ඔබේ කවි, නිසඳැස් යොමු කරන්න. “හීන තොටුපල” ඒ වෙනුවෙන්මයි.ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක…
පාවී දුරක සිට ඉර අවරට යන්නා – රෑවී ළඟ ලඟම අඳුරද මතු වෙන්නා
බෑවී ඉවසීම මක, තරහක් එන්නා – ආවී නැහැ ගෙදර තාමත් අර දෙන්නා
ගිය පසු උදේ නැගිටල දඩි බිඩි ගාලා – අපි මෙහෙ තට්ට තනියම අත හැර දාලා
රෑ බෝ වෙලත් ගෙදරක් ගැන නොහිතාලා – මක් කරනවද දන් නැහැ මෙච්චර වේලා
ඉන්නට තැනක් තිබු පමණින් අපිට සුව – කන්නට යමක් දුන් පමණින් ළඟට තව
පූසන් ටත් හිතක් පපුවක් තියෙන බව – තේරුන්නැති එකයි දෙන්නට, අපගෙ පව
යන්තම් ශේප් වි උදයේ දුන් කෑමෙන්ඉ – වසන් ඉන්නෙ අපි තුන් කට්ටුව සෝකෙන්
දුවගෙන ගොස් මගට කකුලට පැන වේගෙන් – අඟවන්නෝන කෝපය බෙරිහන් දීමෙන්
එල්ලෙන විට මිරිස් පොඩි ගස්වල රුවට – ඉන්නම බැරි වෙලා කැඩුවා සැම බිමට
කොළ ටික රම්පෙ පඳුරෙහි ඉරමින් හොඳට – වැනසුව පලාතම අරගෙන අපෙ අතට
දඟ වැඩ පොඩි උන්ට කැප බව දත් හින්දා – පෙරලල බිමට මල් පැළ ඔක්කොම බින්දා
බඩු ඇද හොඳම සන්තෝසමකුත් වින්දා – මදි තව හිතට වෙන මක් කරමුද මන්දා
හැමදාමත් ආදරයෙන් අපත් එක්ක රැඳිලා ඉන්න ඔබ වෙනුවෙන් අපෙන් පුංචි ඉඩක් වෙන් කරන්නට හිතුවා. ඒ ඔබේ හීනවලට. ඔබේ නිර්මාණවලට. හිතේ හැංගිලා තියන ආදරණීය මතක අහුරුත් එක්ක ජීවත් වන ඔබටම වෙන් වුණු අතීත කතාවන් ඇති. නැතිනම් හිත මුල්ලක හැමදාමත් හීන මල් කැකුළු පූදින බලාපොරොත්තු ගොන්නක් තියනවා ඇති. ඒ සියල්ල අපි එක්ක, ලෝකය එක්ක බෙදාගන්න, ඔබේ සැඟවුණු කුසලතා එළිදක්වන්න තෝතැන්නක්…අපේ සයිබර් අවකාශයේ ඉඩක් සෑම සිකුරාදාවකම “හීන තොටුපල” නමින් ඔබ, අප එකතු කරාවි. අපේ විද්‍යුත් තැපැල් ලිපිනය editor[at]zestgirls[dot]com වෙතට නැතිනම් මුහුණුපොතේ අපේ නිල පිටුවට https://www.facebook.com/zestgirls.lk/ , අපේ සමූහයටhttps://www.facebook.com/groups/zesgirlslk/ ඔබේ කවි, නිසඳැස් යොමු කරන්න. “හීන තොටුපල” ඒ වෙනුවෙන්මයි.ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක…
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…