ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා/ගීත රචිකා Taylor Swift මෙවර Forbes සඟරාවේ ශ්‍රේණි ගත කිරීම්වලට අනුව 2019 වසරේ වැඩිම ආදායමක් ඉපයූ ජනප්‍රිය තරු(The World’s Highest-Paid Entertainers 2019) අතර පළමු තැනට පැමිණ තිබෙනවා.ඇය Forbes ධනවත් තරු ලැයිස්තුවේ පළමු තැනට පැමිණ ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 185ක් උපයා ගනිමින්.

Credit: Taylor Swift

තවමත් 29 වන වියේ පසුවන Taylor Alison Swift සංගීත ලෝකයට පා තබන්නේ country music ශෛලියේ ගායිකාවක ලෙසයි. 2006දී “Taylor Swift” නමින් නිකුත් කළ ඇගේ පළමු ගීත ඇල්බමයම ඇමෙරිකා එක්සත් ජනපදය තුල වැඩිම කලක් ගීත දර්ශකවල රැඳුනු ඇල්බමය වුණා.දෙවන ඇල්බමය 2008 “Fearless” නම් වුණා. එය 2009 වසරේ ඇමෙරිකාව තුල ඉහලම අලෙවියක් ඇති ගීත ඇල්බමය ලෙස වාර්තා වුණු අතර හොඳම ගීත ඇල්බමයද ඇතුළුව ග්‍රැමී සම්මාන හතරක් දිනා ගැනීමට සමත් වුණා. 2010දී තෙවන ඇල්බමය වූ “Speak Now” US ගීත දර්ශකවල පළමු තැනට පැමිණි අතර එහි වූ “Mean” ගීතය ග්‍රැමී සම්මාන දෙකක් දිනා ගනු ලැබුවා. මින් පසු පිලිවෙලින් Red(2012), 1989(2014) සහ Reputation(2017) ඈ විසින් නිකුත් කළ ගීත ඇල්බම.”Reputation” නිකුත් කොට පළමු සතිය තුලදී ඇමෙරිකාව තුල පමණක් පිටපත් මිලියන 1.216 අලෙවි වෙමින් 2017 වසරේ වැඩිම අලෙවියක් ඇති ගීත ඇල්බමය(ඇමෙරිකාව තුල) බවට පත් වුණා. 2019 අගෝස්තු නිකුත් වීමට නියමිත “Lover” ඇගේ හත්වන ගීත ඇල්බමය වන අතර එය ඇය විසින් අලුතින්ම ආරම්භ කළ Republic Records සංගීත ලේබලය යටතේ නිකුත් වනු ඇති. Reputation Stadium Tour ඇයට ඉහල ආදායමක් ලබා දීමට සමත්වී තිබෙනවා.

Credit: Taylor Swift

Forbes ධනවතුන් ලැයිස්තුවේ ඉහලින්ම වැජඹුණු කයිලි ජෙනර්, ටයිලර් ස්විෆ්ට් නිසාවෙන් මෙවර දෙවන තැනට පත්ව තිබෙනවා. තුන්වන ස්ථානයේ පසුවන්නේ කිම් කාර්ඩිශියන්ගේ සැමියා වන, ජනප්‍රිය රැප් ගායක කානියා වෙස්ට්. සංගීත ලෝකයේ ඉහලින්ම සිටින මැඩෝනා, බියෝන්සේ, රිහානා වැනි ගායිකාවන් පවා අභිබවා ටයිලර් ස්විෆ්ට් පෙරට පැමිණීම විශේෂයක්.

Photo Credit: Getty Images