලෙස ඉදිරිපත් වුණ එකක්. මේ නිසා පවුලට හිමි වත්කම් සහෝදරයන් අතරේ බෙදී යාම මේ නිසා මග හැරී ගියා. මේ ස්වාමි පුරුෂයන්ට දාව හැදී වැඩෙන දරුවන්ට පවුලේ සියලුම පිරිමින්ගේ පිය සෙනෙහස ලැබුණා. අපේ රට විදේශිකයන්ගේ පාලනය යටතේ තිබූ අවධියේ දී විවාහයට පල්ලියෙන් පැනවුණු නීති රීතිවලට අනුව විවාහය නීතිගත කිරීම හා එකම පුරුෂයෙකුට එක ගැහැණියක යන්න ව්‍යවහාරයට පැමිණියා.
මේ බහු පුරුෂ සේවනය(Female Polyandry) නැතිනම් එකම ගැහැණියකට සහකරුවන් කීප දෙනෙකු සිටීම අද 21 වැනි සියවසේ සිටින ඔබට මට මේ දේ අමුතු දෙයක් ලෙස දැනුණත් අතීතයේ අපේ පෙරදිග ලෝකයේ මෙය ඉහලින් පිලි ගැනුණු අතිශය සාමාන්‍ය, සුලබ චාරිත්‍රයක් වුණා. එය රජ පවුලේ පටන් සාමාන්‍ය වැසියා දක්වා සියලුම සමාජ පංති අතර දකින්න ලැබුණක්. මහාභාරත වීර කාව්‍යයේ සඳහන් පංච පාණ්ඩව රජ දරුවන්ට සිටියේ ද්‍රෞපදී නම් එක බිසවක්. අපේ රටේ පවා රජ පවුල්වල මේ බහු පුරුෂ විවාහය සුලබ එකක්. විජයබා කොල්ලයට සම්බන්ද සයවන විජයබාහු රජු මෙවැනි එකගෙයි විවාහයක සිටි අයෙකු බව රාජාවලිය, අලකේශ්වර යුද්ධය යන පැරණි පොත පතේ සඳහන්. අපේ රට බටහිර ජාතීන්ට යටත්ව සිටි සමයේ අපේ තිබුණු සමහර මෙවැනි විවෘත සිරිත් විරිත් අපෙන් ඉවත් කර ඔවුන්ගේ රටවල එකල තිබූ දැඩි මර්දනකාරී, හණමිටි කුණු සම්ප්‍රදායන් වලට අපේ ජනතාව බලහත්කාරයෙන් නැඹුරු කරවා අපේ තිබූ සරල, නිදහස්, සාමකාමී දිවි පැවැත්ම අපෙන් බලහත්කාරයෙන් උදුරා ගෙන ඔවුන්ගේ රටවලට ගෙන ගියා. මේ විදේශිකයින්ගේ නීති රීති, තාඩන-පීඩනවලට බියවූ එකල සමාජය ඔවුනට බියෙන් මේ පරගැති සම්ප්‍රදායන් අපේ සමාජයට ආරෝපණය කර ගෙන ඒවා අපේ අනාදිමත් කාලයක සම්ප්‍රදායන් ලෙස පිළිගන්නට වුණා. එක පවුලක් තුල ස්වාමි පුරුෂයන් කීපදෙනක් සමග ජීවත්වන කාන්තාවකට තිබෙන ආරක්ෂාව අතිමහත් එකක් වුණා. බොහෝ විට රැකියා සඳහා නිවසින් බැහැරට යන පිරිමින් විසින් තම බිරිඳව මනා කොට ආරක්ෂාව සහ පහසුකම් ගැන දැඩිව සොයා බලා කටයුතු කළා. පවුල් ජීවිතය තුල සහකරුවන් දෙදෙනෙකු හෝ ඊට වඩා ප්‍රමාණයක් සමග ජීවත් වන්නට සිදුවන එකල කාන්තාවට ඇයගේ ලිංගික ජීවිතය පවා තෘප්තිමත් එකක් වුණා. මේ 21 වැනි සියවසේ මෙන් නොව පවුල තුල සමගිය ඉතාමත් යහපත් අන්දමින් පැවතුනා. අද කාලයේ අපි ගොඩක් දෙනෙක් රැඩිකල් කියලා මවාගෙන ඉන්න ලෝකේ ඇත්තටම අපි රැඩිකල් නැහැ. ඒක තනිකරම පට්ට පල් බොරුවක්. පිරිමි ගොඩක් වටකරගෙන උත්සවයකදී හෝ වෙනත් අවස්ථාවකදී මත් පැන් පානය කරන, ගංජා, හෙරොයින් පාවිච්චි කරන මහා උජාරුවෙන් සිගරට් බොන කාන්තාවන් සිතන්නේ තමන් තරම් වෙන කිසිවෙකුත් රැඩිකල් චරිත නොවන බවයි. නමුත් මා දකින්නේ දැනට අවුරුදු එකසිය පනහකට පමණ පෙර ගමේ ගෙදරක එකගෙයි පවුල් කන, මළ පොතේ අකුරක් නොදන්නා කාන්තාවන් තරම් අද කාලයේ කාන්තාවන් නොවටිනා බවයි. කවුරුන් කෙසේ කීවත්, කුමන පදනමක සිට කතා කරත් එය තමයි පරම සත්‍යය.
යහපත් විවාහ ජීවිත ගත කළ අපේ පැරණි ජනතාවගේ ජීවිතය හා බැඳී පැවතුණ ඉතාමත් අහිංසක සිරිත් විරිත් නිර්දය ලෙස පැහැර ගනිමින් බටහිර රටවල් ඒ ජීවන රටා තමන්ට එකතු කරමින් ඔවුන්ගේ ජීවිත සැපවත් ව ගත කරයි. ලෝකයේ බොහෝ රටවල සුපිරි ජීවිත ගත කරන කාන්තාවන් තම සමාජ මාධ්‍යවල(Facebook, Instagram වැනි) ඔවුන් මේ ගත කරන විවෘත ලිංගික සම්බන්ධතා සහිත ජීවන රටාවන් පිළිබඳව විවෘත අදහස් සහ ඡායාරූප පවා පළ කරන්නේ කිසිම පැකිලීමකින් තොරවයි. මෙම බහු පුරුෂ ඇසුර ඔවුන්ගේ ජීවිතවලට අත්‍යාවශ්‍ය අංගයක් ලෙස සලකා, එහි ඇති වාසි නිසාම ඒ අය එළිපිටම ඒ ගැන අදහස් පළ කරන්නට බිය වන්නේ නැහැ. ලංකාව ඇතුළුව ආසියානු කාන්තාවන් මේ පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීමට පැකිලීමක් දක්වන්නේ ඊනියා සංස්කෘතික අවියෙන් එල්ල විය හැකි නිර්දය පහර දීම් වලට ඇති බිය නිසාමයි. නමුත් ශ්‍රී ලංකාවේ විවාහක කාන්තාවන් බොහොමයකට වෙනත් සහකරුවන් සිටීම ප්‍රසිද්ධ රහසක්. නමුත් එය තිරය පිටුපස ජවනිකා රඟ දැක්වීමක්. මේ නිසා පවුල් සංස්ථාවල ඇතිවන නොයෙක් ඛේදවාචක නිරන්තරයෙන් ම අපට අහන්නට දකින්නට ලැබෙනවා. මෙය ඈත අතීතයේ සාමාන්‍ය දෙයක් වුණත් වර්තමානයේ අසාමාන්‍ය දෙයක් බව ඊනියා සංස්කෘතික කණ්ණාඩියෙන් ලෝකය බලන බහුතරයකගේ මතය වී තිබෙනවා. මාගේ පෞද්ගලික මතය වන්නේ මේ සියලු දේ සාමාන්‍ය සංසිද්ධි වන අතර මනුෂ්‍යයෙකුගේ ශාරීරික හෝ මානසික හෝ අවශ්‍යතා සඳහා කිසිවෙකු බලපෑම් එල්ල නොකළ යුතු බවයි. එය කාන්තාවකට වුවද පුරුෂයෙකුට වුවද අවශ්‍යතාවය එකක් මිස වෙනසක් නොවේ. අද වන විට ලංකාවෙත් සමහර පවුල් මෙම බහු පුරුෂ ඇසුර සඳහා එළඹී, සාර්ථකව එම ජීවිත ගත කරනවා දකින්න නොලැබෙනවා ම නොවේ. ඔවුන් ගැන සමාජයේ වැඩිපුර කතා නොවන්නේ බොහෝ විට ඔවුන් ධනවත්, බලවත්, උගත් ඉහල සමාජ පැලන්ති නියෝජනය කරන අය නිසාවෙන්. ඒ නිසා ඔවුන් කරන මේ දේවල් කිසිම අයෙක් වැරදි ආකාරයෙන් දකින්නේ නැත. එයත් නවීන තලයේ විලාසිතාවක් ලෙස සියල්ලෝම අනුමත කරති. ඒ නිසා දැන් දැන් මේ පිළිබඳව මධ්‍යම පාන්තික පවුල්වල කාන්තාවන් ද මේ තත්වයට පත්වෙමින් පවතී. මේ පිළිබඳව සමහර මාධ්‍ය ජාලවලින් පවා අදහස් පළවනු නිතර දකින්නට ලැබේ. වසර ගණනාවක් පුරා රටවල් කීපයක මෙම Zest Girls සඟරාවේ නිර්මාණ කටයුතුවලට මම සම්පූර්ණ දායකත්වය සපයන හෙයින් මෙය මට අලුත් අත්දැකීමක් නොවන බව ප්‍රධාන වශයෙන් ම කිව යුතුය. මගේ සඟරා සඳහා මෙවැනි ජීවිත ප්‍රසිද්ධියේ ගත කරන කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහලින් ලැබුණ බවත් මෙය මම ඔවුන්ට ස්තුති කිරීමට අවස්ථාවක් කර ගනිමි.
අද සමාජයේ කාන්තාවන් බොහොමයක් අනවශ්‍ය ලෙස කාලය කා දැමීමත්, වටිනා දෙයකට කාලය වැය නොකිරීමත් නිසා තම ජීවිතය සම්පූර්ණයෙන් ම පාහේ අවුල් කරගෙන තිබෙනවා. එකල කාන්තාව තම පවුල වෙන්වෙන්, තම සහකරුවන් වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී ජීවිතය කැප කළ අයුරු පත පොතේ සඳහන්. වෙන එකක් තබා දරුවන් හැදීමේ කාර්ය භාරයෙදීත් වසරක් පාසාම දරුවන් ලැබීමට තරම් ඇය නිරෝගී වුණා. එම නිසා මේ පවුල් තුල දරුවන් හා දෙනෙකුට වඩා වැඩි ගණනක් දකින්න ලැබුණා. අද කාලයේ මේ පැරණි සිරිත් විරිත් අප විසින් ම විනාශ කරගෙන මුළු ජීවිතය පාහේ අඳුරු ආගාධයකට පත් කරගෙන ඇත්තේ තමා විසින්ම නොවේ දැයි ඔබත් මදක් සිතා බලන්න.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…