මේ ලිංගික අධ්‍යාපනය නැති කමෙන් සිදුවන ව්‍යසන වල නම් අඩුවක් නෑ..මොකද ලංකාවේ ගොඩක් දෙනෙක් දන්නේ නෑ ආරක්ෂාකාරී ලිංගික ඇසුරක් (Safe Sex)පවත්වන්නේ කොහොමද කියලා..
“Sex“හම්මෝ…වචනේ ඇහුවත් ඇති අපේ සමහර ඇත්තන්න්ට රෙද්ද උස්සන් දුවගෙන එන්න.😊ඒ තරමට මුල් බැහැගත්ත පුහු “සදාචාරයක්,සභ්‍යත්වයක්” අපේ රටේ තියෙන්නේ..අන්න ඉතින් මේ සදාචාරයට හා සභ්‍යත්වයට පිං සිද්ද වෙන්න අපේ රටේ බහුතරයකට ලිංගික අධ්‍යාපනය කියන දේ මගහැරිලා තියෙනවා..හැබැයි මේ ලිංගික අධ්‍යාපනය නැති කමෙන් සිදුවන ව්‍යසන වල නම් අඩුවක් නෑ..මොකද ලංකාවේ ගොඩක් දෙනෙක් දන්නේ නෑ ආරක්ෂාකාරී ලිංගික ඇසුරක් (Safe Sex)පවත්වන්නේ කොහොමද කියලා..ගොඩක් තරුණ තරුණියෝ හැගීම් වලට ඉඩ දීලා sex කලාට පරිස්සමෙන් කරන්නේ කොහොමද කියලා දන්නේ නෑ..ඒ දැනගත්තත් ෆාමසියකට ගිහින් කොන්ඩමයක් මිලදී ගන්න,පොස්ටිනොර් පෙත්තක් මිලදීගන්න මැලි කමක්,ලැජ්ජාවක් දක්වනවා…මේ නිසා අවසානයට වෙන සියදිවි නසාගැනීම්,ජීවිත හානි පවා සිදුවන ගබ්සා වැනි දේ නවත්වන්න බෑ.
මූලිකම දේ තමයි තමන්ට අතිශය විශ්වාවන්ත් වූ සහකරුවෙක්/සහකාරියක් සිටිය යුතුයි..මොකද ලිංගිකත්වය කියන්නේ තමන්ට අතිශය පෞද්ගලික වූ කාරණයක්.ඉතින් මේ අත්දැකීම බෙදාගන්න අතිශය විශ්වාසනීය සහකරුවෙක් ඉන්න ඕනි..මොකද තමන්ගේ පෞද්ගලිකත්වය පිටට නිරාවරණය කරගන්න අපි කවුරුත් වැඩි කැමැත්තක් දක්වන්නේ නෑනේ..ඉතින් මේ සහකරුවා අතින් එහෙම දෙයක් වෙන්න ඉඩකඩ තියෙනවා කියලා දැනෙනවනම් කරන්න තියෙන හොදම දේ ලිංගික කාරණවන් සදහා ඔහු හා එකග නොවීම..මතකනේ පහුගිය කාලේ ලීක් වීඩියෝ කිය කිය ඔය වගේ අතිශය පෞද්ගලික වීඩියෝ එලියට ආවා…
අනිත් දේ තමයි තමන් සැක හැර දැනුවත් වෙන්න ඕනි තමන්ගේ මේ සහකරුට/සහකාරියට ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග නෑ කියලා..මොන තරන් ආරක්ශාකාරී වුනත් සමහර රෝග සිපගැනීමෙන් පවා වැලදෙන්න පුලුවන්.
ඊලග කරුණ තමයි ආරක්ෂාකාරී ස්ථානයක්…Safe Sex කියන්නේ ගැබ් ගැනීමෙන් වැලකිලා,සමාජ රෝග වලින් බේරිලා sex කරන එක විතරක් නෙමේ..ඒ සදහා හොයාගන්න ස්ථානයත් හොද ආරක්ෂාකාරී ස්ථානයක් වෙන්න ඕනි…ඔය අඩියෙන් අඩිය ගහලා තියෙන රුපියල් 800,1000 රූම්ස්,ලොජ් ගැනනම් ලොකු විශ්වාසයක් තියන්න එපා…මොකද ඔය පැය දෙක තුනට ඔයාලට රුපියල් 800 ට රූම් එක දීලා ඊට වඩා ගානක් හොයන අයත් ඉන්නවා තුන්වෙනි පාර්ශවයකට ඕක බලන් ඉන්න දීලා.(හැමෝම නෙමේ).ඒ වගේම තමයි හදිස්සිය තිබුනා කියලා ත්‍රීවීල් අස්සෙයි,වැටකෙයියා පදුරු අස්සෙයි ඔය වැඩ කරන්න යන්න එපා.
මේ කාරණව ගොඩක් වැදගත් වෙයි කන්‍යාභාවය ගැන සැලකිලිමත් වෙන,ඒ ගැන පරිස්සම් වෙන තරුණියන්ට.Sex කියන්නේ සෘජු යෝනි සංසර්ගයම කරන එක කියලා තමයි ගොඩක් අය හිතන් ඉන්නේ..ඒත් ඒක එහෙමම කියලා නියමයක් නෑ.එහෙම නොකර සිපගැනීම් වලින්,ස්පර්ශයන් වලින්,මුඛ සංසර්ගය(sucking & licking/oral sex) වගේ දේවල් මගින් තමන්ගේ සතුට,තෘප්තිය ලබාගන්න පුලුවන්.
හොදට මතක තියාගන්න ෆාමසි වල කොන්ඩම්,හදිසි උපත් පාලන පෙති විකුනන්න තියෙන්නේ ඒවා අවශ්‍ය වෙලාවට මිලදී ගන්න කියලා..පෙත්තක්,කොපුවක් ඉල්ලන එක ලැජ්ජවට දෙයක් කියලා හිතන්න එපා.
කොන්ඩමයක් භාවිතා කරද්දි හොද කොන්ඩමයක් භාවිතා කරන්න..ඒක අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වනවා වගේම,ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලක්වා ගන්නත් පිටුවහලක් වෙනවා..ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි කොන්ඩම් භාවිතා කරාම නිසි ආකාරයක තෘප්තියක් ලබා ගන්න බෑ කියලා.ඒ කතාවේ ඇත්තක් නැත්තෙම නෑ.ඒත් මේ සුළු මොහොතක තෘප්තිය වෙනුවෙන් සමහරවිට අපිට දීර්ඝ කාලීනව විඳවන්න වෙන්නත් පුලුවන්.ඒ නිසා ඒ කාරණාව ඉත්තෙක් කරගෙන කොන්ඩම් භාවිතයෙන් වැලකී ඉන්න එපා.
මොනයම් හෝ වෙලාවක අනාරක්ෂිත බවක් දැනුනොත්,ඒ කියන්නේ කොන්ඩම් භාවිතා කලත් හදිසියේ කොන්ඩම් එක පුපුරන්න පුලුවන්,යෝනි මාර්ගය අවට ශුක්‍රාණු තැවරෙන්න පුලුවන්,වගේ දෙයක් වුනොත් අනවශ්‍ය ගැබ්ගැනීමක් වලක්වාගන්න කරන්න පුලුවන් හොදම දේ පැය 72 ක් ඇතුලත පොස්ටිනොර් 2 පෙත්තක් ගන්න එක. පොස්ටිනොර් 2 ගැන👇 පහත ලිපියෙන් දැනගන්න.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…