Trend Spotter

පාට බලමු…දිවි රැක ගමු…

කොන්ඩම්(Condom) අද වනවිට ගැහැණු පිරිමි භේදයක් නොමැතිව සෑම කෙනෙක් අතරම ජනප්‍රිය වගේම බහුලවම භාවිත වන උපත් පාලන උපක්‍රමයක්. ලිංගික එකතුවකදී ශුක්‍රාණු යෝනි මාර්ගයට මුදා හැරීම වලක්වා අනවශ්‍ය ගැබ් ගැනීම් වැලැක්වීම කොන්ඩමයක් පැළදීමේ ප්‍රධාන අරමුණ වනවා.

කොන්ඩම්(Condom) අද වනවිට ගැහැණු පිරිමි භේදයක් නොමැතිව සෑම කෙනෙක් අතරම ජනප්‍රිය වගේම බහුලවම භාවිත වන උපත් පාලන උපක්‍රමයක්. ලිංගික එකතුවකදී ශුක්‍රාණු යෝනි මාර්ගයට මුදා හැරීම වලක්වා අනවශ්‍ය ගැබ් ගැනීම් වැලැක්වීම කොන්ඩමයක් පැළදීමේ ප්‍රධාන අරමුණ වනවා. ගුද මාර්ගය ආශ්‍රිත ලිංගික ක්‍රියාකාරකම් වලදී මෙය භාවිත කරන්නේ සෞඛ්‍යාරක්ෂිත උපක්‍රමයක් ලෙසට. විවිධ රසවලින්ද, සංසර්ගයේදී ලිංගේන්ද්‍රියනට දැනෙන අයුරින් විවිධ ගැටිති ආදී උපක්‍රමවලින් මෙන්ම ලිංගිකව එක්විය හැකි කාලය දිගු කිරීම සඳහා විවිධ රසායනවලින් යුතුව ආදී වශයෙන් විවිධ වර්ගයේ කොන්ඩම අද වෙළඳපොලේ සුලබව දකින්නට ලැබෙනවා.

Photo Credit : www.freepik.com

ලිංගික එකතුවකදී කොන්ඩමයක් භාවිත කිරීමේ ප්‍රධාන අරමුණ ආරක්ෂාවයි. ඉන් අදහස් වන්නේ අනවශ්‍ය ගැබ් ගැනීම වැලැක්වීම පමණක් නොවේ. ලිංගික කටයුතු ආශ්‍රිතව බෝවන රෝග(STD – Sexually Transmitted Diseases) වැළක්වීම ප්‍රධාන ප්‍රයෝජනයක්. ඔබ සහකරුවන් කීපදෙනෙක් ඇසුරු කරන්නේ නම් හෝ, ඔබේ සහකරුවන්ගේ ලිංගික ජීවිතය නිසි පරිදි නොදන්නේ නම් එකතුවකදී කොන්ඩමයක් පැළඳීමට අමතක කරන්න එපා. AIDS වැනි සමහර STD ගණයේ රෝගවල අවසන් ප්‍රතිපලය මරණය.

Photo Credit : www.time.com

කොන්ඩම් ගැන අපි මේ කියන්නට යන්නේ වෙනස්ම කතාවක්. බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 13-14 වයසේ යෞවනයින් තිදෙනෙක් අපූරු නව නිර්මාණයක සංකල්පය ඉදිරිපත් කරලා. ඒ STD හමුවේ වර්ණය වෙනස් වන කොන්ඩමයක් නිපදවීම. එය ඔබ පාසල් සමයේ විද්‍යාව විෂයයට අම්ල-භෂ්ම හඳුනාගන්නට ලිට්මස් කඩදාසි, pH කඩදාසි යොදාගත්තා වගේ. මෙම සංකල්පය බ්‍රිතාන්‍යයේ TeenTech තරඟයේ පළමු ත්‍යාගය දිනා ගන්නට සමත් වෙලා. තිබෙන STD විශේෂය අනුව ඊට ආවේනික වර්ණයකට කොන්ඩමය හැරීම මෙහි විශේෂත්වයක්. ලිංගික ශ්‍රවයන්හි ඇති රෝග විෂබීජ අනුව මෙය සිදුවනවා. නමුත් මෙවැන්නක් නිපදවීමේ අභියෝග නැතුවාම නොවේ. රෝගය ඇත්තේ ලිංගිකව එක්වූ දෙදෙනාගෙන් කුමන කෙනාටද යන්න නිසිව සොයාගන්නට බෑ. ඒ වාගේම STD විශේෂ කීපයක් ඇත්නම් කුමන වර්ණයක් ලැබෙනවාද යන්න නිශ්චිත නැහැ. නමුත් මේ අභියෝග ජයගෙන නුදුරු අනාගතයේදී මේ නිෂ්පාදනය වෙළඳපලේ සුලබ වේවි. එදාට අපි කාටත් බයක් නැතිව, ආරක්ෂිතව මෙය භාවිත කරන්නට හැකිවේවි.

People photo created by bearfotos – www.freepik.com

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago