SL Gossip

ජුලී හතර වනදා සිට ”සංසාරේ දඩයක්කාරයා”

කෙසේ වී නමුත්, ආගම්වේදීන් දර්ශණවාදීන් කොතෙක් සිටියද ස්වභාව දහමේ දහම හැර වෙනත් දහමක් ඇත් ද? සත්වයා තුල ආහාර ගැනීම හා ලිංගිකව එක්වීම හැර පැවැත්මේ වෙනත් සාධකයක් තිබේද? යන ස්වභාවදහමේ නීතිය විමසීමට ගත් උත්සාහයකි ''සංසාරේ දඩයක්කාරයා''.

Credit : Colombo Revolutions

කතා සාරාංශය

පංසල පිහිටියේ මහ කැලෑව මැදි කොට ගෙනය.එහෙයින් ගම සහ පංසල අතර මග වැටී තිබුනේද මේ මහා කැලය තුලින්‍ ය.පිං පව් නාමයෙන් ගමේ සියල්ල හාමුදුරුවන්ගේ අණසකට යටත්‍ ය.ඒ අණසකට යටත් නොවූ එකම මිනිසා කැලේ විසූ දඩයක්කාරයා පමණි.ගමේ සියල්ලගේම මාංශ අවශ්‍යතාවයට සතුන් මැරුවේද මේ දඩයක්කාරයාය.එහෙයින් සතුන් මරා පව්කාරයා වූයේද මේ දඩයක්කාරයාමය.

මේ කතාව කියන්නේ වෙසක් මාසයේය.බණ ශ්‍රවණය කරමින් සිටි ගෝමරී නම් තරුණිය පන්සලෙන් පිටව යමින් ගමන් කැලේදී පිරිමියෙකු හා රමණයේ යෙදේ.එහිදී ඔවුන් දෙදෙනා කැලේ සිටි කොටියාගේ ගොදුරක් බවට පත් වේ.කැලේ සිදුවන සියළු දේ ද්න්නේ දඩයක්කාරයාය.කොටියා ගෝමරී දඩයම් කල බවත්,ඌට මිනිස් ලේ රස දැනී ඇති බවත් ඔහු හාමුදුරුවන්ට පවසයි.තවත් මිනිසුන් කොටියාට ගොදුරු නොවනු පිණිස ගැමියන් වෙසක් දින රෑ පංසලට ගෙන්වා නොගන්නා ලෙස දඩයක්කාරයා හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටී. හාමුදුරුවන් එය කර්මයට භාර කොට වෙසක් පොහෝ දින සීල ව්‍යාපාරය කරගෙන යාමට තීරණය කරයි.

කිසිවෙකුගේ පරිභෝජනය වෙනුවෙන් මිස නිරපරාදේ සතෙකු නොමරණ දඩයක්කාරයාට,හාමුදුරුවන් බණ කියන අතරතුර කුසගින්නට යමක් සොයා යන කොටියාව මරාදැමීමට සිදුවන්නේ ගැමියන් ආරක්ෂා කර ගැනීමටය.

පසුවදා ගෝමරීගේ මිනිය බලන්නට යන හාමුදුරුවන්ට සහ දඩයක්කාරයාට දකින්නට ලැබෙන්නේ කුණුවෙමින් තිබෙන ගෝමරීගේ සහ හාමුදුරුවන්ගේ මළ සිරුරුය.

සංසාරේ දඩයක්කාරයා – අධ්‍යක්ෂකගේ සටහන

බුදුන්, යේසුස්, මහම්මත් වැනි අධ්‍යාත්මවේදීන් ලෝක පැවැත්මේ යතාර්ථය අරභයා ඔවුන්ගේ තර්කයන් හා දර්ශණයන්් ඉදිරිපත්කොට ඇති නමුත්, එම දර්ශණයන් සමාජගතවී ඉතා කෙටි කලකින් ඒවාට ආගමික මුහුණුවරක් දෙමින්, ඔවුන්ව දේවත්වයට පත් කරමින්, ඒ සියල්ල දේශපාලණික ව්‍යවස්ථාවක් බවට පත්වී ඇත.

නීතිය, දේශපාලණික මතිමතාන්තර තුලින් පාලනයට නතු කර ගත නොහැකි වූ ජනතාව, ඔවුන්ගේ අධ්‍යාත්මය තුලින් අල්ලාගන්නා එකම හුය ආගම වන්නේය. දියුණු යැයි සිතන වර්තමානයේ, මේ අවස්ථාවේදී ක්‍රියාපටිපාටිය, දැන හෝ නොදැන ලොවපුරා ප්‍රචලිතව ක්‍රියාවට නැංවෙනු පෙනෙයි.

ප්‍රචලිත සියලු ආගම් තුල, මරණින් මතු ජීවිතය පිළිගන්නා ආත්මය නැමැති සංකල්පයක්, මනුෂ්‍ය මසැස් කුහර තුලට කිඳා බස්සවා, එයින් පිං පව් නම් වූ අය වැය තුලින් ඊලඟ උත්පත්තිය කිරා බලන්නට, සියලු සත්වයින්ට ස්වයං අයිතියක් ලබා දී ඇත. මෙය ආගමේ නාමයෙන් මිනිසුන්ව තර්ක විතර්ක වලින් තොර අන්ධ වහලුන් බවට පත් කරයි.

කෙසේ වී නමුත්, ආගම්වේදීන් දර්ශණවාදීන් කොතෙක් සිටියද ස්වභාව දහමේ දහම හැර වෙනත් දහමක් ඇත් ද? සත්වයා තුල ආහාර ගැනීම හා ලිංගිකව එක්වීම හැර පැවැත්මේ වෙනත් සාධකයක් තිබේද? යන ස්වභාවදහමේ නීතිය විමසීමට ගත් උත්සාහයකි ”සංසාරේ දඩයක්කාරයා”.

රංගන ශිල්පීන් :

සංජීව උපේන්ද්‍ර / හේමසිරි ලියනගේ / ක්‍රිස්ටිනා බ්‍රිටෝ / ඉසුරු නවෝද් (ළමා නළු) / තුසිත ලක්නාත්

තිර රචනය සහ අධ්‍යක්ෂණය – ප්‍රසන්න ජයකොඩි
නිෂ්පාදනය – රසිත ජිනසේන,කපිල ද සිල්වා සහ වසන්ත බන්ඩාර
කැමරා අධ්‍යක්ෂණය – විශ්වා බාලසූරිය
සංස්කරණය – රංගන සිංහාරගේ සහ ජීවන්ත ගුණතිලක
සංගීත අධ්‍යක්ෂණය – සුමුදු ගුරුගේ
අංග රචනය – නාරද තොටගමුව
සහය අධ්‍යක්ෂණය – චමින්ද පෙරේරා
කලා අධ්‍යක්ෂණය – රොහාන් සමරදිවාකර
විශේෂ ප්‍රයෝග – රෝෂන දෙල්වල,චමිත ලක්මාල් සහ ගයාන් ගුණසේකර
වර්ණ සංකලනය – ආනන්ද බණ්ඩාර
ශබ්ද සංකලනය – අරුණ ප්‍රියන්ත කළුආරච්චි
ශබ්ද නිර්මාණය – ඩබ්.ඩී.පොඩිරත්න
ඉංග්‍රීසි පරිවර්තනය (උප සිරැසි) – අර්ජුන සෙනෙවිරත්න
Asian Cinema Fund – (Director) Hong Hyosook
Asian Cinema Fund – (Festival Director) Lee Yong Kwan

සටහන: සංසාරේ දඩයක්කාරයා Youtube පිටුව ඇසුරෙන්

අන්තර්ජාලය මගින් ප්‍රවේශපත් වෙන් කර ගැනීමට පිවිසෙන්න: www.444.lk

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago