2019 වසරේ මුල් කාර්තුවේ සිංහල සිනමා කතා ගොන්නට එක්වූ නිර්මාණයක් ලෙස පාලිත පෙරේරා අධ්‍යක්ෂණය කළ "තාල" චිත්‍රපටය අපට මුණ ගැසෙනවා. සිරස චිත්‍රපට MEntertainment වෙනුවෙන් නලීන් පෙරේරා නිෂ්පාදනය කළ "තාල" තිර රචනය නදී කම්මැල්ලවීර ගෙනි.
2019 වසරේ මුල් කාර්තුවේ සිංහල සිනමා කතා ගොන්නට එක්වූ නිර්මාණයක් ලෙස පාලිත පෙරේරා අධ්‍යක්ෂණය කළ “තාල” චිත්‍රපටය අපට මුණ ගැසෙනවා. සිරස චිත්‍රපට MEntertainment වෙනුවෙන් නලීන් පෙරේරා නිෂ්පාදනය කළ “තාල” තිර රචනය නදී කම්මැල්ලවීර ගෙනි. හේමාල් රණසිංහ සහ කළණි දොඩන්තැන්න ප්‍රධාන චරිත රඟපාන අතර සෙසු චරිත ජයලත් මනෝරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, ගිරිරාජ් කෞශල්‍ය, විල්සන් ගුණරත්න සහ චමිලා පීරිස්ගෙනි.
දුර බැහැර දුෂ්කර පාසලකට අලුතෙන් පත්ව යන තරුණ උපාධිදාරී ගුරුවරයෙකු වන අසේල දන්තුරෙබණ්ඩාර සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමවේදයෙන් බැහැරව සිතන්නෙකි. සාම්ප්‍රදායික හණමිටි රටාවේ ගුරුවරුන් හා ගැටෙන අසේලගේ සිතු පැතුම් ද, එහිදී ඔහු මුහුණ පාන දකුණු ආසියානුවන්ට අනන්‍ය වූ ප්‍රතිවාදී තර්ජනද හමුවේ ගලා යන “තාල”හි තාලය වෙනස් වන්නේ අලුතෙන් පත්ව එන සුරූපී තරුණ ගුරුවරියක නිසාවෙනි. මේ සිදුවීම් ඔස්සේ ගමේ පුංචි පැටවුන්ගේ තාලය කෙසේ වෙනස් වේද? ඔබත් “තාල” නරඹා තාලය වටහා ගන්න.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…