ඔබේ කවි, නිසඳැස් යොමු කරන්න. “හීන තොටුපල” ඒ වෙනුවෙන්මයි.ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක…
ගත දවාලන වෙහෙසකර හිරු රැස් නිද්‍රාගතවන ගොම්මන් අඳුරේ පොල්රුප්පා අතරින් ගඝනත සිප එන සිහිල් සුළං රැළි හමායන්නේ මුළු හිතම හීගඩු නන්වමිනි.නමුදු දැනෙන හැගෙන සුසුමක් ඒ සුළඟේ මුසුවෙතැයි යන බියෙන් මා ගත කවුළුව අසළින් මෑත් වූයේ 97%ක හැඟීම් ද, 3%ක ජලය ද සංයෝජනය වී අක්ෂි කෙවෙනියෙන් රූරන්නට වෙරදරන කදුළු බිද ගිලගන්නට තැත්කරමිනි.
පුද්ගල ජීවිත තුළ ඇති අත්මිදිය නොහැකි ඇබ්බැහිවීමේ රටාවන් විවිධාකාර ය.තනිකම ද එහි කොටසක් ලෙස මා දකිමි.නමුදුකාත්කවුරුවත් නොමැති වීම තනිකමක් ලෙස නොදකිමි.එහි ඇත්තේ හුදෙකලාවකි.
දෙනෝදාහක් අතරෙ දී පවා දැනෙන හිස් ම හිස් පාළු බව තනිකම ලෙසින් නම්කිරීමට කැමැත්තෙමි.ඒ තනිකම….තනියම සිටිද්දී දැනෙන හුදෙකලාවට වඩා ටොන්ගණනකින් බර වැඩි බව අනුභූතියෙන් දනිමි.
නමුදු හුදෙකලාවත් කලාවක් බව සිත හඳුනාගත් මොහොතේ පටන් ඔබ එයට ඇබ්බැහි වන්නේ නිරායාසයෙනි.
ලොවෙහි කෙතරම් පාට තිබුනත් ඇස් හොයන්නෙම හිත නවතින්නෙම අඳුරු ම අඳුරු කළුපාට ළඟවීම පුදුමයකි.මේ ඇබ්බැහිවීමත් එයට සමාන කිරීමට මා කැමැත්තෙමි.
මේ හුදෙකලාවේ ඇත්තේ අරුම පුදුම හිත නිවන නිහඬ බවකි.නමුත් ඇතැමුන් නිහඬබව කුණාටුවක් ලෙස දකින බැව් මා දනිමි.
සතුරා ප්‍රතිවාදියාට පහර දීමට පෙර දක්වන නිහඬතාවයත්,කොටියා ගොදුර වෙත කුරුමානම ලබාගැනීමේ දී දක්වන නිහඬතාවයත්,කුණාටුවකට පෙර මුහුද දක්වන නිහඬතාවයත්,හුදෙකලාවේදී දැනෙන නිහඬතාවයට වඩා හාත්පසින් ම වෙනස්බව කියන්නට කැමැත්තෙමි.
සෑම නිහඬතාවයක් පසුපස ම කුණාටුවක් නැත.සෑම නිහඬතාවයක් පසුපස ම යටි අරමුණක් ද නැත.
අවබෝධයෙන් ම නිහඬ වූ විට නැවත සුනාමියක් ඇති වන්නේ නැත.
හුදෙකලාව, හුදෙකලාවක් වනුයේ බැඳීම් පිළිබඳ බැඳීමක් අැති තාක් පමණ ම ය.
නමුදු හිටිහැටියේ හිතවත් නොහිතන මොහොතක දී…නොදැනීම නෙත්යුග කදුළින් තෙත්වන අවස්ථා ද නැත්තේ ම නැත.එ් කදුළෙහි ඝණත්වය වැඩිය.එබැවින් රඳවා ගැනීම අපහසු ය.
මම කවුළු පියන් වසා දමා ඒ කදුළට නිදහසේ ගලා යන්නට ඉඩ හැරීමි.
ඒ කදුළ අතරින් ම, ඔබේ සිනහව මගේ මතකයෙන් අළුදූලි කරදමා… එයින් නැගෙන දුම් රැල්ලෙන් නුඹ විසින් ඉරා විසිකොට මරා දැමූ මාගේ කවි හිත නැවත පණගන්වමි.එහි සෑම පද පෙලක ම පාහේ නිහඬබව තවරමි.
කදුළු නැමති ඔසුවෙන් නුඹගේ හදවත සුවපත්කළ මා…දැවුණු අළු මතින් ම නැවත නැගී සිටින ෆීනික්ස් කුරුල්ලෙක් වෙමි.
නුඹ බිය වන්නට වුවමනා නැත.මා නිහඬ වන්නේ අවබෝධයෙන් ම ය.එබැවින් මසිතෙහි නුඹ නමින් කුණාටුවක් ඇතිවන්නට කිසිඳු ඉඩකඩක් නොමැත.
නුඹගේ ටොනාඩෝවට හසු වී මාගේ දෙනෙත් නැමැති මුහුද ගොඩගලා…හදවත භූමිකම්පාවකට අසුවූවාක් බඳු වූ මොහොත පවා දරාගත් මසිතට, ක්ෂණිකව ඇදහැලෙන ගිගුරුම් සහිත වරුසාවක් උහුලා ගැනීම ඉතාමත් සුළු දෙයකි.එය මා හට තවත් එක් වරුසාවක් පමණි.
ඉතිං තවදුරටත් මා කාළගුණ අනාවැකි විශ්වාස නොකරමි.
© සමූ පෙරේරා
© පමුදි රුවනාර
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…