Fashion

PLT Mask Dresses – කොරෝනා කාලේ ෆැෂන් (01)

අද මම ඔයාලට කියන්න යන්නේ අමුතුම කොරෝනා ෆැෂන් එකක් ගැන. ඒ තමයි mask dress කියන ඒවා.

කොරෝනා එක්ක ජීවත් වෙන්න පටන් අරන් අවුරුද්දකට කිට්ටුයි. කොරෝනා නැතිනම් මේ COVID-19 අපේ ජීවිතවල කරපු වෙනස්කම් නම් බොහොමයි. කන-බොන විදියේ, ගමන්-බිමන්, අඳින-පළඳින විදි විතරක් නොවේ අපේ සම්බන්ධතා වලටත් කොරෝනා කරපු බලපෑම් සුළු පටු නැහැ. දැන් මේ ගෙවෙන්නේ “කොරෝනා සමග වාසේ” කිව්වොත් වැරදි නැහැ. කොරෝනා නිසාම මුහුණු ආවරණ(Face mask) අනිවාර්ය අංගයක් වුණා. අද මම ඔයාලට කියන්න යන්නේ අමුතුම කොරෝනා ෆැෂන් එකක් ගැන. ඒ තමයි mask dress කියන ඒවා.

මේ mask dress කියන්නේ අඳින ඇඳුමේ ම කොටසක් විදියට mask එක ඇතුලත් කරලා හැදුණු විලාසිතාවක්. Pretty Little Thing කියන විලාසිතා සන්නාමය යටතේ ආපු මේ නිර්මාණය කරලා තියෙන්නේ අවශ්‍ය නම් mask කොටස පළඳින්නත්, අනවශ්‍ය වෙලාවට සාමාන්‍ය ඇඳුමක් විදියට mask එක නැතුව අඳින්නත්. මට හිතෙන්නේ මේ trend එක ගොඩක් ඉක්මණින් අනෙක් fashion brandsවලත් දකින්න ලැබේවි කියලා. ඔයාලට මේ මිලදී ගන්න අවශ්‍ය නම් පහල තියන link එකට ගිහින් මිලදී ගන්න පුළුවන්.

Link: https://www.prettylittlething.com/catalogsearch/result/?q=mask+dress

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

6 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

7 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

7 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago