100% Feminine

අවාසනාවට ඇත්ත කතාවක් – “පිරිමින්ගේ පාප කඳට දෝස විදින ළදුනේ”

ඔව්......ඇය ගණිකාවක්..නමුත් ඇය දියණියක්, බිරිදක්,මවක්... මම ඇයව මධු ලෙස හදුන්වන්නම්(සත්‍ය නම නොවේ)මේ ඇයගේ කතාව ඇයගේ වචනවලින්ම...

පිරිමියෙකුගේ දායකත්වයක් නැතුව තනිවම ගැහැණියකට ගණිකාවක් (වර්තමාන ව්‍යවහාරයේ “ගණිකාව” යන පදය යම් අපහාසාත්මක, අසම්මත ලෙස හඳුන්වන පදයක් වුණත් එහි නියම අර්ථය යනුව සූසැට කලා ප්‍රගුණ කළ, රූප සම්පත්තියෙන් අනූන ස්ත්‍රීන් හැඳින්වූ ගරු නාමයකි)වෙන්න පුලුවන්ද? සමාජ පිළිලයක් සේ දකින,නිග්‍රහ කරන සමාජය දොස් නගන ලොව පැරණිම වෘත්තිය ගැන වෙනස්ම විදිහේ ලිපියක්, සාකච්ඡාවක්.

“ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනන ළදුනේ”…අමරසිරි පීරීස් මහත්මයාගේ මෙම ගීතය කොයි තරන් නම් සත්‍යක්ද?බොහෝ පිරිමින් පිලිනොගන්න,බොහෝ ගැහැනුන් නිගා කරන ඒ කටුක සත්‍යයි මේ…

ඔව්……ඇය ගණිකාවක්..නමුත් ඇය දියණියක්, බිරිදක්,මවක්…
මම ඇයව මධු ලෙස හදුන්වන්නම්(සත්‍ය නම නොවේ)මේ ඇයගේ කතාව ඇයගේ වචනවලින්ම…

1.මුලින්ම ඔබගේ ළමා කාලය ගැන මතක් කරොත්…පවුල,පවුලේ සහෝදරයන් සමග ගෙවපු ජීවිතේ?

*මගේ පවුලේ අම්මයි,අක්කයි,නංගියි..තාත්තා මං කුඩා කාලයෙදීම නැතිවුනා.කාගෙන්වත් ආදරයක් නොලැබුනත් සුන්දර ළමා කාලයක් ගත කරා කියලා හිතෙනවා.

2.කාගෙවත් ආදරයක් ලැබුනේ නෑ කියන්නේ ඇයි? කුඩා කාලෙදිම පවුලේ සාමාජිකයන්ගෙන්වත් ආදරයක් සෙනෙහසක් ලැබුනේ නැද්ද?

*නෑ…කවදාවත්ම ලැබිලා නෑ..ඒකට හේතුව මම අදටත් දන්නේ නෑ.ඒත් එයාලා මව තනිකලා වගේ හැගීමක් මට දැනුනේ…

3.ඉතින් මේ නොලැබීම මත ඒ නොලැබෙන ආදරය වෙන තැනකින් හොයන්න ඔබ උත්සහ කලා..මම හරිද?

*නෑ එහෙම කියන්න බෑ…මම හොදට ඉගෙන ගත්තා.මට පුලුවන් උපරිමයෙන් මම ඉගෙන ගත්තා..අපොස(උ/පෙල) විභාගයට වෙනකන් මම ඉගෙන ගත්තා.කලා අංශයෙන් මම විභාගෙට මූන දුන්නේ. A එකයි, C එකයි, S එකයි.

4.ගෙදරින් ආදරය නොලැබුනා කිව්වා..පාසල් කාලයේ ප්‍රේමය හොයන්න උත්සහ කලේ නැද්ද?

