අලුත බැන්ද මනාලියක් කියන්නේ ගෙදරට ශ්‍රියා කාන්තාවක්. ඇයට සීදේවි කියන්නේ මගුල්දාට මුහුණේ ගාලා තියන වත්සුණු නිසාම නොවේ. මනාලියක් පතිනියක් විදියට ගෙදරට වාසනාවක්. ඒ වාසනාව පලාගොස් ඒ සීදේවියම මූදේවියක් වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. එහෙම වෙන්නේ අලුත බැන්ද මනමාලිට දරු ඵල නැතිවෙනකොට.
අලුත බැන්ද මනාලියක් කියන්නේ ගෙදරට ශ්‍රියා කාන්තාවක්. ඇයට සීදේවි කියන්නේ මගුල්දාට මුහුණේ ගාලා තියන වත්සුණු නිසාම නොවේ. මනාලියක් පතිනියක් විදියට ගෙදරට වාසනාවක්. ඒ වාසනාව පලාගොස් ඒ සීදේවියම මූදේවියක් වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. එහෙම වෙන්නේ අලුත බැන්ද මනමාලිට දරු ඵල නැතිවෙනකොට. දරුවන් ලැබෙන්නේ කල් ගත වෙනකොට. “සීදේවි” කිව්වා කටින්ම “වඳ ගෑණි” කියන්න වැඩි දවසක් යන්නේ නැහැ. අන්තිමේ මේ ප්‍රශ්න දික්කසාදයක් දක්වා දුර දිග යන්න පුළුවන්.
විවාහ වූ දෙදෙනෙකුට කායික සම්බන්ධතා පවත්වා අවුරුද්දක් පමණ තෙක් දරුවන් පිළිසිඳ ගැනීම බලාපොරොත්තු තබාගන්නට පුළුවන්. ඒ කාලය වසරකට වැඩි වෙන්නත් පුළුවන්. ඒත් ඒ කාල සීමාව පසුකරලා තවමත් දරුවන් නැතිනම් කළ යුතු හොඳම දේ වන්නේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු මුණ ගැසීම. වයස අවුරුදු 40ට ආසන්න නම්, බිරිඳගේ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් කායික සම්බන්දතාවලින් මාස 6කට පසු වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්.
01 ) සැමියා හෝ බිරිඳ හෝ උපත් පාලන ක්‍රමයක් අනුගමනය කරයි නම් එය වහාම නතර කරන්න.
02) නියමිත ඔසප් චක්‍රය පවතින ස්ත්‍රියකට දින 28දී ඔසප් වීමෙන් පසු 14වන දිනයේදී ඩිම්බ පිටවෙනවා. ඒ නිසා ඊට දින දෙකකට පෙර හා දින දෙකකට පසු කායික සම්බන්ධතා පැවැත්වීමෙන් හොඳ ප්‍රතිපල ලබාගන්නට පුළුවන්. මෙය සරු කාලය ලෙස හඳුන්වනවා.
03) රුබෙල්ලා එන්නත විද ගැනීම දරු ඵල බලාපොරොත්තුවන සෑම කාන්තාවක විසින්ම කළ යුතු දෙයක්. (විවාහයට මාස 03කට පෙරවත් මෙම එන්නත ලබාගන්න.)
04) Folic Acid පෙති ලබාගන්නට පටන් ගන්න.
05) සමහරු අඹුසැමි ඇසුරේ උපරිම වින්දනය සඳහා විවිධ පෙති වර්ග, ආලේපන භාවිත කරනවා. එහි වරදක් නැහැ. නමුත් ගැබ් ගැනීම බලාපොරොත්තු වන කාලයේදී ඒවා භාවිතය නවතා ස්වභාවික ලෙස කායික ඇසුර පැවැත්වීම වැදගත්.
06) මේ ක්‍රම අනුගමනය කළද දරු ඵල නොමැතිනම් බිරිඳ සහ සැමියා යන දෙදෙනාම වෛද්‍ය උපදෙස් ලැබීම අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා.
01) වෘෂණ කෝෂයන් සෑදී නොතිබීම
02) වඳ සැත්කම් කර තිබීම
03) පුරුෂ ලිංගය ප්‍රාණවත් නොවීම
04) පුරස්ථි ග්‍රන්ථියේ ආසාදන තත්ත්වයන්
05) ශුක්‍ර නාලවල අවහිරතා
06) ශුක්‍රානු නිපද නොවීම
01) ගර්භාෂයේ ඇතිවන රෝගී තත්ත්වයන්
02) ගැබ් ගෙලෙහි ඇතිවන රෝගී තත්ත්වයන්
03) පැලෝපීය නාලවල අවහිරතා
04) ඩිම්බකෝෂවල ගැටළු
මේ කුමන රෝගී තත්ත්වයක් වුවද ස්ථිර ලෙස හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාගත හැක්කේ වෛද්‍ය උපදෙස් නිසි පරිදි ලබා ගත්තොත් පමණි. මේ නිසා දරු ඵල නොමැති යයි සිතා දුක් නොවී වෛද්‍ය විද්‍යාව දියුණු මේ යුගයේ නිසි මග අනුගමනය කිරීමෙන් ඔබේ බලාපොරොත්තු සඵල කර ගන්නට හැකිය.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…