මේ SuperShe දිවයිනයි. නූතන වොන්ඩර් වුමන් ලාගේ පාරදීසයයි.ඇත්තෙන්ම මේ SuperShe දූපත කුමක් ද? එය ඔබ, මම වැනි කාන්තා පරපුර වෙනුවෙන්ම ගොඩ නැගුවකි. පුරුෂ ලිංගයක් වේ නම් මේ පාරාදීසය ඔවුනට අකැපය. තහනම්ය. මේ SuperShe නිර්මාතෘ ක්‍රිස්ටිනා රොත්(Kristina Roth) කලක් තිස්සේ දුටු සිහිනයක ප්‍රතිපලයයි.
ඒරිස් යුද්ධයට අධිපති දෙවියන්ය. ඔහු හාර්මෝනියා නම් අප්සරාව හා සහවාසයෙන් බිහි වූවෝ ඇමසෝනියානු කාන්තාවන්ය. ඔවුහු රණකාමිනියන්ය. සීයුස් මහා දෙවියන්ගේ පවා ඇල්ම බැල්මට පාත්‍ර වූ ඇමසෝනියානු කතුන් මිනිස් සංහතියේ අවසන් ගැලවුම් කාරිනියන් සේ සලකා මහා දෙවි ඔවුනට වෙනම දිවයිනක් මවා දුන්නේය. ඒ තෙමිස්කීරාවයි. ඇමසෝනියානු රැජිණ හිපොලීටා මැටියෙන් තනා පන පොවන ඩයනා නැතිනම් වොන්ඩර් වුමන් ගේ පාරදීසයයි. තෙමිස්කීරාව පිටස්තරයින්ට, විශේෂයෙන් පිරිමින්ට තහනම්ය. මේ අප අසා ඇති ග්‍රීක දේව පුරාණය හා මුසු වුණු ප්‍රබන්ධ කතා කරුවන් මැවූ කතාන්දරයයි. ඒ ප්‍රබන්ධ තෙමිස්කීරාව සැබවින් තිබේ නම්…
මේ SuperShe දිවයිනයි. නූතන වොන්ඩර් වුමන් ලාගේ පාරදීසයයි.ඇත්තෙන්ම මේ SuperShe දූපත කුමක් ද? එය ඔබ, මම වැනි කාන්තා පරපුර වෙනුවෙන්ම ගොඩ නැගුවකි. පුරුෂ ලිංගයක් වේ නම් මේ පාරාදීසය ඔවුනට අකැපය. තහනම්ය. මේ SuperShe නිර්මාතෘ ක්‍රිස්ටිනා රොත්(Kristina Roth) කලක් තිස්සේ දුටු සිහිනයක ප්‍රතිපලයයි.
SuperShe එක්තරා ආකාරයක සංගමයක්. විශේෂය මෙය කාන්තා සංගමයක් වීම. සෞඛ්‍ය සම්පන්නව වගේම සතුටින් ජීවත් වන අයුරු කාන්තා පරපුරට කියාදෙන විවිධ වැඩසටහන් සංවිධානය කරන වගේම බ්ලොග්කරණයේ යෙදෙන කාන්තාවන්ගේ එකතුවක්. මෙම SuperShe සංකල්පයේ නිර්මාතෘ ෆින්ලන්තයේ හෙලන්ස්කි හි වෙසෙන ක්‍රිස්ටිනා රොත්. ඇය ජාත්‍යන්තර මට්ටමින් නමක් ගොඩනගා ගත් ව්‍යවසායිකාවක්. යුරෝපයේ කාන්තාව සාපේක්ෂව මේ ශ්‍රී ලාංකික කාන්තා අපට වඩා සෑහෙන කාර්යබහුල වගේම සෑම අතකින්ම සමාජය තුල විවිධ අත්දැකීම් රැසක් ලබන පිරිසක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔවුන් සෑහෙන මට්ටමක නිදහසක් ඇති පිරිසක්..(වෘත්තීය ජීවිතයෙන් වේවා..සම්බන්ධකම් අතින් වේවා…මත්පැන්/මත්ද්‍රව්‍ය වැනි හොඳ සහ නරක අත්දැකීම් සියල්ලකින්ම වාගේ…) තාක්ෂණික දැනුම අතින්ද අපට වඩා භාවිතය වැඩි මේ පිරිස් Social Media, Dating Sites ආදිය සෑහෙන මට්ටමකින් පරිශීලනය කරන අය. මේ සියල්ලෙන් හෙම්බත්ව නිස්කලංක ජීවිතයක් සොයන්නට මේ අතරින් පිරිසක් පෙළඹෙනවා. SuperShe ඒ අය වෙනුවෙන්. දෛනික ඒකාකාරී ජීවන රටාවෙන් මිදිලා, සම්බන්ධකම්වලින් මොහොතකට ඈත්වෙලා ජීවිතයේ වෙනම පැත්තක් දකින්නට SuperShe උදව් වෙනවා. කාන්තාවන්ට නොයෙක් ශාරීරික මෙන්ම ආධ්‍යාත්මික වැඩසටහන් වගේම, සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍යදායි ආහාර රටාවක් ගැනත් දැනගන්න හොඳ තැනක්. ඇමසෝනියානු කතුන්ගේ තෙමිස්කීරාව වගේ කාන්තා අපට පමණක් එකතුවෙලා කාලය ගත කරන්නට තිබෙන තැනක්.
බෝල්ටික් මුහුදේ ෆින්ලන්ත වෙරළ ආසන්න අක්කර 8.4ක දිවයිනක් ක්‍රිස්ටිනා රොත් මිලට ගත්තේ කලෙක සිට ඈ දුටු හීනයක් යතාර්ථයක් කරන්නට. ඈ මුහුණු පොතේ මගේ මිතුරියක්. අතිශය කාර්ය බහුල වුණත් වචනයක සටහනක් හෝ Zest Girls වෙනුවෙන් වෙන් කරන්නට ඇය කාරුණික වුණා. මා සර්ව සම්පූර්ණ හීනයක් දුටුවා. මගේ ලෝකය තුල මම ඒ තැන සොයන්නට උත්සහ කළත් මට එය හමුවුණේ නැහැ. ඉතින් මා ඒ හීන ලෝකය ගොඩ නැගුවා. SuperShe Island මා දුටු සර්ව සම්පූර්ණ හීනයයි(SuperShe Island is a utopian dream). මේ ඇගේ වදන්(හැකි ඉක්මනින් ක්‍රිස්ටිනා සමග සම්මුඛ සාකච්ඡාවක් ඔබ වෙත ගෙන එන්නට අප බලාපොරොත්තු වනවා.)
ඉහල පහසුකම්වලින් පරිපූර්ණ සැබවින් ම ජීවත්වනවා යන හැගීම ඔබ තුල ඇති කරන කැබින් සමූහයකින් වගේම spa, sauna පහසුකම්, විවිධ ක්‍රීඩා, ක්‍රියාකාරකම්, යෝග වැඩසටහන් ඔබට මේ දූපත තුලදී දකින්නට, අත්විඳින්නට පුළුවන්. නිර්මාංශ, පෝෂණ ගුණයෙන් ඉහල ආහාර පාන පමණක් රස විඳින්නට පුළුවන්. නිරුවතින් වෙරළේ වැතිර සුව විඳින්නට, පිහිනන්නට වගේම Nude Yoga වැනි දෑ අත්විඳින්නට ඔබට හැකියි.
SuperShe official website : www.supershe.com / Instagram : Click Here
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…