ලිංගික එකතුවකට මුල පිරීමේදී සම්මත සැලසුම් කියා නොමැති වුවත් අනුරාගික එකතුවක් දෙදෙනාගේම තෘප්තිමත් බවින් යුතු වීමට කුමන සැලසුමක් යටතේ වුවත් අන්තර්ගත වීම වැදගත් යැයි සිතෙන අංග කීපයක් වේ. ඒවා නම්,
ලිංගික එකතුවකට මුල පිරීමේදී සම්මත සැලසුම් කියා නොමැති වුවත් අනුරාගික එකතුවක් දෙදෙනාගේම තෘප්තිමත් බවින් යුතු වීමට කුමන සැලසුමක් යටතේ වුවත් අන්තර්ගත වීම වැදගත් යැයි සිතෙන අංග කීපයක් වේ. ඒවා නම්,
01) ශාරීරික මෙන්ම මානසික පිරිසිදුබව
02) අනෙකාගේ අවශ්‍යතාවය තේරුම් ගැනීම
03) ඇඳුම් පැළදුම්(අනුරාගික ආමන්ත්‍රණයකට ඇඳුම පැළඳුම වැදගත්. අද තරුණ පරපුර මෙවැනි දේ ගැන උනන්දුවක් ඇති අතර, මෙරට තුල මෙවැනි දා අද සාමාන්‍යකරණය වී තිබෙනවා. ලැබිය හැකි අහිංසක ආස්වාදයක් වන මෙහි කිසිදු සදාචාරාත්මක ඝට්ටනයක් නැහැ)
04) ආදරණිය මෙන්ම සරාගී විය යුතු ආමන්ත්‍රණය
ඉහත කරුණු ගැන ඔබ දැනුවත් නම්, අවධානය යොමු කරන්නේ නම් පටන්ගැන්ම කොතැන ද? අවසානය කොතැන ද?කියන දෙය ඔබට අයිති, ඔබ තීරණය කළ යුතු දෙයක්. ලිංගික එකතුවකට සම්මත ක්‍රමයක්, සම්මත සැලසුම්, සම්මත වේලාවක් කියා දෙයක් නැහැ. දෙදෙනාගේ සතුට, අවශ්‍යතාවය(මානසික හා ශාරීරික) ඇති ඕනෑම විටෙක, ගැලපෙන තැනකදී ලිංගික එකතුව සිදු විය හැකියි.
බොහෝ විට ලිංගික එකතුවක් දකින්නට ලැබෙන්නේ යම් බැඳීමක්, ආදරයක් ගොඩ නැගී ඇති සහකරුවන් අතර. (හුදු ශාරීරික අවශ්‍යතාවය නිසාවෙන්ම මෙවැනි එක්වීම් සිදු නොවනවා නොවේ. නමුත් ශාරීරික සහ මානසික ලෙස බැඳුනු දෙදෙනෙකුගේ එකතුවක් නිසාවෙන් වන ඒකාත්මීයව ලබන රමණයේ වින්දනය මින් ලැබෙන්නේ නැහැ.)ඒ නිසා ලිංගික ක්‍රියාවලියක ආරම්භයේ සිප වැළඳ ගැනීම් සුලබ දෙයක්. එක අතකින් එය රමණයේ මැද, අග භාගයන් සාර්ථක වීමට හොඳ උත්තේජකයක්. සිප වැළඳ ගැනීමක්වත් නැතිව කාර්යයට ඉක්මන් වනවා නම් කතාවට කියන්නා වගේ “මෙලෝ රහක් නැති හදිසි කාරයින්”. පැරණි ඉන්දියානු කාම ශාස්ත්‍ර ග්‍රන්ථවල මෙවැනි සිප වැළඳ ගැනීම් විධි කීපයක් සඳහන් වනවා.
01) ලතා වෙෂ්ඪන ආලිංගනය – කෙලින් සිට ගත් කාන්තාව තමා වෙතට එන සහකරුගේ සිරුරේ වෙලී(ගසක වැලක් එතෙන්නාක් මෙන්) මුඛ චුම්බනය සඳහා හිස නමා ගැනීමයි.
02) වෘක්ෂධිරූඪ ආලිංගනය – කාන්තාව සිය සහකරුගේ පයක් පාගා ගෙන අනෙක් පයින් ඔහුගේ කලවය වෙලාගෙන එක අතකින් ඔහුගේ පිටද, අනෙක් අතින් උරහිසින්ද අල්වාගෙන ගසකට නගින ස්වරූපයෙන් ඔහු සිප ගැනීමයි.
03) තිල තණ්ඩුල(තල සහ සහල්) ආලිංගනය – අත් පා විහිදුවා වැතිරගෙන දෙදෙනාම ඒ මේ ඇත පෙරළෙමින් සිප වැළඳ ගැනීමයි.
04) ක්‍ෂිර නිර(කිරි සහ වතුර) ආලිංගනය – දෙදෙනා ඇඳක, කවිච්චියක හෝ අයෙකුගේ උකුලේ මුහුණට මුහුණ බලාගෙන වාඩි වී තදින් වැළඳගෙන සිප ගැනීමයි.
05) ලලාටික ආලිංගනය – දෙදෙනාම මුවට මුව, ඇසට ඇස, නළලට නළල තබා සිප වැළඳ ගැනීමයි.
මේ ආලිංගනයන්ගෙන් කීපයක් පමණයි. සමහර ආලිංගන රමණ ක්‍රියාවලියේ මැද භාගයට සුදුසු ඒවා වනවා. තවත් සමහරක් යෝග අභ්‍යාස පුහුණු කළ අයට පමණක් සුදුසු වනවා.(අතීත භාරතයේ සෑම කෙනෙක්ම පාහේ යෝග හදාරා තිබුණා. වාත්ස්‍යනයන්ගේ කාම සුත්‍රයේ පවා යෝග යනු කාන්තාවක පුහුණු කළ යුතු සූසැට කලාවන්ගෙන් එකක්)
***පොත පත ඇසුරෙනි /
Image by lounis production from Pixabay
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…