Sexpert

එයාටත් එහෙම ද?

ඔබේ සහකරුට තිබෙන්නට හැකි ඔබේ ලිංගික ජීවිතයට අයහපත් බලපෑමක් එල්ල කරන්න පුළුවන් කරුණක් ගැන අද අපි කතා කරන්නේ. ඒ ශිෂ්ණ මුණ්ඩයේ පෙරසම(Foreskin of Glans penis) නිසා ඇතිවන ගැටළු.

ලිංගික ජීවිතයේදී බොහෝ වෙලාවට අපට ඇතිවන ගැටළුවක් අපි අපි ගැනම, අනෙකා ගැනම දන්නේ නැති එක. සිතුම් පැතුම් පසෙකින් තැබුවත් අඩුම ගන්නේ භෞතික වශයෙන්වත් අපේ ශරීර අවයව සැකසී තිබෙන ආකාරය ගැන හරි හැටි දැනගන්න එක සාර්ථක ලිංගික ජීවිතයකට අතිශය වැදගත් වන්නක්. ප්‍රජනනය ජීවයේ පැවැත්මට අනිවාර්ය අවශ්‍යතාවයක්. ලිංගික ප්‍රජනනය සෑම සත්ත්ව වර්ගයකම දකින්න ලැබෙන්නේ ඒ නිසා. සොබා දහම අපව නිර්මාණය කළේ ඒ විදියට. ලිංගික එකතුව අමුතුම ආශ්වාදයක් දෙන දෙයක් විදියට අපේ ශරීර සැකසෙන්නේ ඒ පරපුර අඛණ්ඩව පවත්වා ගැනීමේ කාර්යය නොපිරිහෙලා ඉටු කරන්න. ඒ නිසාවෙන්ම යෝනියට ශිෂ්නයක් ඇතුළු කරන් අපි සහකරුවන් හා මේ රති කෙළියේ යෙදෙන්නේ සොබා දහමේ නියමය ඉටු කරන්නට. ලිංගික ජීවිතය තුල අපි සහකරුවන් හා විවිධ අත්දැකීම් ලබනවා. විටෙක ශිෂ්ණය යෝනිය හා එක් වෙනවා. නැති නම් වෙනස් අත්දැකීමක් ලබන්නට ගුද මාර්ගයට ඇතුළු කරනවා වෙන්න පුළුවන්. නැතිනම් ශාරීරික එකතුවට කලින් ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය නිසි පරිදි අවදි කරන්න මුඛ සන්සර්ගයක යෙදෙනවා වෙන්න පුළුවන්. මේ දේවල් අසභ්‍ය නැහැ .දැන ගතයුතු වැදගත් කරුණු.ඉතින් මේ ශිෂ්ණය(Penis) නැතිනම් පුරුෂ ලිංගේන්ද්‍රිය ගැහැණු ජීවිතවලට ගොඩක් වෙලාවට සමීප එකක්. අපි නොදැන මේ ශිෂ්ණය සම්බන්ධව ඔබේ සහකරුට තිබෙන්නට හැකි ඔබේ ලිංගික ජීවිතයට අයහපත් බලපෑමක් එල්ල කරන්න පුළුවන් කරුණක් ගැන අද අපි කතා කරන්නේ. ඒ ශිෂ්ණ මුණ්ඩයේ පෙරසම(Foreskin of Glans penis) නිසා ඇතිවන ගැටළු.

පුරුෂ ලිංගේන්ද්‍රියක සැකසුම – Photo Credit : https://www.webmd.com

ශිෂ්ණයක අවසන් කෙලවර නැතිනම් ලිංගාග්‍රය ශිෂ්ණ මුණ්ඩය(Glans Penis) ලෙස හඳුන්වනවා. ශිෂ්ණයේ වඩා සංවේදී කොටස ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. සෑම පුරුෂයෙකුම උපත ලබන විට මෙම ශිෂ්ණ මුණ්ඩය පෙර සමකින් ආවරණය වී තිබෙනවා. ඒ ලිංගේන්ද්‍රියේ ආරක්ෂාවට.(මුස්ලිම් භක්තිකයින්ගේ නම් උපතෙන් පසු මේ පෙර සම ඉවත් කෙරෙනවා. එය සුන්නත් කිරීම ලෙස හඳුන්වනවා) වයසෙන් මුහුකුරා යනවිට ලිංගික කටයුතු ආරම්භ කෙරෙන විට මෙම පෙර සම පසු පසට වී ප්‍රාණවත් වන ශිෂ්ණයක මුණ්ඩය මතු කරනවා.

පෙර සම ඉවත් නොකළ සහ ඉවත් කළ ශිෂ්ණ – Photo Credit : https://www.mayoclinic.org

ශිෂ්ණයක අවසන් කෙලවර නැතිනම් ලිංගාග්‍රය ශිෂ්ණ මුණ්ඩය(Glans Penis) ලෙස හඳුන්වනවා. ශිෂ්ණයේ වඩා සංවේදී කොටස ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. සෑම පුරුෂයෙකුම උපත ලබන විට මෙම ශිෂ්ණ මුණ්ඩය පෙර සමකින් ආවරණය වී තිබෙනවා. ඒ ලිංගේන්ද්‍රියේ ආරක්ෂාවට.(මුස්ලිම් භක්තිකයින්ගේ නම් උපතෙන් පසු මේ පෙර සම ඉවත් කෙරෙනවා. එය සුන්නත් කිරීම ලෙස හඳුන්වනවා) වයසෙන් මුහුකුරා යනවිට ලිංගික කටයුතු ආරම්භ කෙරෙන විට මෙම පෙර සම පසු පසට වී ප්‍රාණවත් වන ශිෂ්ණයක මුණ්ඩය මතු කරනවා. කලාතුරකින් සමහර පිරිමින්ගේ මෙම පෙර සම පසුපසට ගැනීම අපහසු වන්න පුළුවන්. එය ඔවුන්ට ලොකු වේදනාවක් ගෙන දෙන්නට පුළුවන්. මෙය ඔබේ සංසර්ග කාර්යයට විශාල බාධාවක් වනවා. ශිෂ්ණ මුණ්ඩය නිසි ලෙස යෝනි මාර්ගය තුලදී ස්පර්ශ නොවීම නිසි සතුටක් නොලැබෙන්නට හේතු වෙනවා. අනෙක් අතට ඉන් පුරුෂ ලිංගේන්ද්‍රිය නිසි පරිදි පිබිදී විශාල වන්නේ නැහැ.එය කාන්තාවට පවා විශාල අපහසුවක්. හොඳින් ප්‍රාණවත් වූ සැලකිය යුතු මට්ටමට විශාල වූ පුරුෂ ලිංගුවකින් තම ශාරීරික අවශ්‍යතාව සපුරා ගැනීම ඇගේ බලාපොරොත්තුව වන නිසා. අනෙක් අතට පෙර සම ආශ්‍රිත මෙම ගැටලුව සනීපාරක්ෂාව අතිනුත් විවිධ ගැටළු ඇති කරනවා. මන්ද මෙවැනි පෙරසමක් පිහිටන විට ශිෂ්ණ මුණ්ඩයේ මුල මුත්‍රා, ශුක්‍රාණු, ශුක්‍ර තරල රැදී අධික දුගඳක් ඇති කරන්නට හේතු නිසා. විෂ බීජ නිසා විවිධ ආසාදන පවා ඇතිවන්නට පුළුවන්. මෙවැනි ආකාරයේ පුද්ගලයෙකු හා සංසර්ගයේ යෙදෙන කාන්තාවට පවා ලිංගාශ්‍රිත නොයෙක් ආසාදන ඇතිවීමේ අවදානමක් තිබෙනවා. අනෙක් අතට රමණයේ යෙදෙන විට ලිංගික එක්වීමට පෙර අපි ගැහැණු පිරිමි භේදයක් නැතිව යම් පිබිදීමක් ලබා ගැනීම සුලබ දෙයක්. එවැනි විටෙක සහකරුවන්ගේ ශිෂ්ණයන් මුඛය තුලට ගෙන උත්තේජනයක් ලබාදීම සාමාන්‍යයෙන් සිදුවන්නක්. එහිදී ඇත්තෙන්ම අප ලොකු උත්තේජනයක් ලබා දෙන්නේ මේ ශිෂ්ණ මුණ්ඩය ට. එය යම් අප්‍රසන්න දුගඳකින් අපිරිසිදු ආකාරයෙන් ඇත්නම් අපට ඇතිවන අපහසුතාව කිව යුතු නැහැ. එය දුර දිග යාම සහකරු හා සම්බන්ධය බිඳ වැටීමට පවා හේතු වන්නට පුළුවන්.

මෙය විසඳා ගත හැකි ගැටළුවක් ද?

ඇත්තෙන්ම ඔව්. වෛද්‍යවරයෙකු මුණ ගැසී පුංචි ප්‍රතිකර්මයකින් සුව කර ගත හැකි ගැටළුවක්. සුළු ශල්‍ය කර්මයකින් පෙර සම නිසි අයුරින් සකසීම හෝ පෙර සම ඉවත් කිරීම(සුන්නත් කිරීම – මෙය මුස්ලිම් ජාතිකයි අතර අනිවාර්ය අංගයක් වුවත් ඔවුන්ටම සීමා වුවක් නොවේ) මගින් දිනක් ඇතුලත මගහරවා ගන්නට පුළුවන්. සහකරු යම් චකිතයකින් හෝ භයකින් පසු වේ නම් කරුණු වටහා දී ඔහු ඊට යොමු කිරීම ඔබේ වගකීමක්. එය ඔබ දෙදෙනාගේම ලිංගික ජීවිතයේ සතුටට හේතු වේවි.

මේ කරුණු කීපය ගැනත් සැලකිලිමත් වන්න

01) Pinhole Meatus – ශිෂ්ණ මුන්ඩ අග සිදුර/විවරය(Urethral Meatus) ඉතා කුඩා වන අවස්ථා මෙලෙස හඳුන්වනවා. මෙවිට පෙරසම පසුපසට කිරීම ඉතා අපහසු වනවා. මුත්‍රා කිරීමේදී මෙන්ම ලිංගික කටයුතුවලදී ලිංගේන්ද්‍රිය අග ඉදිමී වේදනාවක් තිබෙන්නට හැකියි.

02) Paraphimosis – සමහර විටෙක පෙර සම පසුපසට කිරීමට අපහසු අයුරින් තදවී තිබීමයි. මෙය බලෙන් පසුපසට කළ ද ශිෂ්ණ මුණ්ඩය තරමක් මතුකර ඇකිලී රැදී තිබෙන්නට පුළුවන්. මෙවැනි විටෙක සංසර්ගයේ යෙදීම පුරුෂයාට අධික වේදනාවක් ගෙන දෙනවා. පෙර සම ඉවත් කිරීම මීට වඩාත්ම සුදුසු ප්‍රතිකර්මය වනවා.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago