රතට රතේ දැක්කම ආසා හිතෙන පළතුරක්…ස්ට්‍රෝබෙරි…වෙනදා අපට සොයාගන්න අපහසු පළතුරක් වුණත් දැන් දැන් සුපිරි වෙළඳ සැල්වලින් ඔබට පහසුවෙන් මිලට ගන්නට පුළුවන්. මිලෙන් තරමක් ඉහල වුණත් මිලට ගත්තට පාඩු නැති සෞඛ්‍යයට වාසි රැසක් ලබාගන්න පුළුවන් පළතුරක්. ඉඳ හිට හරි ස්ට්‍රෝබෙරි ආහාර වේලට එකතු කරගෙන මේ වාසි ලබා ගන්නට අමතක කරන්න එපා.
රතට රතේ දැක්කම ආසා හිතෙන පළතුරක්…ස්ට්‍රෝබෙරි…වෙනදා අපට සොයාගන්න අපහසු පළතුරක් වුණත් දැන් දැන් සුපිරි වෙළඳ සැල්වලින් ඔබට පහසුවෙන් මිලට ගන්නට පුළුවන්. මිලෙන් තරමක් ඉහල වුණත් මිලට ගත්තට පාඩු නැති සෞඛ්‍යයට වාසි රැසක් ලබාගන්න පුළුවන් පළතුරක්. ඉඳ හිට හරි ස්ට්‍රෝබෙරි ආහාර වේලට එකතු කරගෙන මේ වාසි ලබා ගන්නට අමතක කරන්න එපා.
ස්ට්‍රොබෙරිවල මූලිකවම විටමින් B3, විටමින් B5, විටමින් C, තන්තු, ෆ්ලෙවර්නොයිඩ්ස් සහ ඇලජික් අම්ලය අන්තර්ගත වනවා. මේ නිසා ඔබේ ශරීරයට නිරෝගීව සිටින්නට වගේම සමේ නිරෝගී දිදුලන ස්වභාවය රැක ගැනීමට ස්ට්‍රෝබෙරි උදව් වෙනවා.මේ නිසා මූලිකවම පහත සෞඛ්‍ය වාසි ඔබට ලබාගන්නට පුළුවන්.
01) ප්‍රතිශක්තිකරණ ශක්තිය ඉහල නංවයි – ස්ට්‍රෝබෙරි ආහාරයට එකතු කර ගැනීමෙන් වැඩිහිටියෙකු ලෙස ඔබගේ දෛනික විටමින් C අවශ්‍යතාවය මෙන් 150% සපුරා ගන්නට හැකි වනවා. උණ, සෙම්ප්‍රතිශ්‍යාව වගේම අනෙකුත් බෝවන රෝග රැසක් වැළඳීමෙන් වැළකී සිටීමට මෙය උදව්වක් වනවා.
02) රුධිර පීඩනය පාලනයට උපකාරී වෙයි – පොටෑසියම් බහුල ආහාරයක් ලෙස ස්ට්‍රෝබෙරි හඳුන්වන්නට පුළුවන්. මේ නිසාම අධි රුධිර පීඩනය අඩු මෙන්ම හෘදයාබාධ ඇති වීමට බලපාන හේතු රැසක් පාලනය කර ගැනීමට මේ නිසා ඔබට හැකි වෙනවා.
03) සන්ධි ආශ්‍රිත රෝග, වේදනා සමනය කරයි – ශරීරය තුල නිපදවෙන මුක්ත ඛණ්ඩක(Free Radicals) නිසා ශරීරයේ නිරෝගී DNA, පටක ආදියට හානි සිදු වෙනවා. මේ නිසා ආතරයිටිස් රෝග තත්ත්වයේදී මෙන්ම සන්ධි ආශ්‍රිත වේදනා තත්ත්වයන් ඇති වන්නට පුළුවන්. ස්ට්‍රෝබෙරිවල ඇති ප්‍රති ඔක්සිකාරක නිසා මෙම මුක්ත ඛණ්ඩක බිඳ දැමීම සිදු වෙනවා.
04) පිළිකා ඇතිවීම වලක්වයි – ස්ට්‍රෝබෙරි ෆ්ලෙවර්නොයිඩ් බහුල ආහාරයක්. ස්ට්‍රෝබෙරිවල ඇති anthocyanins, quercetin, සහ kaempferol ආදී ෆ්ලෙවර්නොයිඩ් පිළිකා ඇතිවීම මෙන්ම පැතිරීමද පාලනයට විශාල මෙහෙයක් ඉටු කරන බව වෛද්‍ය මතයයි.
05) රුධිරගත සීනි මට්ටම පාලනයට හේතු වේ – ග්ලයිසීමික් දර්ශකයට අනුව ස්ට්‍රෝබෙරි පහල අගයක් ගන්නා ආහාරයක්. එනම් ආහාරයෙන් පසු ශරීරයට නිකුත්වන සීනි ප්‍රමාණය පහල අගයක ඇති ආහාරයක්. මේ නිසා සීනි පාලනය කරන ඔබට නිතර ආහාරයට එකතු කර ගැනීමට සුදුසු දෙයක් ලෙස ස්ට්‍රෝබෙරි හඳුන්වන්නට පුළුවන්.
06) ආඝාත අවදානම අඩු කරයි – ප්‍රති ඔක්සිකාරක බහුල වීම නිසාම ස්ට්‍රෝබෙරි මගින් ඔබේ ශරීරයේ ලේ කැටිති ඇති වීම පාලනය කරනවා. මේ නිසාම ඔබට අඝාත වැනි රෝග ඇති වීම සෑහෙන ප්‍රමාණයකට පාලනය කර ගන්න පුළුවන්.
07) අසාත්මිකතා නිසා ඇතිවන රෝග තත්ත්වයන් වලක්වයි – ස්ට්‍රෝබෙරිවල බහුලව අන්තර්ගත ප්‍රති-ඔක්සිකාරක ගුණය හා දාහය අඩුකරන හැකියාව නිසාම ශරීරය තුල අසාත්මිකතා නිසා ඇතිවන රෝගී ලක්ෂණ අඩු කරන්නට හේත් වෙනවා.
08) සමේ නිරෝගී බව හා දිදුලන ස්වභාවය වර්ධනය කරයි – කොලැජන් සමේ නිරෝගී බවට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් වර්ගයක්. අස්ථිවල ශක්තිමත් බවට, සමේ නම්‍යශීලී බව රැකීමට, සමේ පැහැපත් බවට මෙය උපකාරී වනවා. ස්ට්‍රොබෙරිවල අඩංගු ඉහල විටමින් C ප්‍රමාණය කොලජන් නිපදවීමට විශාල මෙහෙයක් ඉටු කරනවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…