අද අපි ඔයාලට කියන්න යන්නෙත් සෙල්ෆි ලෝලීන් වෙනුවෙන්ම නිපදවුණු අපූරු මෙවලමක් ගැන. ඒ Selfie-Stick IT.
සෙල්ෆි ගැන නොදන්නා කෙනෙක්, සෙල්ෆි නොගත්ත කෙනෙක් අද හොයාගන්න නැති තරම්. තමන් විසින්ම කැමරාව මෙහෙයවා ගනු ලබන ඡායාරූප “selfie” නැතිනම් self portrait කියලා හඳුන්වනවා. ලෝකයේ පළමු සෙල්ෆිය 1893 තරම් ඈත කාලයක ඇමෙරිකානු ඡායාරූප ශිල්පියෙකු වුණු රොබට් කර්නේලියස් විසින් ගනු ලැබුවක්. ඒ අද වගේ ජංගම දුරකතනයකින් නම් නොවේ. බ්‍රෑඩලි කූපර් විසින් 2014 ඔස්කාර් සම්මාන උළෙලේදී සිය ජංගම දුරකතනයෙන් ගත් සෙල්ෆි ඡායාරූපයක් එලන් ඩිජෙනර්ස් සිය ට්‍වීටර් ගිණුමට එක් කරනු ලදුව මිලියන ගණනක පිරිසක් අතර හුවමාරු වීමත් සමග “සෙල්ෆි” අලුත්ම රැල්ලක් බවට පත්වුණා.සෙල්ෆි නිසාවෙන්ම ජංගම දුරකථන තාක්ෂණයේ ලොකු පෙරලියන් රැසක් ද සිදුවුණා. සෙල්ෆි වෙනුවෙන් ම ඉහල මෙගා පික්සල් ගණනකින් යුතු ඉදිරිපස කැමරා ජංගම දුරකථනයට එක වුනා.සෙල්ෆි වෙනුවෙන්ම සැකසූ විශේෂ යෙදුම්(App) නිර්මාණය වුණා.පහසුවෙන් සෙල්ෆි ගැනීම සඳහාම සෙල්ෆි ස්ටික්(Selfie Stick), දුරස්ථ පාලක නිපදවෙන්නට වුණා. අද අපි ඔයාලට කියන්න යන්නෙත් සෙල්ෆි ලෝලීන් වෙනුවෙන්ම නිපදවුණු අපූරු මෙවලමක් ගැන. ඒ Selfie-Stick IT. වෙනදා #pinklist වෙතින් අපි ගෙන එන නිෂ්පාදන කාන්තාවන්ට පමණක්ම වෙන් වුණු ඒවා වුණත් මේක තරමක් වෙනස්.
සෙල්ෆි ඡායාරූපයක් හරි වීඩියෝවක් ගන්න විට ජංගම දුරකථනය අතේ තබාගෙන ඒ කාර්ය කිරීමේ ප්‍රායෝගික සීමා තියනවා. කොටින්ම සෙල්ෆිය ගන්න පුළුවන් අතේ දුරින් විතරයි. ඒ වෙනුවට සෙල්ෆි ස්ටික් එකක් යොදාගත්තත් එයත් අතේ රඳවා ගැනීමට සිදුවීම හොඳ සෙල්ෆියකට බාධාවක්. ලස්සනට වීඩියෝ කරන්න ඡායාරූප ගන්න උදව් වෙන අපූරු මෙවලමක් මේ Selfie-Stick IT. ඕනෑම වර්ගයක ජංගම දුරකථනයක් මේ මෙවලමට පහසුවෙන් සම්බන්ධ කරන්න පුළුවන්. දුරකථනය ඕනෑම වියළි සමතලා මතුපිටකට සවි කළ හැකියි. දැන් මෙහි ඇති දුරස්ථ පාලකය මගින් ඔබ කැමති ආකාරයකට සෙල්ෆි ලබාගන්න පුළුවන්. සෙල්ෆි ස්ටික් එකක් මෙන් ප්‍රමාණයෙන් විශාල නොවන නිසා ඔබට පහසුවෙන් සාක්කුවක වුණත් දමාගෙන යන්න පුළුවන්.
හොඳම දේ හොඳම මිලකට ශ්‍රී ලාංකික ඔබට ලබාදෙන්න හැම විටම කටයුතු කරන Teleseen Marketing වෙතින් මේ උපකරණය රුපියල් 3990/= වගේ මිලකට ලබාගන්න පුළුවන්.
Selfie-stick-IT website :Click Here / To buy online : www.teleseen.lk
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…