#pinklist

Selfie ලෝලීන්ට මිතුරෙක් Selfie-Stick IT

අද අපි ඔයාලට කියන්න යන්නෙත් සෙල්ෆි ලෝලීන් වෙනුවෙන්ම නිපදවුණු අපූරු මෙවලමක් ගැන. ඒ Selfie-Stick IT.

සෙල්ෆි ගැන නොදන්නා කෙනෙක්, සෙල්ෆි නොගත්ත කෙනෙක් අද හොයාගන්න නැති තරම්. තමන් විසින්ම කැමරාව මෙහෙයවා ගනු ලබන ඡායාරූප “selfie” නැතිනම් self portrait කියලා හඳුන්වනවා. ලෝකයේ පළමු සෙල්ෆිය 1893 තරම් ඈත කාලයක ඇමෙරිකානු ඡායාරූප ශිල්පියෙකු වුණු රොබට් කර්නේලියස් විසින් ගනු ලැබුවක්. ඒ අද වගේ ජංගම දුරකතනයකින් නම් නොවේ. බ්‍රෑඩලි කූපර් විසින් 2014 ඔස්කාර් සම්මාන උළෙලේදී සිය ජංගම දුරකතනයෙන් ගත් සෙල්ෆි ඡායාරූපයක් එලන් ඩිජෙනර්ස් සිය ට්‍වීටර් ගිණුමට එක් කරනු ලදුව මිලියන ගණනක පිරිසක් අතර හුවමාරු වීමත් සමග “සෙල්ෆි” අලුත්ම රැල්ලක් බවට පත්වුණා.සෙල්ෆි නිසාවෙන්ම ජංගම දුරකථන තාක්ෂණයේ ලොකු පෙරලියන් රැසක් ද සිදුවුණා. සෙල්ෆි වෙනුවෙන් ම ඉහල මෙගා පික්සල් ගණනකින් යුතු ඉදිරිපස කැමරා ජංගම දුරකථනයට එක වුනා.සෙල්ෆි වෙනුවෙන්ම සැකසූ විශේෂ යෙදුම්(App) නිර්මාණය වුණා.පහසුවෙන් සෙල්ෆි ගැනීම සඳහාම සෙල්ෆි ස්ටික්(Selfie Stick), දුරස්ථ පාලක නිපදවෙන්නට වුණා. අද අපි ඔයාලට කියන්න යන්නෙත් සෙල්ෆි ලෝලීන් වෙනුවෙන්ම නිපදවුණු අපූරු මෙවලමක් ගැන. ඒ Selfie-Stick IT. වෙනදා #pinklist වෙතින් අපි ගෙන එන නිෂ්පාදන කාන්තාවන්ට පමණක්ම වෙන් වුණු ඒවා වුණත් මේක තරමක් වෙනස්.

බ්‍රෑඩ්ලී කූපර් විසින් ගන්නා ලදුව එලන් ඩිජෙනර්ස් Twitter වෙත එක්කළ selfie ඡායාරූපය මිලියන 2.4ක like ප්‍රමාණයක් සමග මිලියන 3.2ක retweet ප්‍රමාණයකින් #selfie යුගය ආරම්භ කරනු ලැබුවා

සෙල්ෆි ඡායාරූපයක් හරි වීඩියෝවක් ගන්න විට ජංගම දුරකථනය අතේ තබාගෙන ඒ කාර්ය කිරීමේ ප්‍රායෝගික සීමා තියනවා. කොටින්ම සෙල්ෆිය ගන්න පුළුවන් අතේ දුරින් විතරයි. ඒ වෙනුවට සෙල්ෆි ස්ටික් එකක් යොදාගත්තත් එයත් අතේ රඳවා ගැනීමට සිදුවීම හොඳ සෙල්ෆියකට බාධාවක්. ලස්සනට වීඩියෝ කරන්න ඡායාරූප ගන්න උදව් වෙන අපූරු මෙවලමක් මේ Selfie-Stick IT. ඕනෑම වර්ගයක ජංගම දුරකථනයක් මේ මෙවලමට පහසුවෙන් සම්බන්ධ කරන්න පුළුවන්. දුරකථනය ඕනෑම වියළි සමතලා මතුපිටකට සවි කළ හැකියි. දැන් මෙහි ඇති දුරස්ථ පාලකය මගින් ඔබ කැමති ආකාරයකට සෙල්ෆි ලබාගන්න පුළුවන්. සෙල්ෆි ස්ටික් එකක් මෙන් ප්‍රමාණයෙන් විශාල නොවන නිසා ඔබට පහසුවෙන් සාක්කුවක වුණත් දමාගෙන යන්න පුළුවන්.

Credit : www.selfiestickit.com
Credit : www.selfiestickit.com
Credit : www.selfiestickit.com

හොඳම දේ හොඳම මිලකට ශ්‍රී ලාංකික ඔබට ලබාදෙන්න හැම විටම කටයුතු කරන Teleseen Marketing වෙතින් මේ උපකරණය රුපියල් 3990/= වගේ මිලකට ලබාගන්න පුළුවන්.

Selfie-stick-IT website :Click Here / To buy online : www.teleseen.lk

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago