"Strong is the new sexy" මේ යුගයේ කාන්තාවන්ගේ ආදර්ශ පාඨයයි.මේ හැඩ කාරියන්ගේ වගේම වැඩ කාරියන්ගේ යුගය. ඒ කියන්නේ නිවසේ මෙහෙකාරියන් එහෙම නොවේ. කාන්තාවක් වුණාම රූපය ලස්සන වගේම නිරෝගීව හැඩටත් හොඳ ක්‍රියාශීලී වෙන්නත් ඕනේ. ඉතින් අද අපි පටන් ගන්නා මේ ලිපි පෙළ හැඩට වැඩට ඉන්නට කැමති ඔබ වෙනුවෙන්මයි.
“Strong is the new sexy” මේ යුගයේ කාන්තාවන්ගේ ආදර්ශ පාඨයයි.මේ හැඩ කාරියන්ගේ වගේම වැඩ කාරියන්ගේ යුගය. ඒ කියන්නේ නිවසේ මෙහෙකාරියන් එහෙම නොවේ. කාන්තාවක් වුණාම රූපය ලස්සන වගේම නිරෝගීව හැඩටත් හොඳ ක්‍රියාශීලී වෙන්නත් ඕනේ. ඉතින් අද අපි පටන් ගන්නා මේ ලිපි පෙළ හැඩට වැඩට ඉන්නට කැමති ඔබ වෙනුවෙන්මයි.
තරබාරු කම අඩු කර ලස්සන හැඩති සරාගී සිරුරක් ලබන්න අනුගමනය කරන්න ඕනෑ පියවර දෙකයි. ඒ ආහාර පාලනය හා ව්‍යායාම කිරීම. ලෝකයේ කිසිම තැනක මේ දෙකෙන් තොරව ක්ෂණිකව බර අඩු කර දෙන ඖෂධයක් සොයාගෙන නැහැ. තිබ්බත් ඒවායේ අතුරු ආබාධ බහුලයි. නිසි විදියට ආහාර පාලනයත් ව්‍යායාමවල යෙදීම මගින් වගේම පහත දැක්වෙන මේ උපදෙස් අනුගමනය කිරීම මගින් මාස තුනක් වැනි කෙටි කාලයකින් හැඩති ක්‍රියාශීලී සිරුරක් ලබා ගන්නට ඔබටත් පුළුවන්.
පළමුවෙන්ම ශරීරයට ඇතුළුවන ආහාරවල අඩංගු කැලරි ප්‍රමාණය ගැන අවබෝධයක් ලබාගන්න පුරුදු වෙන්න. දෙවැන්න නම් ඒ ශක්තිය දවසක් තුල වැය කරන ආකාරය දැනුවත් විය යුතුයි. ශරීරයට ලබාගන්නා ශක්තියට වඩා වය කරන ශක්ති ප්‍රමාණය අඩු නම් ඉතිරි වන ශක්තිය මේදය ලෙස ශරීරයේ තැන්පත් වනවා.
තිරිඟු පිටි හා ඒවායෙන් නිෂ්පාදනය වන ආහාරත්, බත්, අල වර්ග සහ තෙල් මේදය අඩංගු ආහාරත් ඊටත් වඩා ශක්තිජනකයි. එමෙන්ම බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් ලෙස මත්පැන් දෙවැනි වන්නේ තෙල් වර්ග වලට පමණයි. මත්පැන් වලින් ඔබ මත කරනවා වගේම ශරීරය තරබාරු කිරීමද සිදු කරනවා.
සෑම ආහාර වේලකට කලින්ම වතුර වීදුරුවක් දෙකක් හෝ එළවලු සුප් වැනි දෙයක් පානය කලොත් අනවශ්‍ය ලෙස ආහාරවලින් කුස පිරීම වලක්වා ගන්නට පුළුවන්. කිසි විටක ආහාර නොගෙන සිටීම හොඳ දෙයක් නොවේ. ගන්නා ආහාර වේල සමබල එකක් විය යුතුයි. අනවශ්‍ය ලෙස පිෂ්ඨය අඩංගු නැති, යහමින් ප්‍රෝටීන් අඩංගු, විටමින් හා ඛනිජ ලවණ මෙන්ම කෙඳි සහිත ආහාර වර්ග හොඳින් අඩංගු කෑම වේලක් ගන්න පුරුදු වෙන්න.
සෑම ආහාර වේලකට කලින්ම වතුර වීදුරුවක් දෙකක් හෝ එළවලු සුප් වැනි දෙයක් පානය කලොත් අනවශ්‍ය ලෙස ආහාරවලින් කුස පිරීම වලක්වා ගන්නට පුළුවන්. කිසි විටක ආහාර නොගෙන සිටීම හොඳ දෙයක් නොවේ. ගන්නා ආහාර වේල සමබල එකක් විය යුතුයි. අනවශ්‍ය ලෙස පිෂ්ඨය අඩංගු නැති, යහමින් ප්‍රෝටීන් අඩංගු, විටමින් හා ඛනිජ ලවණ මෙන්ම කෙඳි සහිත ආහාර වර්ග(විශේෂයෙන්ම අලුත් එළවලු, පලතුරු සහ පලා වර්ග) හොඳින් අඩංගු කෑම වේලක් ගන්න පුරුදු වෙන්න. තෙල් දමා පිසින ලද ආහාර, ක්ෂණික ආහාර වර්ග ගැනීම හැකිතාක් අඩු කරන්න. මස් ආහාරයට ගත්තාට කමක් නැහැ.හැකිනම් අලුත් මාළු, කිරි, බිත්තර දිනපතා ආහාර වේලට එක් කරගන්න. ව්‍යායාම ශරීරයේ මනා පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයක්. දිනපතා හෝ දිනක් හැර දිනක් හෝ නිසි උපදෙස් මත ව්‍යායාමවල යෙදෙන්න. ඒ සඳහා ඔබට ප්‍රයෝජනවත් ලිපි පෙළක් ළඟදීම ගෙන එන්නට අපි බලාපොරොත්තු වනවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…