විරහව, වෙන්වීම කියන වචන ඕනෑම කෙනෙකුට තමන්ගේ ජීවිත කාලයේ උපන්දා සිට මරණය දක්වා අදාලයි. ඒක හැම කෙනෙකුටම පොදුයි. විරහවක වෙන් වීමක වේදනාවක් නොලබපු කෙනෙක් මේ ලෝකේ නැහැ. සිදුහත් කුමරා ගිහි ගෙයින් නික්මෙනකොටත් මේ විරහව, වේදනාව දැනුනා.
විරහව, වෙන්වීම කියන වචන ඕනෑම කෙනෙකුට තමන්ගේ ජීවිත කාලයේ උපන්දා සිට මරණය දක්වා අදාලයි. ඒක හැම කෙනෙකුටම පොදුයි. විරහවක වෙන් වීමක වේදනාවක් නොලබපු කෙනෙක් මේ ලෝකේ නැහැ. සිදුහත් කුමරා ගිහි ගෙයින් නික්මෙනකොටත් මේ විරහව, වේදනාව දැනුනා. ඒ රාහුල කුමරයාගෙනුත්, යශෝදරා දේවියගෙනුත් වෙන් වීමෙන්. කිසිම කෙනෙකුට ජීවිත කාලයේදී මේ ධර්මතාවයෙන් මිදෙන්න බැහැ. ආදරය, ප්‍රේමය කියන අවස්ථාව අතහැරලා හිතුවත් අඩුම තරමේ තමාගේ අම්මා, තාත්තා හෝ ඥාතියෙකුගේ අහිමිවීමක් මේ වෙන් වීම තුල තියනවා.
ආදරය නැතිනම් ප්‍රේමය කියන දේ තමයි ගොඩක් වෙලාවට අද සමාජයේ වැඩිපුරම කතා කරන්නේ. පෙම්වතුන් යුවලක් ආදරය කරන කාලයේ දී ගොඩක් සුන්දරව ආදරය කරනවා. ඒ වුණත් ටික කලක් යනකොට ඔවුන්ට ආදරයෙන් සමු ගන්න වෙනවා. සමහර විට පෙම්වතිය විවාහ වෙනවා. පෙම්වතා වෙනත් පෙම්වතියක් සමග ප්‍රේමයෙන් වෙලෙනවා. මේ සිදුවීම් නිසා එක් පාර්ශවයකට හෝ දෙපාර්ශවයටම හෝ මේ වෙන්වීම කියන දේ නැතිනම් විරහව තදින් දැනෙනවා.
පෙම්වතියකට විරහව දැනෙන විදියට නෙවෙයි පෙම්වතෙකුට විරහව දැනෙන්නේ. පෙම්වතියකට නම් දරා ගන්න අමාරුයි. ඇය සමහරවිට දවස පුරාම අඬනවා. දුකෙන් ඉන්නවා. මුළු ලෝකයම අහිමි වෙලා කියන හැඟීම ඇයට තදින් ම දැනෙනවා. නමුත් පෙම්වතුන් ඊට හාත්පසින් ම වෙනස්. ඔහුට දරා ගන්න පුළුවන්. ඔහු ශක්තිමත්. සමහරවිට අවට සමාජයට ඔහුගේ වේදනාව පෙන්වන්නේ නැහැ. එය දකිනවාටත් ඔහු කැමති නැහැ. ඔහුගේ මේ වේදනාවන් සහ දුක්ඛිත අත්දැකීම් අනෙක් අය සමග බෙදා ගන්නේ නැහැ. හදවතින් ම තනි වුණු ජීවිත ඔවුන් ගත කරනවා.
කිසිම පිටස්තරයෙකුට නොඅඟවා හදවතින් ම තනි වී වේදනා විඳින පෙම්වතුන් සමාජයේ බහුලයි. ඒ නිසා පෙම්වතියකට වඩා පෙම්වතෙකුගේ භූමිකාව අතිශය සංකීර්ණයි. පෙම්වතියක් අහිමි වුණු ප්‍රේමය හමුවේ හඬා වැටුණත් පෙම්වතෙක් කිසිම දිනෙක හඬා වැටෙන චරිතයක් වෙන්න කැමති නැහැ. ඒ තමයි ඔහුගේ ස්වභාවය. හදවතින් හඬා වැටුණත් කිසිම දිනෙක ඒ බාහිරට පෙන්වීමට පිරිමි පාර්ශවයන් කිසිම කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ ආකාරයට ආදරයෙන් ලැබෙන විරහව නැතිනම් වෙන්වීමේ වේදනාව පෙම්වතියකට සහ පෙම්වතෙකුට දැනෙන අයුරු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…