*නෑ…මම ආදරය කරන්න බය වුනා.ඇයි දන්නේ නෑ ඒත් මම ඒකට බය වුනා..හැබැයි පාසල් ජීවිතේ තමයි මම මගේ ජීවිතේ ගත කරපු සුන්දරම කාලපරිච්ඡේදය.

5.උසස් පෙලෙන් පස්සේ ජීවිතේ ගෙවෙන්නේ කොහොමද? රැකියාවක් කළා ද?

*ඒ කාලේ ගෙදරින් වෙච්ච වෙනස්කමක් දරාගන්න බැරුව මම තීරණය කරනවා සිය දිවි හානි කරගන්න..ඒ වෙලාවේ ඒක දැකපු ආරක්ශක අංශයේ අයියලා දෙන්නෙක් මාව බේරගන්නවා

6.ඒක ඔබේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ශයක් වෙනවා?

*හ්ම්ම්…ඔව්.එහෙම කියන්නත් පුලුවන්.ඒ එක අයියා කෙනෙක් මාව එයාලගේ ගෙදර එක්කන් යනවා..එයා හරි හොද කෙනෙක්.එයාගෙ පවුලෙ අයත් මාව එයාලගෙම කෙනෙක් වගේ පිළිගන්නවා…

7.එතනින් ඔබේ ආදරය පටන් ගන්නවා?

*නෑ නෑ…ඒ අයියා විවාහකයි..එයාගෙ බිරිදත් මට සැලකුවේ එයාගෙම සහෝදරියකට වගේ..එයාලා තමයි මට ජීවිතේ ගැන උගන්නන්නේ..

8.එතැන් පටන් ඔබ හොද සමාජයේ පිලිගත් රැකියාවක් කරනවා?

*ඔව්…ඒ අයියා මාව ආරක්ශක අංශයේ රැකියාවකට යොමු කරනවා..මම හොද සටන්කාමි සෙබලියක්.😊

9.ඒ කාලයේ ඔබ විවාහ වෙනවා?

*ඔව්..ඔහු මට වඩා ජේෂ්ඨ නිළයක කෙනෙක්.ආදර සම්බන්ධතාවයකින් පසු අපි 2010 වසරේ විවාහ වෙනවා.

10.විවාහ වුනාට පසුව ඔබ රැකියාවෙන් ඉවත් වුනාද?

*ඔව් මගෙ සැමියාගේ කීමට මම රැකියාවෙන් අයින් වෙනවා..මට හිතුනා රැකියාවට වඩා මගෙ පවුල් ජීවිතේ වටිනවා කියලා..ඊට පස්සේ මගෙ මුලු ලෝකයම වුනේ මගෙ සැමියයි,පුතයි.

11.ඒ ඔබේ ලෝකෙ කඩා වැටෙනවා..ඇයි ඒ?

*ඔව්..ඒ 2014…මම සැමියා මට ආදරෙන් හිටියා.ඒත් එයාට වෙන සම්බන්ධකම් තිබුනා..ඒ නිසා අපි අතර ප්‍රශ්න ඇතිවුනා.ඉතින් අපි කතා කරලා තීරණයක් අරන් දික්කසාද වුනා.

12.අවුරුදු හතරක විවාහ ජීවිතයක්….ඊට පස්සේ ඔබ තනිවෙනවා,රැකියාවක් නොමැතිව…සැමියා ඔබට සහ දරුවට යම් වන්දියක්,නඩත්තු මුදලක් ලබා දුන්නද?

*ඔව්..ඔහු පොරොන්දු වුනා නඩත්තු මුදලක් දරුවට ගෙවන්න..ඒත් ඒක හරියට වෙලාවට දෙන්නවත්,දරුවගෙ අවශ්‍යතාවලට සෑහෙන මුදලකුත් වුනේ නෑ එයාගේ සම්බන්ධකම් එක්ක.

13.ඊට පස්සෙත් ඔබ රැකියාවක් කරනවා?

