Be Positive

දුක් කරදර හීලෑ කර ගනිමු

දුක සමගම බැඳුනු අපේ ජීවිතවලින් දුක දමනය කර තරමක් හෝ අතේ දුරින් තබා ගන්නේ කෙසේද?

සැප-දුක අටලෝ දහමට යටවූ අපේ ජීවිතවලට උරුම වූ දේවල්. හැමවිටම කැමැත්තෙන් වැළඳ ගන්නට සිතනා සැපට වඩා නිරන්තරයෙන් අප සොයා එන්නේ දුක. දුක් කම්කටොලුවලින් ඉවතට පලා යන්නට අපට හැකියාවක් නැහැ. දුක සමගම බැඳුනු අපේ ජීවිතවලින් දුක දමනය කර තරමක් හෝ අතේ දුරින් තබා ගන්නේ කෙසේද?

දුක දොම්නස(Distress) නිර්වචනය කරගනිමු

Credits : www.freepik.com

දුක හිත මිතුරෙකු, ළබැඳියෙකු වූ ජීවිත ගතකරන අපි නිතර දිව මතුරක් සේ භාවිත කරන පද කීපයක් ලෙස කරදරය/කනස්සල්ල(Worry), ආතතිය(Stress) සහ කාංසාව(Anxiety) දැක්විය හැකියි. නමුත් මේවායේ සැබෑ අරුත් එකිනෙකට වෙනස්. ඒ එකිනෙකට අනන්‍ය වූ ගති ලක්ෂණ දකින්න පුළුවන්. නිසි අරුත් දැක්වීමකින් අපගේ ජීවිතවලට පීඩා කරන්නේ මින් කවරක්දැයි හඳුනාගන්නට අපට හැකියි. “The Worry Workbook” කෘතියේ සම කර්තෘ වන මනෝ විද්‍යාඥ Kristin Buhr මේ පද එකිනෙකෙහි වෙනස දැක්වුයේ මෙලෙසින්.

කරදරය/ කනස්සල්ල (Worry) – කනස්සල්ල යනු ජීවිතයේ අවිනිශ්චිත භාවය නිසාවෙන් ඔබ තුල ඇති වන්නා වූ ඍණාත්මක සිතුවිල්ලක්. අනාගතයේ සිදුවන තවම අප නොදන්නා සිදුවීමක් හෝ සිදුවීම් මාලාවක් ඍණාත්මක ලෙස අපේ ජීවිතවලට පැමිණේ යැයි කරන්නාවූ උපකල්පනයන් නිසාවෙන් හෝ අතීත සිදුවීම්වල ප්‍රතිපල අමිහිරි වීම නිසාවෙන් හෝ අපට කනස්සල්ල ඇතිවන්නට පුළුවන්.

ආතතිය(Stress) – ආතතිය යනු ඔබ මත ඇති වන්නා වූ පීඩන නිසාවෙන් ඔබ දක්වන්නා වූ ප්‍රතිචාරයයි. ජීවිතය ඔබ සතු කුඩා, සීමිත කාලය හෝ ඔබේ ශක්තිය හෝ නැතිනම් ඔබේ පෞද්ගලික සම්පත්වලින් වැඩි කොටසක් ඉල්ලමින් කේවල් කරන විට, අභියෝග කරන විට මේ හැඟුම සිහින්ව පැතිරී යන්නට පුළුවන්. නැතිනම් ඔබ යටපත් කරගෙන ගිලගන්නට වුවද පුළුවන්. කරදර කනස්සලු සිතුවිලි නම් ආතතිය හැඟීමක් ලෙස හඳුන්වන්නට හැකියි.

කාංසාව(Anxiety) – ඔබ කරා එන තර්ජනයන් ඔබට දැනෙන විට, හැඟෙන විට ඒ නිසාවෙන් ඔබ තුලින් නිර්මාණය වන චෛතසිකමය සහ මනෝමය ප්‍රතිචාරය ලෙස කාංසාව හඳුන්වන්නට පුළුවන්. එය ඔබ ශරීරය තුල ඇති දුම් අනාවරකයක්(smoke detector) ලෙස ක්‍රියාකරනවා. අනතුරක සේයාව දැනුනු විට වඩා ක්‍රියාකාරී අයුරින් ඒ හා ගනුදෙනු කිරීමට ඔබට සංඥා කරනවා.ඔබේ සිත තුල කනස්සලු බව පහල වන විට එය සිත තුල පමණක් රැඳෙන විට, කාංසාව භෞතිකව ශරීරය තුල බලපෑම් ඇති කරන්නට පුළුවන්. උදාහරණයක් ලෙස ඔබේ හෘද ස්පන්දන වේගය වැඩි වීම දක්වන්නට පුළුවන්. කෙසේවෙතත්, “එසේ වුවහොත් කුමක් වේද?” යන සිතුවිලි සමුදාය සැබෑ තර්ජනයක් ලෙස ඔබේ මනස වටහා ගත් විටෙක ඇතිවන කනස්සලු සිතුවිල්ල කාංසාව වැඩි කරන උත්ප්‍රේරකයක් සේ ක්‍රියා කරන්නට වුවද හැකියි.

කනස්සල්ල, ආතතිය සහ කාංසාව අප ඕනෑම කෙනෙකුගේ ජීවිතවල දකින්නට හැකි පොදු කරුණු. එහි විශේෂත්වයක් නැහැ. නමුත් දැඩි හා නිරන්තර කාංසාව ඔබේ ජීවිතයට විශාල ගැටළුවක් වන්නට පුළුවන්. නිදසුනක් ලෙස රාත්‍රියට නින්ද නොයෑමේ ගැටළු පවතී නම් හෝ, හුරුපුරුදු දෛනික කටයුතු පැහැර හැරෙන ගැටළු ඇත්නම් ඔබට කාංසාව අබාධයක් ලෙස බලපෑ ඇති බවට සලකුණක් වන්නට පුළුවන්. අධික කාංසාව විශේෂ දෙයකට ඇති බිය නිසාවෙන් ඇතිවන්නක් විය හැකිය. උදාහරණයක් ලෙස විශාල පිරිසක් ඉදිරියේ ගැවසීමට සිදුවීමෙන් ඇතිවන සමාජ කාංසාව(Social Anxiety) හෝ මුහුණ දුන් සිදුවීම් මාලාවක් නිසාවෙන් ඇතිවන්නක් වන්නට පුළුවන(Generalised Anxiety Disorder).

සෑම අඳුරු වලාවකම රිදී ඉරක් දැකිය හැක්කා මෙන් කනස්සලු වීම අතෙකින් වාසියක් වන්නට ද හැකිය.

01) එය ඔබ ආරක්ෂා කරයි – “අනතුරක්, විපතක් පැමිණේ යැයි ඔබ තුල කිසිඳු අවධානයක් හෝ සැලකිලිමත් බවක් නොවන්නේ නම් ඔබ කිසිම අයුරකින් ඒ වෙනුවෙන් පෙර සූදානමක් ඇතිව සිටින්නේ නැහැ.” Buhr පවසන්නේ එලෙසින්. ඔබ මුහුණ පාන ගැටළු නිසාවෙන් ඇතිවිය හැකි කනස්සලු ස්වභාවය පිලිබඳ සිතුවිල්ල ඔබට පෙර සූදානමකට මග සලසයි.

02) එය ඔබ අභිප්‍රේරණය කරයි(පොළඹවයි) – යම් අයුරකින් ඔබට සබාවක් මැද යම් කතාවක් පැවැත්වීමට ඇතැයි සිතන්න. නැතිනම් නිවාස නඩත්තු කටයුත්තකට මැදි වන්නට ඇතැයි සිතන්න. සිදුවන වරදක් නිසාවෙන් ලැබෙන ප්‍රතිපලත්. ඒ නිසාවෙන් ඇතිවන කනස්සලු කරදර ස්වභාවය ගැන ඔබට අවබෝධයක් ඇති. ඒ කනස්සලු ගතිය පිලිබඳ අත්දැකීම, සිතිවිල්ල ඔබ පූර්ව සූදානමකට කෙරෙන අභිප්‍රේරණයක්.

03) එය ගැටළුව විසඳීමට අනුබල දෙයි – 2006දී ප්‍රකාශයට පත් කළ Anxiety, Stress & Coping ජර්නලයේ දක්වා තිබූ ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සහභාගී වූ අධ්‍යයනයකට අනුව හඳුනාගත් වැදගත් කරුණක් විය. එනම් බොහෝ විට ඔවුන් ගැටළු නිසාවෙන් පිඩා විඳිමින් කනස්සලෙන් සිටී නම් ගැටලුවට පිළිතුරු සෙවීමට පෙළඹෙන වගයි. කනස්සල්ල ඔබ ජීවිතයෙන් දුරු කිරීමට උත්සහ ගන්නා සිතුවිල්ලක් බව සැබෑය. නමුත් ඒ නිසාවෙන්ම එය වඩා ඵලදායී ලෙස ඔබ ගැටලුවකින් විසඳුමකට ගෙනයාමට පොළඹවයි.

බල්ලොත් නොකන සල්ලි අංක එකේ පොදු කනස්සලයි. 🙁

Credits : www.freepik.com

අවිවාදයකින් තොරවම අපගේ අපේ ලොකුම කනස්සලට, කරදරවලට මුල වී ඇත්තේ මුදල්(බුදු රජාණන් වහන්සේ මුදල් පොදියක් පෙන්වා ආනන්ද තෙරුන් වහන්සේගෙන් “ආනන්ද, සර්පයා දුටුවෙහිද?” කියා ඇසුවේ මේ නිසාවෙන් නොවේද?)
ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ සමීක්ෂණයන්ට අනුව ලොව පුරාම ගෘහස්ත කටයුතු සම්බන්දයෙන් ගොඩ ගැසී ඇති ණය කන්දරාව ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 44 ඉක්මවා තිබෙනවා. පුද්ගලයින් තුල ඇති ආතතියෙන් වැඩි කොටසකට, ආසන්නව මුළු ආතතියෙන් අඩකට වඩා හේතු වී තිබෙන්නේ මුදල් නිසාවෙන් ඇතිවන්නා වූ ගැටළු බව 2015දී ආතතිය සහ යහපැවැත්ම සම්බන්දයෙන් ඕස්ට්‍රේලියානු මනෝ විද්‍යා සංගමය දී සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය කර ගෙන තිබෙනවා.

දෙවැනි කොටස ළඟදීම…

**Asia Reader’s Digest හි පළවුණු Jill Buchnerගේ Taming the ‘What Ifs’ ලිපිය ඇසුරෙනි.

People photo created by freepik – www.freepik.com

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago