ගොනු පසු පස අතහැර නොයනා රිය සක මෙන් අප පසු පස අත නොහැර බොහෝ විට එන්නේ දුක්-දොම්නස්මය. දුක් කරදරවලට සාප කරමින් සිටිනවාට වඩා ඒවා පාලනය කරගෙන, ඒවා සමගම ජීවත්වීමට පුරුදු වීමත් මහා හපන්කමක්. මේ ඒ ගැන සටහන් පෙළක තුන් වැන්නයි.
ගොනු පසු පස අතහැර නොයනා රිය සක මෙන් අප පසු පස අත නොහැර බොහෝ විට එන්නේ දුක්-දොම්නස්මය. දුක් කරදරවලට සාප කරමින් සිටිනවාට වඩා ඒවා පාලනය කරගෙන, ඒවා සමගම ජීවත්වීමට පුරුදු වීමත් මහා හපන්කමක්. මේ ඒ ගැන සටහන් පෙළක තුන් වැන්නයි.
ඕනෑම කෙනෙකුට, ඕනෑම දෙයක් දරා ගන්නට හැකි සීමාවක් තිබෙනවා. දුක්-කම්කටොළු පවා එසේමයි. සීමාව ඉක්මවා ගිය විට දරා ගන්නට අපහසුයි. මේ එවැනි අවස්ථාවක සීමා ඉක්මවා ගොස් ඔබේ ධෛර්යය පහලටම වැටුණු විටෙක ඉන් මිදීමට කළ හැකි අභ්‍යාසයක්. Box Breathing ලෙස හඳුන්වන මෙම ශ්වසන අභ්‍යාසය ඔබේ මනස සන්සුන් කර සිතුවිලි පාලනය කර ගැනීමට උදව් වනවා.(බෞද්ධ ඉගැන්වීම් හුරු පුරුදු අප බහුතරයකට නම් මෙය අලුත් දෙයක් නොවේ. කුඩා කල පටන් අප උගෙන, පුරුදු පුහුණු කර ඇති ආනාපාන සති භාවනාව ලෙස හඳුන්වන්නේ මෙයයි) හොඳ සිහිය පිහිටුවා ගෙන හතරට ගණන් කරමින් ආශ්වාස කරන්න. තත්පර 04ක් හුස්ම රඳවා තබාගන්න. හතරට ගණන් කරමින්(සිතින්) හුස්ම පිටකරන්න. තත්පර 04ක් සිටින්න. නැවත පෙර පරිදි අභ්‍යාසය කරන්න. අවම මිනිත්තු 2ක්වත් මෙම අභ්‍යාසයේ නිරතවන්න. හැකිනම් වැඩි වෙලාවක් වුණත් කමක් නැත. ඔබේ සිත සන්සුන්වී සිතුවිලි පාලනය වන අයුරක් දැනේවි.
“සමහර ගැටළු සම්පූර්ණයෙන්ම පාහේ අපව ග්‍රහණයට ගැනීමට සමත් වෙයි. ඒවා අප සිතුවිලි හා බැඳී නින්දට පවා බාධා කරමින් රැඳී සිටින්නට සමත් වෙයි. නිදි ලොවට පිවිසුනද සමහර විටෙක සිහින ලෝකය පවා ආක්‍රමණය කරමින් ඒ තුලට පිවිසෙන්නට මේ කරදර දොම්නස් සිතුවිලි සමත්වන අවස්ථා නැතුවාම නොවේ. මේ කනස්සලු සිහින ගැන ඇත්තෙන්ම අප කනස්සලු විය යුතුම නොවේ. ඒ සිහින අපට කනස්සලෙන් මිදීමට ඉඟි දක්වමින් මනෝ භාවයෙන් රූප දක්වන අවස්ථා ඇත.” මේ සිහින පිලිබඳ විශේෂඥ මනෝ චිකිත්සකවරියක වන උර්සුලා කාර්සන්ගේ අදහසයි.
ඇය පවසන පරිදි සිහින තුලින් යටි සිත මතු කරන මනෝ භාවයන් උත්සහ කරන්නේ අපට පීඩා කරමින් අප හා නිරන්තරව ගැටෙන දේවලින් ඈත්වන්නට හා යම් විවේකයක් ලබන්නට පෙළඹවීමකි.බොහෝ පොදු සිහින ලෙස දත් වැටීම, නැතිනම් දුම්රියට පමා වීම හෝ අසම්පූර්ණව සැරසී වැදගත් හමුවන් සඳහා පිටත් වීම දක්වන්නට හැකියි. සමහර සිහිනයක් තුලින් අප පියඹා යාමට, ඉහල යාමට උත්සාහ කරනු දකින්නට හැකියි. ඒ ඔබ යම් විශාල පීඩාවකට පත්ව සිටින විටෙක, නැතිනම් අතිශය කටුක යතාර්ථයකට මුහුණ දෙමින් ඉන් මිදීමට යත්න දරන විටෙක ඒ බවට පළවන ඉඟියකි.කාර්සන් පවසන්නේ, නිතර ඔබට කනස්සලු සහගත සිහින මාලාවක් පෙනේ නම්, එය ඔබ මුහුණ දෙන යම් ගැටලුවක මෙතෙක් ඔබ නොදුටු විසඳුමකට යොමු කරවන්නක් බවයි. එබැවින් කන්සල්ලු, බියජනක සිහින වෙස් වලාගෙන එන විසඳුමක් වන්නට ද හැකිය.
01) සතියකට සැලකිය යුතු කාලයක් ව්‍යායාම වෙනුවෙන් වෙන්කරන්න.
02) සමබල ආහාර වේලක් ගන්න
03) කැෆේන් සහ මත්පැන් භාවිතය පාලනය කරන්න. අඩු කරන්න.
04) පරිගණකයේ, ජංගම දුරකතනයේ, සමාජ ජාල වෙබ් අඩවිවල රැඳෙන කාලය පාලනය කරන්න.
05) පැය 7-9 අතර රාත්‍රී නින්දක් ලබන්න.
06) ආතතිය අඩු කරන පුරුදු ඇති කරගන්න(යෝගා අභ්‍යාස, භාවනා, කඳු නැගීම, පිහිනීම, සංචාරය)
**Asia Reader’s Digest හි පළවුණු Jill Buchnerගේ Taming the ‘What Ifs’ ලිපිය ඇසුරෙනි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…