එදා ගත්ත ඡායාරූප රබර් පටි වලින් ඔතපු නත්තල් හැම් එකක් වගේ සිහි ගැන්නුවත් ඔහුට අපූරු සිතුවිල්ලක් පහල කළා. .ඒ අද ඔබ මම දකින The Blacktape Project.
සිත්තරු තම සිතේ මෝදු වන කලා සිතුවිලි අංකුරවලට පන පොවන්නට විවිධ මාධ්‍ය තෝරා ගනිති. කෙනක් ගොරහැඩි කළුගල් මටසිලිටි නිර්මාණ බවට හරවන විට, තවෙකෙක් කැන්වසය මත දිය සායමින් හෝ තෙල් සායමින් හෝ කොලාජයෙන් නිර්මාණ කරති. තවත් කෙනෙකු කිරිගරුඬ, මැටි, බිත්ති, තාප්ප, වෙරළේ වැල්ල, ගස් කඳන් එසේත් නැතිනම් Body Paintingවලදී මිනිස් ශරීරය කැන්වසයක් කර ගනිමින් අපූරු නිර්මාණ කරනු අපට අනන්තවත් හමුවේ. පංචිකාවත්තේ අපට හමුවන spare parts අශ්වයාද අමුතුම කලා සිතුවිල්ලක ප්‍රතිපලයකි. අහඹු සිදුවීමක් අන්තිමේ නතර වූයේ ලෝකයේම අවධානයට ලක්වුණු අමුතු කලාවක් වීමෙනි. මේ ඒ cello tape එකේ body art එකේ කතාන්දරයයි.
2008දී Joel Alvarez අංකුර ඡායාරූප ශිල්පියෙක්. Model Shoots, fashion photography එක්ක ලොකු ගමනක් යන එක Joelගේ හීනයක් වෙලා තිබුණු කාලෙක දිනක් අහම්බෙන් වගේ නිරූපිකවකගේ ඡායාරූප කීපයක් ගන්න විදුලි රැහැන් ආවරණයට ගන්න කළු electrical tape එකක් යොදාගන්න වුණේ ඇගේ විලිවසන ඇඳුම වෙනුවට. එදා ගත්ත ඡායාරූප රබර් පටි වලින් ඔතපු නත්තල් හැම් එකක් වගේ(ජොයෙල් ගේ වචනවලින්ම කිව්වොත්) සිහි ගැන්නුවත් ඔහුට අපූරු සිතුවිල්ලක් පහල කළා. .ඒ අද ඔබ මම දකින The Blacktape Project. මේ එක්තරා ආකාරයක Body Art එකක්. ඇඳුම් නැතිනම් බිකිනි විලාසිතාවක් කියලා හඳුන්වන්න පුළුවන්. අද වන විට ලෝකයේ ප්‍රධාන විලාසිතා උළෙල නියෝජනය කළ, ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍යවල අවධානයට ලක්වුණු ව්‍යාපෘතියක් වෙලා. සමහර ගීත වීඩියෝ රචනාවලට පවා මේ The Blacktape Project නිරූපිකාවන් යොදාගෙන තිබෙනවා. මුල් කාලයේ මේ නිර්මාණවලට යොදා ගැනුණේ වයර් ආවරණයට ගන්නා කළු පැහැ electrical tape නිසා මීට The Blacktape Project නම ලැබුණා. අදවන විට රන් පැහැ, රිදී පැහැ වගේම විවිධ වර්ණ යොදාගත් නිර්මාණ දකින්න පුළුවන්.
නිර්මාණ සිතුවිල්ලක් පහල වුණු වෙලාවකට ජොයෙල් ට උවමනා කරන්නේ දේවල් කීපයක් විතරයි. Cello Tape ගොන්නක් සහ කතුරක්. ඒ වගේම සුරූපී, සරාගී නිරූපිකාවක්, හැබැයි ඇඟේ නූල් පොටක්වත් නැතිව නිරුවතින්. පුංචි පුංචි tape කැබලිවලින් ජොයෙල් නිරූපිකවගේ ශරීරය හද කරන්න ගන්නවා. නිර්මාණය අවසන් වුණාම නිරූපිකාව ටේප් කැබලි හැරුණු විට ඉන්නේ නිරුවතින් කියලා නොසිතෙන තරම් අපූරු බිකිනි නිර්මාණ, විලාසිතා දකින්නට පුළුවන්. ලෝකයේ රටවල් ගණනාවක මේ වන විට සංදර්ශනයන් පවත්වා තිබෙනවා.
නිල වෙබ් අඩවිය : www.blacktapeproject.com
නිල Facebook පිටුව : www.facebook.com/TheBlackTapeProject
Instagram : www.instagram.com/blacktapeproject
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…