*ඔව්..මම සෑහෙන කලකිරිලා හිටියේ.විශේෂයෙන්ම සැමියගෙ කීමට මගෙ කලින් රැකියාවෙන් අයින්වුන එක ගැන.ඊට පස්සේ මම ගාමට් එකක වැඩට යනවා.

14.එතකොට ඔබ අද මේ ඉන්න තත්වයට පත්වුනේ කොහොමද?

*මේ කාලෙදි මගෙ පුතා අසනීප වෙනවා..පර්‍යේශණ කරද්දි හොයාගන්නවා මගෙ පුතාට හදවත් රෝගයක් කියලා..(එය සත්‍යක්..එම දරුවගේ වෛදය සහතික මට පෙන්වයි)
ඉතින් දරුවගේ තාත්තට ඒ ගැන උවමනාවක් නෑ.මං මගේ ගෙදර පවා විකුනලා සල්ලි හෙව්වා..ඒත් සල්ලි මදි…අන්‍තිමට මට දරුවා වෙනුවෙන් ඉතුරුවුනේ මේ දේ විතරයි…ඒකට මම හිත හදාගත්තා.

15.පලමුවෙනිම පාරිභෝගිකයා මුනගැහුනම දැනුන හැගීම කොහොමද?

*ඒ වෙලාවේ නම් දරුවා එක්ක වහ ටිකක් බීලා මැරෙන්න හිතුනා..මට මං ගැනම පිළිකුලක් ඇතිවුනා.

16.කාලෙකින් ඒ දේට ඔබ හුරුවුනා කිව්වොත් මම හරිද?

*ඔව්..දරුවා ගැන හිතලා මම ඒකට හුරුවුනා.

17.දැන් කොපමණ කාලයක් මේ රැකියාවේ නිරත වෙනවද?

*දැන් අවුරුද්දක් විතර.

18.මේ අවුරුද්දක කාලය ඇතුලත අමතක නොවෙන සිදුවීම් එහෙම ඇති?

*අම්මේ ඕන තරන්..එක සැරයක් කෙනෙක් ආවා.මට පස්සේ හිතුනේ මිනිහා මානසික රෝගියෙක් කියලා..ඒ මිනිහට ඕනි ලේ දකින්න..මගේ තොල් පැලෙනකන් මට ගැහුවා..ඒක මම නවත්තනකොට මගෙ අත අල්ලලා ඇගිල්ල කැඩුවා.එදානම් ජීවිතේ එපා වුනා මට.

19.ඉතින් ඔබ ඒ සිද්දියට ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ?

*මොනා කියලා කරන්නද..සල්ලි දීලා ආවම මේ ශරීරය උන්ට ලියලා දීලා වගේ තමයි උන් සලකන්නේ..මටත් කරන්න දෙයක් නෑ..එහෙම මිනිස්සුන්ව නිදන් ඉද්දි මරන්න හිතෙන වාර අනන්තයි..ඒත් දරුවා වෙනුවෙන් මම ඉන්න ඕනි නේද කියලා හිතලා විද දරාගෙන ඉන්නවා.

20.දරුවගේ ශල්‍යකර්මය ඉවරවුනාම මේ රැකියාව නවත්තනවද?දිගටම කරන්න හිතාගෙනද ඉන්නේ?

*අම්මෝ ඔව්…ඔපරේෂන් එක කරන්නේ කවද්ද,ඊට පහුවදා ඉදන් මම මේක නවත්තනවා..කොටින්ම මම ඒ කාලේ ඇදපු ඇදුම් පවා පුච්චලා දානවා.

21.ඉතින් මේ විදිහට තව කොයි තරන් කාලයක් මේ රැකියාව කරන්න වෙයි කියලා හිතනවද?

*ලබන සිංහල අළුත් අවුරුද්දට කලින් කොහොම හරි නවත්තන්න හිතාගෙන ඉන්නේ..ඒත් ඉතින් මගේ ඉරණම කොහොම විසදෙයිද කියලා දන්නේ නෑ.

22.එතනින් පස්සේ ජීවිතේ ඉදිරියට ගෙනයන්න කොහොමද සැලසුම් කරන් ඉන්නේ?

*අනේ මන්දා..කොහොමත් මේ රස්සාවනම් ආය කරන්නේ නෑ..පාරක් අතුගාලා හරි ළමයට හොදට උගන්නලා හොද පිරිමියෙක් කරනවා.

23.ඔබ මේ වෘත්තියෙහි නියැලෙනවා කියලා ඔබගේ හිටපු සැමියා දන්නවද?ඔහුගෙන්,සමාජයෙන් ඔබට ලැබෙන ප්‍රතිචාරය මොන වගේද?

*අපෝ එයා දන්නේ නෑ..එයා අපි ගැන කොහොමත් හොයන්නේ නෑ.සමාජයේ ගොඩක් අය දන්නේ නෑ මං කරන්නේ මේක කියලා..ඒත් දන්න අය නම් මුකුත් එහෙම කියන්නේ,ගරහනවා අඩුයි..එහෙම ගරහන අයත් කීප දෙනෙක් ඉන්නවා..ඒත් මම ඒවා වැඩිය හිතන්නේ නෑ.

24.මෙම වෘත්තීය නීතිගත කලොත් ඒක හොදයි කියලා හිතෙනවද?ඒ ඇයි?

*අපෝ නෑ…මම පෞද්ගලිකව කැමති නෑ ඒකට..මොකද ප්‍රසිද්ධියේ ලේබල් අලවන් කරන්න තරන් කවුරුත් කැමැත්තෙන් කරන රස්සාවක් නෙවෙයි මේක.

25.ජීවිතේ ගැන ආපස්සට හැරිලා බලද්දි ලොකු කලකිරීමක්,පසුතැවීමක් දැනෙනවද?

*ඔව්…සෑහෙන ලොකු කලකිරීමක් දැනෙනවා..මම දන්න තරමින් කාටවත්ම වැරද්දක් කරලා නෑ…ඒත් මටම මෙහෙම වැරදුනු එක ගැන මට දුකයි.

26.වරමක් ලැබුනොත් ජීවිතේ යම් තැනක් වෙනස් කරගන්න,කොතනටද යන්නේ?

*මම විවාහ වෙච්ච තැනට..එහෙනම් මම ඒ විවාහය කරගන්නේ නැතුව දිගටම ඒ රස්සාව කරගෙන ඉන්නවා.

මේ ඇයගේ කතාවයි..නොදන්නවා වුනාට ඒ කටුක සත්‍ය,දුක,වේදනාව වසන් කරගෙන සිනාමුසු මූනෙන් ඉන්න අනත්තවත් මධූලා අපිට ඉදිරියටත් මුණගැසේවි.විවේචනයක්,විචාරයක්,ඉල්ලීමක්,නිවරැදි කීරීමක්,සාදාරනීකරනයක් කරන්න යන්නේ නෑ.තීරණය ඔබට භාරයි..ඒත් පුංචිම පුංචිම ඉල්ලීමක් තියෙනවා..අපි ප්‍රාර්ථනා කරමු ඇයගේ අනාගත කර්තව්‍යයන් ඇය සිතන විදිහටම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා🙏

Navin Rathnayaka

Navin Shirantha Rathnayaka is a dynamic personality and a businessman in motor spare parts and tourism in Sri Lanka. Having experienced in counselling, he consults Sri Lankans who are in need of counselling and mind training. As a well experienced article writer he mainly focuses on writing articles in areas such as scared sexuality in Sri Lanka. Navin Rathnayaka has obtained his first degree on Bachelor of Management in Human Resources Management and Personnel Management from Bangalore University, India. His rich experience and deep understanding of the motor spare parts industry will be invaluable in achieving the business world.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

4 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

5 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago