Trend Spotter

Septum piercing… අලුත් trend එකක්???

මොකක්ද මේ septum piercing කියන්නේ?? නාස් පුඩු අතර මැද සිදුකරන piercing වර්ගයක් ලෙස මෙය හැඳින්වෙනවා. ඈත අතීතයේ පටන් විවිධ සංස්කෘතීන් හා විවිධ ජන කණ්ඩායම් අතර පවතී විලාසිතාවක් වන septum piercing වර්තමානයේ තරුණියන් අතර පැතිර යන ජනප්‍රිය විලාසිතාවක්.

මොකක්ද මේ septum piercing කියන්නේ?? නාස් පුඩු අතර මැද සිදුකරන piercing වර්ගයක් ලෙස මෙය හැඳින්වෙනවා. ඈත අතීතයේ පටන් විවිධ සංස්කෘතීන් හා විවිධ ජන කණ්ඩායම් අතර පවතී විලාසිතාවක් වන septum piercing වර්තමානයේ තරුණියන් අතර පැතිර යන ජනප්‍රිය විලාසිතාවක්. අතීතයේ ඉන්දියානු සමාජය තුල විවාහයට සුදානම් වයසේ මෙන්ම විවාහක කාන්තාවන්ද බහුලව මෙම septum piercing විලාසිතාව අනුගමනය කළා. මනාලියකට ලබාදුන් ආභරණ වල අනිවාර්ය අංගයක් ලෙස මෙම නාස්පුඩු අතර පළඳන ආභරණ ඇතුලත්ව තිබුනා.

අද වනවිට බටහිර පන්නයේ විලාසිතාවලට කැමති යුවතියන් අතර මෙය ඉතා ජනප්‍රියයි.
Lady Gaga, Madonna, Rihanna, Amber Rose වැනි ජනප්‍රිය තාරුකා මෙම විලාසිතාවට යොමුවෙලා.

Septum Jewelry වර්ග මොනවද?
මෙහිදී සැබෑවටම pierce කරන සහ fake jewelry ලෙස කොටස් 02ක් තිබෙනවා. සමහර තරුණියන් තාවකාලික විලාසිතාවක් ලෙස fake jewelry පාවිච්චි කරනවා. නමුත් අද බොහොමයක් තරුණියන් ස්ථිර ලෙස නාසය pierce කරන්න තරම් නිර්භීතයි. සැබෑවටම pierce කරන ය සඳහා යොදාගැනෙන jewelry වර්ග විදියට Horseshoe, Septum clicker, BCR(Ball Closure Ring) හඳුන්වන්න පුළුවන්.
මේ අතරින් Horseshoe වර්ගය ඔබට පහසුවෙන් අවශ්‍ය තැනකදී උඩු අතට හරවා සඟවා ගන්න පුළුවන් විදියේ එකක්. රැකියා ස්ථානයේදී ඔබට ඔබගේ septum piercing එක අනෙක් අයට පෙන්වීමට අනවශ්‍ය නම් ඔබට වඩා ගැලපෙන වර්ගය තමයි මේ Horseshoe වර්ගය.

Septum piercing රිදෙනවද?
ඔව්. Piercing කියන්නේ සම සිදුරු කිරීමක්. එකේ වේදනාවක් තියනවා. එත් ඒ තාවකාලික වේදනාවෙන් පස්සේ ඔබේ පෙනුමට දිගුකාලින සුන්දරත්වයක් ලැබෙනවා. ඒ නිසා තමයි piercingවලට painful pleasure කියල කියන්නේ. Septum piercing වලදී සිදුරු කරන්නේ කාටිලේජ කොටසක් වෙන්න පුළුවන්. නැත්නම් නාස් පුඩු අතර කාටිලේජයට පහලින් තිබෙන “Sweet spot” කියල හඳුන්වන කොටස වෙන්න පුළුවන්. එම ප්‍රදේශය කාටිලේජය සිදුරු කරනවට වඩා අඩු වේදනාවක් ගෙන එන්නේ.
piercing එකෙන් පසු සුව වනතෙක් ඔබ දවසට දෙවරක් වත් එය පිරිසිඳු කල යුතු වෙනවා. සාමාන්‍යයෙන් septum piercing එකක් සම්පූර්ණයෙන්ම සුව වෙන්න සති 6-8ක කාලයක් ගත වෙනවා. ඒ කාලය තුල ඔබේ jewelry එක නොගලවා සිටිනවානම් වඩාත් හොඳයි.

Photo Credit : www.bodycandy.com
Photo Credit : www.bodycandy.com
Photo Credit : www.bodycandy.com
Photo Credit : www.bodycandy.com

***අලුත්ම විලාසිතාවේ, උසස් නිමාවකින් යුතු Septum Jewellery අඩු මිලකට මිලදී ගැනීමට www.bodycandy.com වෙත පිවිසෙන්න.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

4 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

5 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago