Sexpert

ලෞකික ජීවිතයේ පරමානන්දයට පෙරදිග ලෝකයේ දායාදය – Podcast 01

අපි මෑත කාලීනව හදාගත්තු රාමුව, ලෝකය බලන්න දාන මේ ඊනියා සංස්කෘතික කණ්නාඩිය නිසා. ඒ වුණත් මේ මාතෘකාව ගැන කතා කරන්න, වැඩිපුර දැනගන්න ඔයාල වැඩි පිරිසක් කැමති බව මම දන්නවා.

අද මම මේ podcast එකෙන් කියන්න යන්නේ “කාම සූත්‍ර” ගැන. මාතෘකාව අහපු ගමන් ඔයාලට අමුත්තක් දැනේවි…ඔව් ඒ අපි මෑත කාලීනව හදාගත්තු රාමුව, ලෝකය බලන්න දාන මේ ඊනියා සංස්කෘතික කණ්නාඩිය නිසා. ඒ වුණත් මේ මාතෘකාව ගැන කතා කරන්න, වැඩිපුර දැනගන්න ඔයාල වැඩි පිරිසක් කැමති බව මම දන්නවා. 

ලෞකික ජීවිත ගත කරන අපිට කම් සැප කියන්නේ තහනම්, අකැප දෙයක් නම් නෙමේ.  ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට “කම්සැප” කියන්නේ ජීවත්වන මනුෂ්‍යයෙකු විසින් යහපත් ලෙස විඳිය යුතු පරම සැපතක්. පුරාණ ආයුර්වේද පොතපතේ වගේම පෙර දිග පැරණි කාම ශාස්ත්‍ර ග්‍රන්ථවලත් කම්සැප සුන්දරව විඳිය හැකි ආකාරය දක්වා තිබෙනවා. 

අද මම මේ ඔයාලට කියන්න යන්නෙත් ලෞකික ජීවිතය සාර්ථක එකක් කර ගැනීමට වන වැදගත් තොරතුරු රැසක් ඇතුලත් පෙරදිගින් බිහිවුණු මහා පඬි වාත්ස්‍යනයන් රචනා කරන ලද කාම ශාස්ත්‍ර ග්‍රන්ථයක් වන කාම සූත්‍රය ගැන.

පෙරදිගින් ලෝකයට දායාද කළ දේ බොහොමයි. ශිෂ්ටාචාරයේ තොටිල්ල නමින් පවා හඳුන්වන්නේ මැද පෙරදිග මෙසපොතේමියාව. නැතිනම් දෙගංමැදිය. 

පෙරදිගින් ලෝකයට බොහෝ විද්‍යාවන්, දර්ශනයන් දායාද කළා. ආධ්‍යාත්මික ජීවිතය වගේම ලෞකික ජීවිතය සාර්ථක සැපවත් එකක් කරන්න උපකාරී වන ඉගැන්වීම් බොහොමයක් පෙරදිගින් බිහිවුණා. 

පෙර දිග කාම ශාස්ත්‍ර ග්‍රන්ථත් මේ අතරට ඇතුලත්. ටාඕ කාම ශාස්ත්‍රයන්, වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍රය, විලවුන් උයන නැතිනම් අරාබි කාම සූත්‍රය නම් ග්‍රන්ථය මේ අතර වැදගත් වනවා.

අතීතයේ අපේ මේ පෙරදිග මිනිස්සු සැපවත් ලෞකික සහ දියුණු ආධ්‍යාත්මික ජීවිත ගත කළේ මේ ගැඹුරු ඉගැන්වීම් අනුගමනය කළ නිසා. අද වන විටි අපි බටහිරින් එන හැම දෙයක්ම වැළඳ ගෙන දුක් විඳිනවා. මේ වටිනා පෙරදිග ඉගැන්වීම් සහ දර්ශනයන් ගැන අද වන විට බටහිර ජාතීන්ගේ අවධානය ඉතා ඉහල එකක්.

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍රය නම ඇසූ ගමන් අපේ මතකයට එන්නේ රමණයේ ඉරියව් ගැන සඳහන් පොතක් විදියට. ඒ කියන්නේ sex position ගැන කියැවෙන්නක් විදියට. පද්‍ය 1250කින්, කොටස් 64කින්, පරිච්ඡේද 36කින්, පොත් සතකින් සමන්විත කාම සූත්‍රයේ එක පරිච්ඡේදයක් පමණයි මේ රමණ ඉරියව් වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. අනෙක් පරිච්ඡේදවල ඇතුලත් අපේ ජීවිතවලට වටිනා කරුණු අපි අමතක කරලා.  

කාම සුත්‍රය රචනා වෙන්නේ මූලිකවම ස්ත්‍රී-පුරුෂ සම්භෝගය සැපතක් ලෙසම විඳින හැටි උගන්වන්නට. ලිංගික ජීවිතය ගැන අත්පොතක්(Sex Manual) ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. කාම සූත්‍රය  ක්‍රිස්තු පූර්ව හතරවන හෝ තුන්වන සියවසේ රචනා කළ එකක් කියලා විශ්වාස කරනවා. රචකයා පාඨලී පුත්‍රයේ(වත්මන් පැට්නා) විසූ වාත්ස්‍යන පඬිවරයා. සංස්කෘත දේවනගරී අක්ෂරයෙන් කාම සුත්‍රය ලියවෙන්නේ තඹ පතේ. 

ආදරය, බැඳීම තුලින් ගොඩ නගා ගන්නා ශෘංගාරය තුලින් සොබා දම් නීතියට අවනත මනු සතුන් සේ රමණයට යොමු වීමත්, එහි ගැබ් වුණු අපූරු රසය විඳින ආකාරය මෙහි මූලිකව දැක්වෙනවා. 

කිසිඳු පාර්ශවයකට අගතියක් නොවන සේ, ජීවත් වන පරිසරය සමග සංස්කෘතික හෝ නෛතික ඝට්ටනයක් නොවන සේ බහු පුරුෂ ඇසුර(Polyandry) හෝ බහු ස්ත්‍රී ඇසුර(Polygamy) විඳීම කිසිම ලෙසකින් වරදක් නොවේ. 

ඒ ගැන පවා කාම සුත්‍රයේ සඳහන් වනවා. අනෙක් අතට අද සමාජයේ පවුල් සංස්ථා දෙදරා යන දරුණුතම ගැටළුවක් වන්නේ අනියම් ඇසුර. එය බොහොමයක් දුරට එක් පාර්ශවයකින් අනෙක් පාර්ශවය වෙත මග හැරෙන මානසික හා කායික අවශ්‍යතා සැපිරීමක ප්‍රතිපල. මේ නිසාවෙන් වන මහා ඛේදවාචක සෑම දවසකම වගේ අසන්නට, දකින්නට ලැබෙන්නක්. ඒ හේතුව නම් ඵලය මානසික-ශාරීරික නොගැලපීම්(හේතු ඵල න්‍යායට අනුව). මේ ගැලපීම් ගැන හොඳ පැහැදිලි කිරීම් රැසක් කාම සුත්‍රයේ දකින්නට පුළුවන්. අනෙක් අතට යහන්ගත වීමට නුසුදුසු අය කවුරු ද? ඒ ඇයි? ආදී පැහැදිලි කිරීම් රැසක් මින් ඔබට උගත හැකි වනවා.

ලෞකික ජීවිතය හොඳින් වටහා ගත්තු, එය සැපවත් ව විඳින සමාජයක ස්ත්‍රී දූෂණ, ළමා අපචාර දකින්න ලැබෙන්නේ නැහැ. අනියම් ඇසුර නිසා බිරිඳ-සැමියා මරණ, පෙම්වතා-පෙම්වතිය මරණ අය සිටින්නට බැහැ. අද අපි ප්‍රවෘත්ති වලින් වැඩිපුර දකින්නේ මේ වගේ දේවල්. බොහොමයකට හේතුව නිසි නොගැලපීම්. ගැහැණු-පිරිමි භේදයක් නැතිව ලෞකික ජීවිතයට වැදගත් මේ දැනුම ලබා ඇත්නම් ලෝකය දිහා බලන්නේ විවෘත මනසකින්. හදාගත්තු පුහු සභ්‍යත්වයක් ආරූඪ කර ගත්තු අපේ සමාජයේ ලිංගික අසහනයෙන් පෙලෙන්නන් බහුල වෙලා. කඩතුරාවෙන් වැසුණු ලෝකය කොයිතරම් භයානක එකක් වෙලා ද?

කාම සූත්‍රයේ අන්තර්ගතයන් ගැන විමසා බැලීමක් මගේ ඊළඟ podcast එකෙන් ඔයාලට අරගෙන එන්නම්.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

14 hours ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

2 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago